හදවත සමග මොළය භාවනා කිරීමට එක් කරමු.
මේ භාවනා ක්‍රමය අතිශයින්ම බල සහිත වූ ධ්‍යාන ලබාගෙන ඉන් නොනැවතී එයින්ද ඉදිරියට ගොස් ඥාන දර්ශන උපදවාගෙන නාම රූප දෙස බැලීමෙන් එය වටහා ගැනීමෙන් නිර්මාණය වූවකි. බුදු ඇස උපදවාගෙන ඒ හරහා නිර්මාණය කරන වූවකි.💕
එනම් අපව නිරන්තරයෙන් පීඩාවට පත් කරන්නා වූ මනසේ
සහ
ඒ මනසේ ක්‍රියාකාරීත්වය හරහා කර්ම විපාක උරුම කරගත් ශරීරයේ ක්‍රියාකාරිත්වය මනාව පවත්වා ගැනීමට අවශ්‍ය වන පරම පිවිතුරු ධර්මයක් සහ ක්‍රියාකාරිත්වයන් මෙහි ඇත
ගරු ස්වාමීන් වහන්සේලා දේශනා කරන පරිදි ධර්මයේ උගන්වන නාම රූප යනු මොළය සහ හදවතයි..
🔴 නාම රූප කියන බර වචන අපට තේරෙන්නේ නැති වුවත් දන්න සිංහලෙන් අවබෝධ කරගත් ධර්මය දේශනා කරන විට නාම රූප පද්ධතිය යනු හදවත සහ මොළයයි.
එනම් මොළය සහ හදවත සුවපත් කිරීම යනු, සම්පූර්ණ නාමරූප පංචස්කන්ධයම පිරිසිදු කිරීමකි , සුවපත් කිරීම කි.
💜උන්වහන්සේ පවසන පරිදි අපගේ මොළය සහ හදවත අතර නිරන්තරයෙන් තිබෙන ගැටුමක් බොහෝ ලෞකික මිනිසුන්ට තිබේ,
ප්‍රඥාවන්තයන්ට මොලය ක්‍රියාකාරිත්වය වැඩි ය..
💙මොලෙන් දෙන්නා වූ ප්‍රඥාව ඇසුරෙන් දෙන තීරණයක් ක්‍රියාත්මක කර ගැනීමට ඇතැම් විට කෙනෙකුට නොහැකි වන්නේ හදවතේ ක්‍රියාකාරිත්වය හෙවත් මනසේ ක්‍රියාකාරීත්වය ඔහුගේ පාලනයේ නොමැති නිසයි.
👉ඇතැම් විට විවිධාකාර අමනුෂ්‍යයන් ද පුද්ගලයන්ගේ මනස පාලනය කිරීමට සමත් වෙති… මේ භාවනා ක්‍රමය අමනුෂ්‍ය දෝෂ තිබෙන අය සිටී නම් ඔවුන්ට ද අත්දුටු ඖෂධයකි.
💚අභිධර්මය තුළ ද මෙය මනාව විස්තර කර තිබේ.. එනම් සිත හෙවත් මනෝද්වාරය හෘදය වස්තුව ඇසුරු කරගෙන ක්‍රියාත්මක වන බවත් අනෙකුත් විඤ්ඤාණයන් ශරීරයේ අනෙකුත් පංච ඉන්ද්‍රිය ස්ථාන ඇසුරු කරගෙන උපදින බවත් පැහැදිලිව විස්තර කර ඇත..✅
💕එනිසා මනස/ හදවත හරහා කර්මය විපාකය ට පැමිණෙන බව බුදුදහමේ මූලිකම ඉගැන්වීමකි..
💕මනස හර්දය වස්තුව ආශ්‍රය කරගෙන ක්‍රියාත්මක වෙයි.. මෙය අභිධර්මය ගැඹුරකට ඉගෙන ගත් විට මනාව පැහැදිලි කරගත හැකිය.
🔴🔴 මේ භාවනාව දිනපතා දවසකට විනාඩි තිහක් වත් කරන්නට උත්සාහ ගත්තොත් මේ භාවනාව අතිශයින්ම සරල එකකි,
ඔබට තිබෙන්නේ,
1) මාගේ මොළය සුවපත් වේවා
2) මාගේ හදවත සුවපත් වේවා
කියා වෙන වෙනම සිතන්නට යි.
ඉන්පසු
මාගේ හදවත සහ මොළය සුවපත් වේවා
කියා “දෙක එකක් කොට” සිතන්න
මේ ආකාරයෙන් සති තුනක් පමණ නොකඩවා උදේ හවස පැය භාගයක් බැගින් කරන්නේනම් ඒ තුළින් ඔබ ගේ අභ්‍යන්තරය තුළ, එනම් හදවත හා මොළය තුළ ශක්තියක් නිර්මාණය වී ආලෝක ධාරාවක් නිකුත් කරන්නට පටන් ගනී.
👉දැන් මේ නිර්මාණය කර ගන්නා වූ ශක්තිය ශරීරයේ ඕනෑම තැනකට ගමන් කරවිය හැකිය..
එසේ ගමන් කරවමින් ඒ ඒ තැන් සුවපත් කළ හැක
ඕනෑම අසනීප තත්ත්වයකට ද මෙය යොදා ගත හැකිය නමුත් ඔබ යම් ප්‍රමාණයකට වර්තමාන ගත වී සිටීම/ ඉහළ ප්‍රතිඵල (ඉතා ඉහළ මට්ටමේ නියත ප්‍රතිඵල ක්‍රියාත්මක වන්නේ සමාධිමත් සිතට බව අවධාරණය කළ යුතුය) සඳහා සමාධියක් තුළ සිටීම මෙහිදී අවශ්‍ය ය.
උදාහරණයක් ලෙසට
“මාගේ හදවත සුවපත් වේවා + මගේ මොළය සුවපත් වේවා” (මෙම භාවනාව එපමණකි)
ලෙස දෙක එකක් කොට සාදාගත් මෙම ශක්තිය ඔබට හදිසියේ ඇතිවන කාමුක සිතුවිල්ලක් මැඩ පවත්වන්නට/ නිතර නිතර දුම්පානයට ඇබ්බැහි වීම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම වැනි පුරුද්දක් වෙනස් කරන්නට ආදී වශයෙන් අනන්ත වූ භාවිතයන් සමූහයක් වෙත යෙදවිය හැකිය..
ඒ සඳහා අදාළ ඉන්ද්‍රියයන් වෙත මෙම ශක්තිය මනස හරහා යෙදවීමෙන් එනම් ගමන් කරවීමෙන් එම ඉන්ද්‍රියයන් සුවපත් කරන්න.. එම ශක්තිය මෙහිදී කයට දැනිය යුතුය
ඒ නිසා මෙය මහත් වූ වටිනා භාවනාවකි අඳුරට ආලෝකයකි..
මේ භාවනාව එතරම්ම ප්‍රබල එකකි..
තමාට නිතර දැනෙන ඕනෑම ප්‍රශ්නයක් මේ භාවනාව තුළින් ගොඩනඟා ගන්නා සමාධියට අරමුණු කරන්න… එවිට ඒ ඕනෑම ප්‍රශ්නයක් ඔබට ඔබේ මනසින් ඉවත් කළ හැකිය
ප්‍රතිඵල ලැබෙන්නේ තමා තුළ තිබෙන්නා වූ මෛත්‍රී සිතිවිලි වල ප්‍රමාණයට සහ සමාධියේ ප්‍රමාණයටයි… මෛත්‍රියක් නොමැති සිතක් කිසිම විටෙක ධ්‍යාන නමැති තත්වයට ගෙන යා නොහැකි ය..
ලෝකයාට මහත් ඵල මහානිසංස ගෙන දෙන්නා වූ මහත් වැඩදායක වූ මේ භාවනා ක්‍රමය අපට හෙළි වීම ඉතා අගනේය…
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood