Temples of Sri Lanka

කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ

සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට බිහි වෙන්නේ එකම එක පරමාර්ථයකින්.ඒ තමයි චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ නොකළ සත්ත්වයාට චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කොට සසර දුකින් එතෙර වීමට.
මේ කරුණු කාරණා කොයිතරම් දුරට පැහැදිලි යි ද කියනවා නම්, බුදුන් වහන්සේ තරම් දුරට පැහැදිලිද කියනවා නම්,පළවෙනි ධර්ම දේශනාව එනම් ධම්මචක්කප්පවත්තන සූත්ර දේශනාවේ දී උන් වහන්සේ දේශනාකල චතුරාර්ය සත්ය ධර්මය . ඒ චතුරාර්ය සත්ය ධර්මයට උන්වහන්සේ පාවිච්චි කළා විශේෂ වචනයක්. ඒ තමයි ධර්ම චක්රය .පළමු ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ මේ පොළොවවාසී දෙව්වරුන් ගේ සිට අකනිටා බඹලොව දෙවිවරු දක්වා දහම් ඝෝෂා පැවතුනත් භාග්යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතනාරාමයේ දී ධම්මචක්කය පැවැත්වූවා. එය ලෝකයේ ශ්රමණයෙකුට හෝ දෙවියකුට හෝ බමුණකුට හෝ මාරයෙකුට හෝ කිසිවෙකුට නැවත වෙනස් කරන්නට බැහැ .එහි දී අනුත්තර වූ ධම්මචක්කය ලෙස හැඳින්වෙන්නේ චතුරාර්ය සත්ය ධර්මය යි.
චතුරාර්ය සත්ය ධර්මය ඒ ආකාරයෙන්ම ප්රවර්ධනය කරන ශ්රාවකයෙක් හිටියා. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ දහම් සෙනෙවි ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීලා තිබුණා.
එයට හේතුව තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේට ශ්රාවකයින් ව සෝතාපන්න කරවීමට අතිශයින්ම කුසලතාවයක් තිබුන නිසා .උන්වහන්සේට ඒ සඳහා විශේෂ කුසලතාවක් තිබුණා.

 

බුදුන් වහන්සේගේ මේ දම්මචක්ක ප්රවර්තන කියන්නේ චතුරාර්ය සත්යය ධර්මය ප්රකාශ කිරීමටයි. චතුරාර්ය සත්ය ධර්මය දේශනා කිරීමෙන් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පළමුවෙන් සෝතාපන්න වුණා. ඉන්පසු ඒ චතුරාර්ය සත්ය ධර්මය පරිපූර්ණව අවබෝධ කරගන්න ලැබුනා පස්වග ස්වාමීන් වහන්සේලා ට…ඒ අනන්ත ලක්ඛණ සූත්ර දේශනාවෙන් පසු.
ඊළඟට යසකුල පුත්රයා ප්රධාන අනෙක් ස්වාමීන් වහන්සේලා හැට නම රහතන් වහන්සේ බිහිවුණා. බුදුන් වහන්සේ වදාළේ මහණෙනි ඔබත් මමත් මේ දීර්ඝ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ගමන් කළේ කරුණු සතරක් අවබෝධ කරගන්නට නොහැකි නිසා.
ඒ චතුරාර්ය සත්යය. චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් මිදුණා…ඒ නිසා පින්වත් මහණෙනි ධර්ම චාරිකාවේ වඩින්න .දෙනමක් එක මඟ වඩින්න එපා. ධර්ම චාරිකාවේ යෙදිලා මුල මැද අග කල්යාණ වූ මනා ප්රකාශයෙන් යුක්ත වූ අර්ථ සහිත පිරිසිදු නිවන් පිරිසුදු නිවන්මඟ දේශනා කරන්න..

 

මෙයයි බුදුන් වහන්සේ භික්ෂූන්ට කළ අනුශාසනාව.ලඝු කොට දක්වතොත් චතුරාර්ය සත්ය ධර්මය දුක් විඳින සත්ත්වයන්ට දේශනා කරන්න කියන එකයි.
මේ තොරතුරුවලින් අපට පැහැදිලි වෙන්නේ චතුරාර්ය සත්ය ධර්මය දේශනා කර ගෙන යෑමෙන් තමයි මේ ධර්මය අවබෝධ කරගන්න පුලුවන් ශ්රාවකයන් පහළ වෙන්නේ කියලා… ධර්මය දේශනා කළේ නැත්නම් අවබෝධ කරගන්න හැකියාව තිබෙන අයත් පිරිහිලා යන්නට පුළුවන් බව… උන්වහන්සේගේ පළමුවන අනුශාසනාවේ සඳහන් වෙනවා ඉතාමත් පැහැදිලි කරුණක් … ඒ තමයි බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වන්නේ චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කරවීම පිණිස මයි .වෙන කිසිම දෙයකට බුදුරජාණන් වහන්සේලා ලොව පහල වන්නේ නැති බව පැහැදිලිය.
එම නිසා අපට ඉතාමත් පැහැදිලියි බුදුන් වහන්සේ නමක් ලොව පහළ වූ කාලවලදී විතරයි මනුෂ්යයකුට හැබෑම සිල් වන්තයෙකු වීමට අවස්ථාව තියෙන්නේ හැබෑ ලෙසම සමාධිය දියුණු කිරීමේ අවස්ථාවක් තියෙන්නේ….
ලැබුණු මනුෂ්යත්වයෙන් ප්රයෝජන ලබාගැනීමට මේ දහම් කරුණු අවබෝධ කරගන්නට වහ වහා සිත් යොමු වේවා!!!

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood
You might also like
en English
X
X