Temples of Sri Lanka

දෙව්ලොව නවතිමුද …

දෙව්ලොව

ප්‍රබල දානාදී පින්කම් කළ පුද්ගලයන් උපදින්නාවූ “දිව්‍ය ලෝක” මිනිස් ඇසින් දැකිය නොහැකි මිනිස් කයින් ස්පර්ශ කළ නොහැකි ධාතු වර්ගයකින් නිර්මිත ශෝභන විමානයනය.

මෙහි මරණ බිය පවා අමතක වන රමණීය උයන් පොකුණූ ආදියෙන් යුක්ත පරම සුන්දර ස්ථානයන් බොහොමයක්‍ ය.

දෙවියන් මව් කුසින් නොව සොළොස් වියැති තරුණ ස්වරූපයෙන් ඕපපාතිකව උපත ලබයි. ඔවුන්ගේ ජරාවක් නැත්තේය.ආයුෂද ඉතා දිගුය .

දෙවිවරුන් සෑම විටම නැටුම් ගැයුම් ආදියෙන් සිත් පිනවමින් වාසය කරයි.

බුද්ධ දේශනාවේ දෙව්ලොව සයක් ගැන සදහන් වන අතර ඒවා නම්….

  • චාතුර් මහා රාජිකය
  • තව්තිසාව
  • යාමය
  • තුසිතය
  • නිර්මාණ රතිය
  • පරනිර්මිත වසවර්තිය

චාතුර්මහා රාජිකය

අප ජීවත් වන මිනිස් ලොවට ආසන්නයෙන්ම පිහිටා ඇති දිව්‍ය ලෝකයයි.ධෘතරාෂ්ට,විරූඪ,විරූපාක්ෂ, වෛශ්‍රවණ,යන සතරවරම් දෙවි රජවරුන්ගේ වාස භූමිය වන බැවින් මෙය චාතුර් මහා රාජිකය ලෙස හැදින්වේ.
මිනිස් අවුරුදු 50ක් මෙම දෙව්ලොව එක දිනක් වේ.එබදු දින 30ක් මාසයක්ද එවැනි මාස 12ක් වසරක්ද ලෙස සැලකුවහොත් එවැනි දිව්‍ය වර්ෂ 500ක් මෙහි දෙවියන්ට ආයුෂ ඇති බව සදහන් වේ.

තව්තිසාව

චාතුර්මහා රාජිකයට ඉහලින් පිහිටා ඇති තව්තිසාව දෙවන දෙව්ලොවයි.දෙදෙව්ලොවට එනම් චාතුර් මහා රාජිකය හා තව්තිසාවට අධිපති ශක්‍ර දෙවේන්ද්‍රයා වාසය කරන්නෙ මෙම දෙව්ලොවයි.

මිනිස් ආයුෂ අවුරුදු 100ක් මෙම දෙව්ලොව එක් දිනයක් වේ.එබදු දින 30ක් මාසයක්ද එවැනි මාස 12ක් වසරක්ද ලෙස සැලකුවහොත් එවැනි දිව්‍ය වර්ෂ 1000ක් මෙහි දෙවියන්ට ආයුෂ ඇති බව සදහන් වේ.

යාමය

තව්තිසාවට ඉහලින් පිහිටා ඇති යාමය තෙවන දෙව්ලොවයි .මිනිස් අවුරුදු 200ක් මෙම දෙව්ලොව එක් දිනක් වේ.එබදු දින 7ක් සතියක්ද සති 4ක් මාසයක්ද එවැනි මාස 12ක් වසරක්ද ලෙස සැලකුවහොත් එවැනි දිව්‍ය වර්ෂ 2000ක් මෙහි දෙවියන්ට ආයුෂ ඇති බව සදහන් වේ.

තුසිතය

යාමයට ඉහලින් පිහිටා ඇති තුසිතය සිව්වන දෙව්ලොවයි.බුදුවන බෝසතුන් බෝසත් මාපියන් ආදී පුණ්‍ය වන්තයින් උපදින සැපයෙන් අග්‍රතම තැනකි. අප බෝසතුන් සන්තුසිත දිව්‍යරාජයාව පස්මහ බැලුම් බැලුවේ මේ දෙව්ලොව සියට.
මිනිස් අවුරුදු 400ක් මෙම දෙව්ලොව එක දිනයක් වේ.එබදු දින 365 වසරක් ලෙස සැලකුවහොත් එවැනි දිව්‍ය වර්ෂ 4000ක් මෙහි දෙවියන්ට ආයුෂ ඇති බව සදහන් වේ.

නිර්මාණ රතිය

තුසිතයට ඉහලින් පිහිටා ඇති නිර්මාණ රතිය පස්වන දෙව්ලොවයි .. සිතූ පැතූ සම්පත් සිතැගි අයුරින් නිර්මාණය කරගෙන විදීමට හැකි බැවින් නිර්මාණ රතිය ලෙස හැදින්වේ.
මිනිස් අවුරුදු 800ක් මෙම දෙව්ලොව එක් දිනක් වේ. එබදු දින 365ක් වසරක් ලෙස සැලකුවහොත් එවැනි දිව්‍ය වර්ෂ 8000ක් මෙහි දෙවියන්ට ආයුෂ ඇති බව සදහන් වේ.

පරනිර්මිත වසවර්තිය

නිර්මාණ රතියට ඉහලින් පිහිටා ඇති පරනිර්මිත වසවර්තිය සයවන දෙව්ලොවයි .අනුන් නිමවූ භෝගයන් තමන් භාවිතා කරන බැවින් පරනිර්මිත වසවර්තිය ලෙස නම් වේ .

කාම ලෝකයට එනම් සතරාපාය,මිනිස් ලොව හා සදෙව්ලොවට අධිපති මාර දිව්‍ය පුත්‍රයාද මෙම දෙව්ලොව වැසියෙකි. මිනිස් අවුරුදු 1600ක් මෙම දෙව්ලොව එක් දිනයක් වේ. එබදු දින 365ක් වසරක් ලෙස සැලකුවහොත් එවැනි දිව්‍ය වර්ෂ 16000 මෙහි දෙවියන්ට ආයුෂ ඇති බව සදහන් වේ.

මේ සදිව්‍ය ලෝකවල උපදින්නෙ බලවත් පින්කළ පුද්ගලයන්ය වන අතර ඔවුන් මවක් පියෙක් නැතිව තම කර්ම ශක්තියෙන් ඕපපාතික ලෙස උප්පතිය ලබයි.

සදිව්‍ය ලෝක වාසී දෙවියන් පොදුවේ ආකාසට්ඨ දේවතාවෝ නම් වේ.එමෙන්ම මහ පොළවේ කදු,ගංගා,මුහුදු,විහාර,දෙවාල,රුක්ෂ ආදියට අධිගෘහිතව වාසය කරන භූම්මට්ඨ නම් දේව කොටසක් ගැනද සදහන් වේ.

කෙසේ වෙතත් දෙවියන්ද තම පුණ්‍ය ශක්තිය ලද ආයුෂ අවසන් වූ පසු මිනිස් ලොව ආදී සත්ව උප්පත්ති භූමි වල කර්මානූරූපීව උපදිතී.

තෙරුවන් සරණයි.

පින්වත් ඔබට අනන්ත වූ බුදු ගුණ බලෙන් යහපතක්ම වේවා.

නිදුක් නිරෝගී වේවා.
ධර්ම දානමය කුසලය සාධූ සිතින් සියල්ලෝම අනුමෝදම් වෙත්වා.

“චිරං තිට්ඨතු ලෝකස්මිං
සම්මා සම්බුද්ධ සාසනං”

චිරාත්කාලයක් සම්මා
සම්බුද්ධ ශාසනය
ලොව බැබලේවා!!!

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X