ලෝකවාසී බොදු සිත් සනසාලන, උතුම් බිනර පුන් පොහෝ දිනක් වේවා
ලෝක වාසී බොදු හදවත් වලට සමීපතම හා වැදගත් දිනයක් වන බිනර පුර පසළොස්වක පොහොය දා අදයි.
බිනර පොහොය සැදැහැවත් බෞද්ධයාට අතිශයින් වැදගත් වේ.
මහා සංඝ රත්නයේ බිහිවීමත්, ධර්ම ප්රචාරයේ ආරම්භයත් මේ කාලය තුළ දී සිදුවී තිබේ.
මෙහෙණි සසුනේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂ වන අතර ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මඟ විවෘත කළ උතුම් පෝදා අදට යෙදී ඇති බවත් ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.
එහිදී පැවිද්ද අවශ්‍ය නම් අෂ්ට ගරුධර්ම පිළිගත යුතු බවට බුදු හිමියන් වදාළ බවත්, මහා ප්‍රජාපති ගෝතමිය එය පිළි ගැනීමෙන් පසු පැවිද්ද ලබා ගැනීමට හැකි වූ බවත් පොත පත කරුණු දක්වයි….
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි උතුම් පොහොය දිනක ය.
තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීම මෙම අද වන් වූ උතුම් බිනර පෝදා සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස දැක්විය හැකිය.
බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මංගල මහා සෑයේ ඉදි කිරීමත් මෙම උතුම් බිනර පොහෝ දිනයේ දී සිදුවීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට බිනර පොහෝ දිනය වැදගත් වෙයි.
මෙම පොහොය දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාව පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙන අතර දාන, ශීල, භාවනා වැඩසටහන් ඒ අතර ප්‍රධාන වෙයි.
බොදු සිත් සතන් පුබුදුවාලන, පහන් සිත් ඒකාලෝක වන,තෙරුවනේ අනන්ත ගුණ මහිමයෙන් සපිරි , උතුම් බිනර පුන් පොහෝ දිනක් වේවා ඔබ සැමට..
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood