Temples of Sri Lanka

ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ බුද්ධගයා සංචාරය අගයමු

2024 දෙසැම්බර් මස 25 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ඉන්දියාවෙහි සංචාරයක නිරත විය. මෙතෙක් ශ්‍රී ලංකාවේ සෑම ජනාධිපතිවරයෙකුම පාහේ සිදු කරන ඉන්දියානු සංචාරය සුලබ කරුණක් වන්නේ විශේෂයෙන්ම දේශපාලනික සබඳතාවන්හි ශක්තිමත් බව තීරණය වීමට එය බලපාන බැවිනි. ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ඉන්දියානු සංචාරය ඉතා සුවිශේෂී වන්නේ, ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයට පත් වු ඉන්දියාවේ, බිහාර් ප්‍රාන්තයේ, බුද්ධගයා ශීර්ෂයේ, මහාබෝධි විහාරය වැඳපුදා ගැනීම හේතුවෙනි.

ගත වු කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලාංකික ජනාධිපතිවරුන් ඉන්දියාවේ තිරුපති කෝවිල වැදපුදා ගනු ලැබුව ද බුද්ධගයාවට ගොස් වැදපුදා ගැනීම සංකේතවත් වුයේ නැත. (මින් තිරුපති කෝවිල වැදපුදා ගැනිම සෘණාත්මක ලෙස අදහස් නොවේ)

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අතීතයේ සිට පැවති බෞද්ධ සහෝදරත්ව සබඳතා වත්මන දක්වාම නොනැසී පවතියි. බුදුන්වහන්සේ විසින් ලෝක වාසීන්ට පෙන්වා දුන් ඒ උතුම් වු බෞද්ධ දර්ශනය උපන් නිජබිම වන්නේ භාරත දේශයයි. ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා බුද්ධගයා පුදබිම වැඳපුදා ගැනීමත් සමඟ ඉන්දු – ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්ව සබැඳියාව තව තවත් ශක්තිමත් වු බව කිව යුතුමය.

ලෝකයට අවැසි වන්නේ සහෝදරත්වයේ බීජයි. ජනතාවගේ සුබසිද්ධිය හා සාමය යනු, දේශයේ ස්වංපෝෂිතභාවයයි. එබැවින් නිවැරදි දැක්මක් සහිත ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ හා ඉන්දියානු බෞද්ධ සහෝදරත්වයේ ශක්තිමත් බව, නව දේශපාලනික ගමන් මඟක් තීරණය කරනු ඇත. එමෙන්ම ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාට බෞද්ධ සහෝදරත්ව පදනමෙන් ශුභාශිංසන…

සහෝදරත්වයෙන් එක්වෙමු!

You might also like
en English
X
X