Temples of Sri Lanka

ධර්මශාලාහි තෙදිනක් පුරා පවත්වන්නට යෙදුණු මහා උපසම්පදා පුණ්‍යෝත්සවය

සැමදා බුදු දහමේ උන්නතිය උදෙසා ඇප කැපවී ක්‍රියා කරන 14 වැනි ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වන්නට යෙදුණු උපසම්පදා පුණ්‍යෝත්සවයක් පසුගිය සැප්තැම්බර් මස 25 වනදා සිට 27 වනදා දක්වා තෙදිනක් පුරාවට ඉන්දියාවේ ධර්මශාලාහි පිහිටි ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේගේ ආරාම පරිශ්‍රයෙහි පවත්වන්නට යෙදුණි.

මේ සඳහා තායිවානයේ සිට සාමණේර භික්ෂූන් වහන්සේලා රාශියක් සම්බන්ධ වූහ. උන්වහන්සේලා සැප්තැම්බර් 25 වනදා උපසම්පදා පුණ්‍යොත්සවය පැවති ශාලාවට වැඩම කළ අතර එහිදී ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේගේ අනුශාසනාවන්ට දිනය පුරා සවන් දුන්හ.

දෙවෙනි දින එනම් සැප්තැම්බර් 26 වැනි දින උන්වහන්සේලා හිස සම්පූර්ණයෙන්ම බූ ගා, අදාල ආගමික වතාවත් ඉටුකොට උපසම්පදාව ලැබූහ. අනතුරුව උන්වහන්සේලා සඳහා නව උපසම්පදා නාමයන් ශුද්ධෝත්තම 14 වන දලයි ලාමා වහන්සේ විසින් පිරිනමන ලදී.

අනතුරුව සැප්තැම්බර් මස 27 වැනි දින උන්වහන්සේලා සඳහා ආශිර්වාද කළ ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ විසින් උන්වහන්සේලාට සිහිවටන ද තිළිණ කළ සේක. එමෙන්ම මෙම උපසම්පදා පුණ්‍යෝත්සවයට ඇප කැප කැප වී සහය දුන් තායිවානයේ Bilss & Wisdom පදනමෙහි භාරකාර ස්වාමීන් වහන්සේට වහන්සේට ද ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ සුභාශිංසන එක් කළ සේක.

මෙලෙස ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ මඟ පෙන්වීමෙන් තෙදිනක් පුරාවට මෙම උපසම්පදා පුණ්‍යෝත්සවය ඉතා සාර්ථක ලෙස පැවැත්වුණි.

මෙවන් උත්තුංග කාර්යයන් සිදු කොට, විසිරී පවතින බෞද්ධ සම්ප්‍රදායන් අතර සමගිය වර්ධනය කර, මුළු මහත් ලෝකයටම ශාන්තිය උදා කරන්නට වෙහෙස දරන ශුද්ධෝත්තම 14වැනි දලයි ලාමා වහන්සේට තවත් චිරාත් කාලයකට මෙවන් කාර්යයන් සිදු කරන්නට ශක්තිය, දිරිය, වාසනාව උදා වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු!

dalailama.com

You might also like
en English
X
X