කාන්තා විමුක්තියට සහය දුන් උතුම් උඳුවප් පෝය අදයි.
බෞද්ධ ඉතිහාසයට අනුව උදුවප්පුර පසලොස්වක පෙහො දිනය ශ්රී ලාංකික බෞද්ධයින්ට අතිශය වැදගත් පොහොය දිනයක් ලෙස සැලකෙයි.
🙏උදුවප් පොහෝ දින වැදගත්කම තවදුරටත් විග්රහ කරමින් විමසමු.🙏
උඳුවප් පොහොය වර්ෂයේ අවසාන පොහොයයි.
ලංකාවාසී බෞද්ධ අපට මෙදින විශේෂයෙන් වැදගත් දිනයක්.
දේවානම්පියතිස්ස රජුගේ ඇමැතිවරයෙක් වූ අරිට්ඨ ඇමැති දඹදිවට ගොස් සිදු කළ සාර්ථක සාකච්ඡාවලින් පසු තම දියණිය වූ සඟමිත් තෙරණිය ශ්රී ලංකාවට එවීමට ධර්මාශෝක රජතුමා විසින් සූදානම් කරවන ලදී.
එළඹුණු සුබ මොහොතින් සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින හතක මුහුදු තරණයකින් පසු ජය ශ්රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක්ද රැගෙන දඹකොළ පටුනට වැඩියේ උඳුවප් පොහොය දිනයේ ය.
සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂුණීන් එකොළොස් නමක්ද එදින ලංකාවට වැඩම කළහ. දඹකොළ පටුනට පෙරහරින් ගමන් කළ දේවානම්පියතිස්ස රජතුමා අතිමහත් භක්තියෙන් කරවටක් මුහුදේ බැස සංඝමිත්තා තෙරණිය වැඩි නැව ආසන්නයට යමින් ශ්රී මහා බෝධිය සමඟ රන් පාත්තරය පිළිගෙන මහ පෙරහරින් අනුරාධපුරයට වඩම්මවා මහමෙව්නාවේ රෝපණය කරන ලදී.
මේ හේතුවෙන් ලාංකීය කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ලියවීම ආරම්භ කරමින් මෙහෙණි සස්න පිහිටුවීමද සිදුවූෙය් උඳුවප් පොහොය දිනයේදීය.
ලාංකීය අපට උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත්ම සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද සිරිපාද වන්දනා සමය මෙම පෝය දිනයේදී ඇරඹීමයි.
පැල්මඩුල්ලේ සිට සමන් දේව ආභරණ පෙරහැරකින් සිරිපා මළුවට රැගෙන ගොස් තැන්පත් කරන්නේ එදිනටය.
ඉන්පසු ඇරට්ඹෙන සිරිපා සමය මාස පහකට (වෙසක් පොහොය වන තෙක්) ආසන්න කාලයක් පවතී.
සීල සමාදානය, ධර්ම දේශන, ධර්ම සාකච්ඡා මෙන්ම ආශිර්වාද බෝධි පූජා පිංකම් ද මෙදිනට පැවැත්විමට පන්සල එදිනට සූදානම්ය.
එවන් පහසින් නැහැවූ මේ උතුම් උඳුවප් පෝය දා ඔබ අප සැමට සිත් පහන් වූ පෝ දා සිසිලෙන් නැහැවූ උතුම් දහම් කරුණු අවබෝද වන දිනක් වේවා…🙏
තෙරුවන් සරණයි..
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood