මේ පින්කම් සහ ආනිසංස ගැන ඔබ දැන සිටියාද
පින්කම් කිරීමේදී ආනිශංස දැනගෙන ඒවා ප්‍රර්ථනා නොකර මේ පින මට නිවන් පිණිසම වේවා! නිවන් දක්නා ජාති දක්වා මට බුදු ,පසේ බුදු ,මහාරහතන් වහන්සේලා ගේ සිල්වතුන්ගේ ගුණ වතුන්ගේ ඇසුරම ලැබේවා! කියා ප්‍රර්ථනා කරන්න.
🙏දන්දීමෙන් මෙලොව ලැබෙන ආනිසංස
▫️️උසස් ප්‍රීතියක් ලැබීම .
▫️️ලෝකයාගේ ගෞරවයට විශ්වාසයට පත්වේ.
▫️️නිර්භීතව පිරිස් මැදට එළැඹීමට හැකි වීම.
▫️️කීර්තිය රැව් පිළිරැව් දේ.
🙏බෝධි මළුව චෛතියංගන ආදිය ඇමදීමේ ආනිසංස
▫️️දීර්ඝායුෂ ලැබේ.
▫️️වර්ණවත්ව ඉපදීම.
▫️️දහදිය නොම ගලයි.
▫️️ සතුරෝ නැති වෙයි.
▫️️චිත්ත පීඩා දුරු වෙයි.
▫️️වස්තුව හිඟ නොවේ.
▫️️විපත් කරදර දුරු වේ.
▫️️තම සිත පහදී.
▫️️අනුන්ගේ සිත පහදී.
▫️️දෙවියන්ගෙ සිත පහදී.
▫️️ආශ්‍රව රහිතව වාසය කරයි
▫️️ජනප්‍රිය පුද්ගලයෙක් වේ.
▫️️ශරීරය ශක්තිමත් වේ .
▫️️සියලු සම්පත් සමෘද්ධවේ.
▫️️දැසිදැස්සන් තමන්ට අනුකූල වේ.
▫️️දරුණු රෝග හට නොගනී
▫️️උසස් කුල සම්පත් ලැබේ .
▫️️අඟපසඟ අඩුවක් නැතිව ඉපදීම.
▫️️පරිපූර්ණ ඉන්ද්රිය ඇතිව ඉපදීම.
▫️️දැලිකුණු නොතැවැරෙන සමක් ලැබීම.
▫️️මරණින් පසු දෙවි ලොව ඉපදීම.
🙏මල් පූජා කිරීමේ ආනිසංස
▫️️සුගති භවයන්ගේ උත්පත්තියට හේතු වී.
▫️️බොහෝ දෙනාට ප්‍රිය අයෙකු වීම.
▫️️දුටුවන් වශීවන රූප සොභාවෙන් යුක්ත වීම.
▫️️සිත එකග කරගැනීමට හැකිවිම.
▫️️ප්‍රාර්ථනා පරිදි නිවනට හේතු විම.
▫️️ලෙඩ රෝගවලින් වැලකිම.
▫️️අන්‍යන්ට වඩා බලගතු විදසුන් ප්‍රඥාවක් ලැබීම.
▫️️වචනය බොහෝ දෙනා ප්‍රිය භාවයෙන් පිලිගැනීම ආදී අනුහස් නම් ලැයිස්තුවක් වුනත් ඔබට ලබාගන්නට හැකිවේවි.
🙏තුන් සිවුරු ( තනිපට සිවුර, දෙපට සිවුර, අඳනකඩ ) පිදීමේ ආනිසංස 08 කි.
▫️️රන්වන් සිරුරක් ලැබීම.
▫️️ශරීරයේ දූවිලි නොවැළකීම.
▫️️ප්‍රභාශ්වර (රැස් විහිදෙන) ශරීරයක් ලැබීම.
▫️️මහත් වූ ප්‍රතාප ඇතිවීම.
▫️️ශරීරය ඉතා සිනිඳු වීම.
▫️️සසරදී හිසෙහි සුදු වස්ත්‍ර ලක්ෂ ගණනින් දරයි.
▫️️සසර සෑම භවයකදීම කහ වස්ත්‍ර ලක්ෂ ගණනින් දරයි.
▫️️සසර සෑම භවයකදීම රතු වස්ත්‍ර ලක්ෂ ගණනින් දරයි.
🙏පාත්‍ර පිදීමේ ආනිසංස
▫️️රන් රිදී මැණික් තලි පරිභෝජනය කිරීමට ලැබීම.
▫️️කිසිදු උපද්‍රවයක් සිදු නොවේ. අනතුරුවලින් වළකයි.
▫️️සෑම තැන්හි ගරු පුද ලබයි.
▫️️ආහාර පාන වස්ත්‍ර සයනාසන නොඅඩුව ලබයි.
▫️️භව බෝග නොනැසේ.
▫️️ස්ථීර වූ සිත් ඇත්තෙක් වේ.
▫️️සෑම කල්හිම ධර්මය රුචි ඇත්තෙක් වේ මද කෙලෙස් සහිත වේ.
▫️️කාම භව දිට්ඨි ආශ්‍රව රහිතව ජීවත් වේ.
🙏දැලි පිහියා පූජා කිරීමේ ආනිසංස
▫️️සෑම කල්හිම සූරයෙක් වේ.
▫️️නොවිසිරුණු සිත් ඇත්තෙක් වේ.
▫️️විශාරදත්වයෙන් යුක්ත වේ. ▫️️දහිරිය ඇතිව වෙසේ.
▫️️වීර්ය ඇතිව වෙසේ.
▫️️ඍජු සිත් ඇත්තෙක් වේ.
▫️️කෙලෙස් සිඳී සූක්ෂම ශ්‍රද්ධා ගුණය ලබයි.
🙏ඉදිකටු නූල් පිදීමේ ආනිසංස 07 කි.
▫️️සැක නැතිව සැරිසරයි.
▫️️සැක සිඳ භවයේ හැසිරෙයි.
▫️️රූ ඇතිව වෙසේ.
▫️️භවභෝග සම්පත් විඳියි.
▫️️තියුණු නුවණින් යුතුව භවයේ හැසිරෙයි.
▫️️ගැඹුරු, සියුම් ස්ථාන සහිත අර්ථයන් දිකියි.
▫️️මොහඳුර දුරු කරන වජ්ර සම ඥාණ ශක්තීන් ලබයි.
🙏වස්ත්‍ර පීදීමේ ආනිසංස
▫️️සම සිනිදු වේ.
▫️️ප්රතාපවත් වේ.
▫️️ප්‍රභා සහිත වේ.
▫️️දුවිලි නොම තැවරේ.
▫️️මැසි මදුරු කරදර දුරු වේ.
▫️️සිතු පැතූ සම්පත් ලැබේ.
▫️️ශිතොෂණාදීයෙන් නොපෙලේ.
▫️️සියලු වර්ග වල වස්ත්‍ර ලැබේ.
▫️️සියලු තැන්හි වටිනා වස්ත්‍ර ලැබේ.
▫️️රන්වන් පාට වස්ත්‍ර ලැබේ.
▫️️රන්වන් පාට සිරුර ඇත්තේ වේ.
▫️️මනා කාල වර්ණ හිසකේ ලැබේ.
🙏මුතුකුඩ පූජාවේ ආනිසංස
✨️ඒක ජත්ත හිමි පෙර ජීවිතයක අත්ථදස්සි බුදුහිමිට සුදු පැහැ ඇති කුඩයක් දරා සිට් පිනින් කල්ප හැත්තෑ හතක් සැප ලැබී ඇත. එසේම කුසල බලයෙන් හැත්තෑ හත් වතාවක් සක් දෙවිඳු වූ අතර දහස් වතාවක් සක්විති රජ වීය.
✨️ජත්රදායක හිමි පෙර ජීවිතයක තම පුත් පැවිදිව රහත්ව පිරිනිවීය.
✨️සෑය දැක වැඳ සුදුරෙදි කැබැල්ලකින් සෑයට කුඩයක් කොට නැංවූ පිනින් කල්ප අනූ හතරක් සැප විපාක ලැබුණු අතර ඒ පිනින් තෙවරක් සක්විති රජ විය.
✨️පිළින්‍දිවච්ජ හිමියන් මුතුකුඩ පූජා කිරීමෙන් අනුසස් අටක් ලැබීය.
▫️️සීතලෙන් පීඩා නොලැබේ.
▫️️තම ශරීරයේ කුණු දුහුවිලි නොඇලෙයි.
▫️️උපද්‍රව නැත්තෙක් වේ.
▫️️අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වේ.
▫️️සියුම් වූ සමක් ඇත්තෙක් වේ.
▫️️සිත පිරිසිදු වේ.
▫️️උෂ්ණයෙන් පීඩා නොලැබේ.
▫️️බොහෝ විචිත්‍ර කුඩ ලැබේ.
🙏මෙට්ට පූජා කිරීමේ ආනිසංස
▫️️සම වූ සිරුරක් ඇත්තෙක් වේ.
▫️️ගරු කරන ලද්දෙක් වේ.
▫️️මෘදූශරීර ඇත්තෙක් වේ.
▫️️මනා දැකුම් ඇති ශරීර ඇත්තෙක් වේ.
▫️️ඥානය ලැබේ.
▫️️පරිවාර සම්පත් ලැබේ.
🙏කරඩු පූජා කිරීමේ ආනිසංස
▫️️සිවුමැලි වේ.
▫️️කීර්තිය වැඩේ.
▫️️විපත්ති දුරු වේ.
▫️️යසසින් වැඩේ.
▫️️උවදුරු බැහැර වේ.
▫️️ආරක්ෂාව සැලසේ.
▫️️මනා ගති ඇත්තෙක් වේ.
▫️️වටිනා බදුන් ලැබේ.
▫️️අවංචල ගති වේ.
▫️️මනා පිහිටි පා ඇත්තෙක් වේ.
🙏පුටු පූජා කිරීමේ ආනිසංස
▫️හිඳ ගැනීමට රන්රිදී අසුනක් පහළ වේ.
▫️චිත්ත පීඩා ඇති නො වේ.
▫️️මෙට්ට පලස් ආදිය බොහෝ ලැබේ.
▫️බොහෝ භෝග සම්පත් ලැබේ.
▫️උසස් කුල සම්පත් ලැබේ.
▫️️චෛතසික වේදනාවන්ට පත් නො වේ.
▫️ලස්සන වී උපදියි.
▫️තමා නාවන්න, කවන්න, පොවන්න, සතුටු කරන්න, සුවඳ ගල්වන්න බොහෝ පිරිවර ලැබේ.
▫️️සියල්ලන් ගේ ම ගෞරවයට පාත්‍ර වේ.
▫️️බොහෝ කීර්තිය ඇත්තෙක් වේ.
▫️️දීමෙහි ඇලුණු සිත් ඇත්තෙක් වේ.
▫️️බොහෝ පුටු ආදිය සසර දී ලැබේ යනුවෙනි.
🙏බෙහෙත්, ඖෂධ, පිදීමේ ආනිසංස
✨️මෙත්ත ගුත්ත හිමි සුමේධ බුදු රජුන්ට ගිතෙල් පිදූ පිනින් අට වරක් සක් දෙවිඳු වුණේ ය. පනස් එක් වරක් සක්විති රජකම ලැබුවා. එසේම සෑම ජීවිතයක ම පාහේ අප්‍රමාණ භෝගසම්පත් ලැබුවා හ. අවසානයේ ඒ පින නිවනටද උපනිශ්‍රය වු බව 403 වන අපදානයේ පෙන්වා ඇත.
✨️පිළින්දිවච්ඡ හිමිට බෙහෙත් පිදීමෙන් අනුසස් දහයක් ලැබුණා හ.
▫️️දීර්ඝායුෂ ලැබේ.
▫️️බලවන්තයෙකු වේ.
▫️️වීර්යය වන්තයෙකු වේ.
▫️️වර්ණ සම්පත් ලැබේ.
▫️️යශස් ඇත්තේ වේ.
▫️️සැප ඇත්තේ වේ.
▫️️උපද්‍රව නැත්තේ වේ.
▫️️අන්තරා නැත්තේ වේ.
▫️️හැම කල්හි ම ගරු කරන ලද්දේ වේ.
▫️️ප්‍රිය විප්පයෝග දුක් නො ලැබේ.
🙏මාපියන් පිදීමේ ආනිසංස
▫️️සත්පුරුෂයන්ගේ ප්‍රසංසාවට පත්වීම.
▫️️මරණයෙන් මතු සුගති පරායන වීම.
▫️️කරදර වලින් නිදහස් වීම.
▫️️ආයු වර්ණ සැප බල ප්‍රඥා යන පංච ධර්ම ලැබීම.
🙏මිත්‍රයන්ට හිතවත් වීමේ ආනිසංස
▫️️ශ්‍රියා ඇත්තෙක් වේ.
▫️️සියලු දෙනා අතර බැබළේ.
▫️️බොහෝ ධන ධාන්‍ය ලැබේ.
▫️️සෑම තැනදීම පුදනු ලැබේ.
▫️️කොහේ සිටියද ආහාර ලබයි.
▫️️සියලු කරදර වල දී පිහිට ලබයි.
▫️️ඔහු නිසා බොහෝ දෙනා ජීවත් වේ.
🙏සොරකම් කිරීමෙන් වැළකී සිටීමේ ආනිසංස
▫️️මහා ධනවතෙකු වීම.
▫️️බොහෝ ධන දානය ලබන්නෙකු වීම.
▫️️අනන්ත භෝග සම්පත් ඇත්තෙකු වීම.
▫️️නූපන් වස්තුව උපදවීමට පුන්‍ය ️ශක්තිය ඇත්තෙකු වීම.
▫️️ඇත්තා වූ බෝග රැක ගැනීමේ වාසනාව කැමති යම් වස්තුවක් වේද එය වහා ගන්නෙකු වීම.
▫️️රජ සොර ගිනි ජල අප්‍රිය පුද්ගලයන් ට සාධාරණ නොවූ විනාශ කළ නොහැකි වස්තුව ඇතිවීම.
▫️️සාධාරණ ධන වාසනා ඇත්තෙකු වීම.
▫️️උන්මත්තකයෙකු බවට පත් නොවීම.
▫️️නැත යන වචනය අහන්නෙකුවත්
නොවීම සැප විහරණ ඇත්තෙකු වීම.
🙏මුව පිරිසිදු කරන දෑ පුජා කිරීමේ ආනිසංස
▫️️පිරිසිදු උගුර ඇත්තේ වේ.
▫️️මිහිරි හඬ ඇත්තේ වේ.
▫️️කාශ රෝග නැත්තේ වේ.
▫️️ස්වාස රෝග නැත්තේ වේ.
▫️️දුඟද නොහමන ,සුවඳ හමන මුව මඩලක් ලැබේ.
🙏පාපුටු පුජාවේ ආනිසංස
(පුටුව ඉදිරීපිට කකුල තබා ගැනීමට ඇති ආධාරකයකි.)
▫️️බොහෝ යාන වාහන ලැබේ.
▫️️භාර්යාවෝ දැසි දැස් කම්කරුවන් ද තමාට මැනවින් උපස්ථාන කරන්නාහ.
🙏කොට්ට පුජා කිරීමේ ආනිසංස
▫️️වටිනා කොට්ට ලැබේ.
▫️️ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි හිත එළවා විසීමට ශක්තිය ලැබේ.
▫️️ඉන්ද්රිය දමනයෙන් යුක්ත වේ.
▫️️සිත සමාධි කරගත හැකි වේ.
▫️️වත් පිළිවෙත් ආචාර සමාචාර ගුණවලින් යුත් උතුමෙකු වේ.
▫️️බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රී ශික්ෂාවන් අනුගමනය කිරීමට ශක්තිය ලැබේ.
🙏නශ්‍ය දව්‍ය පූජා කිරීමේ ආනිසංස
▫️️ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්යයාගවන්ත, ප්‍රඥා, ලැජ්ජාව, ක්ෂාන්ති, පාප ධර්මයන් කෙරෙහි ලජ්ජා භය ඇති යන මේ කරුණු වලින් සමන්නාගත කෙනෙක්ව උපදියි.
🙏දිය පිස්නා (තුවා) පූජා කිරීමේ ආනිසංස
▫️️මනා සිනිඳු වූ, ප්රතාපවත් වූ, ප්‍රභා සහිත වූ, දුවිලි රහිත වූ, ස්වර්ණවත් වූ සමක් ලැබේ.
🙏සැරයටි පූජා කිරීමේ ආනිසංස
▫️️භයක් නොවේ.
▫️️සිත තැති නොගනියි.
▫️️පැකිලීමක් නොදක්වයි.
▫️️බොහෝ පුත්රේයෝ ලැබේ.
▫️️ආරක්ෂා සංවිධාන ලැබේ.
▫️️කිසි කෙනකුට මැඩලිය නොහැකි වේ.
🙏ඉන පටි පූජා කිරීමේ ආනිසංස
▫️️පුජනීය පුද්ගලයෙක් වේ.
▫️️තැති ගැනීම් නො මත්තේ වේ.
▫️️අකම්පිත සිතක් ඇත්තේ වේ.
▫️️එලඹ සිටි සිහියෙන් කල් ගෙවේ.
▫️️නොබෙදුණු පිරිස් ඇත්තේ වේ.
▫️️වහ වහා සිත සමාධිගත කර ගැනීමට හැකිවේ.
🙏පිහි පූජා කිරීමේ ආනිසංස
▫️️වීර්යවන්ත වේ.
▫️️ඉවසිලිමත් වේ.
▫️️මෛත්‍රී සිත් පහල වේ.
▫️️විදසුන් නුවණ ලැබේ.
▫️️කලණ චිත්තය ඇති වේ.
🙏පෙරහන් පූජා කිරීමේ ආනිසංස
▫️දිර්ඝායුෂ ලැබේ.
▫️️අකල් මරණ නොවේ.
▫️️අන් අය විසින් නො මැඩිය හැකි වේ.
▫️️අවි ආයුධ වලින් හිරිහැර නොලබයි.
▫️️පස මිතුරන් විසින් මැඩලිය නොහැකි වේ.
🙏නිය සැත් ( නිය කටර් ) පූජා කිරීමේ ආනිසංස
▫️️ආරක්ෂාව ලැබේ.
▫️️ගව සම්පත් ලැබේ.
▫️️මෙහෙකරුවන් ලැබේ.
▫️️කරණවෑමියන් ලැබේ.
▫️️සේවක සේවිකාවන් ලැබේ.
🙏පාවහන් පූජා කිරීමේ ආනිසංස
✨️උපාහනදායක හිමි චන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින් නුවණ යොදා පාවහන් යුවලක් පිදූ පිනින් කල්ප අනු එකක් දුගතියකට නො ගියේ ය.
✨️පනාධිදායක හිමි අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට පයේ දා සිටි පාවහන් යුවල පුදා පනස් පස් වතාවක් දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුව උපන්නේය. දහස් වරක් සක්විති රජවිය. ඒ පිනින් සසර ගමනේ දී වේගයෙන් යා හැකි යාන වාහන ලැබුණා. ප්‍රසාද, රන් සිවිකා, වටිනා ඇතුන් අසුන් ද ලැබුනා හ.අග්‍ර ගණයේ පාවහන් ද ලැබී ඇත.
🙏ඇඳ පුටු බිසි පූජා කිරීමේ ආනිසංස
▫️️දැකුම්කළු වේ.
▫️️කීර්ති ඇත්තෙක් වේ.
▫️️ගරු කළ යුත්තෙක් වේ.
▫️️භෝග සම්පත් ලබන්නෙක් වේ.
▫️️උසස් කුල සම්පත් ලබන්නෙක් වේ .
▫️️නුවණැති පිරිසක් ලැබේ.
▫️️නුවණැති බවට පත් වේ.
▫️️දාන සංවිධානයේ දක්ෂ වෙති.
▫️️නොසිස් වුවෙක් වේ.
▫️️සම වූ සිරුර ඇත්තෙක් වේ.
▫️️මෘදු වූ සිරුරක් ඇත්තේ වේ.
▫️️ධ්‍යාන ලබන්නෙක් වේ.
🙏ධාතු මනසිකාර භාවනාව වැඩීමේ ආනිසංස
▫️️මහා ප්‍රඥා වේ.
▫️️සත්ත්ව සංඥාව නැති වේ.
▫️️භය ජනක අරමුණු ඉවසයි.
▫️️ඉෂ්ටානිෂ්ට අරමුණු වල සිත ඇලීමට හෝ ගැටීමට ඉඩ නොදෙයි.
▫️️සත්ත්ව, ආත්ම ජීව පුද්ගල යන හැගීම් වල ඇති හිස් බව වැටහේ.
▫️️අවසන්හි නිවන් පසක් කරන ඒතාක් සුගතිගාමී වන කෙනෙක් වේ.
🙏සතිපට්ඨාන භාවනාවන් වැඩීමේ ආනිසංස
▫️️නිවන් පසක් කළ හැකි වේ.
▫️️දුක් දොම්නස් සිතින් බැහැර කළ හැකිය.
▫️️සෝක පරිදේවයන් සිතින් බැහැර කළ හැකිය.
▫️️ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිය හැක.
🙏මරණසති භාවනාව වැඩීමේ ආනිසංස
▫️️පාපයට ගැරහීම. (දුරු කිරීමට හිත නැමීම)
▫️️නිවැරිදිව ජීවත්වීම.
▫️️භවයේ නොඇලීම.
▫️️කුසල් කිරීමට නොපමා වීම.
▫️️භය සන්ත්‍රාස නැති වීම.
▫️️ජීවත ආශාව දුරු වීම.
▫️️අනිත්‍ය ලක්ෂණය වැටහීම.
▫️️එලඹ සිටි සිහියෙන් සුගතියට යාම.
🙏කායගතාසති භාවනාවේ ආනිසංස
▫️අකුසල් නොකරයි.
▫️️හැම දුක් ඉවසයි.
▫️️ලද දෙයින් සතුටු වෙයී.
▫️️භය තැති ගැනීම් දුරු වේ.
▫️️කුසල් කීරීමට වඩාත් කැමැත්තක් ඇති වේ.
▫️️සැප සේ දිවි පැවැත්ම ගත කරයි.
▫️️පස්කම් සැපයට ගිජු නොවේ.
▫️️දිව්‍යමය අරමුනකවත් නොලැබීම.
🙏මෛත්‍රී භාවනාව වැඩීමේ ආනිසංස
▫️️සුවසේ නිදයි.
▫️️සුවසේ අවදි වෙයී.
▫️️නපුරු සිහින නොම දකිති.
▫️️මනුස්සයන්ට ප්‍රිය වෙයී.
▫️️අමනුස්සයන්ට ප්‍රිය වෙයී.
▫️️දෙවියන් සුරකියි.
▫️️ගිනි,විස,අවි,ආයුධ වලින් කරදර නොම වේ.
▫️️වහ සිත සමාධි වේ.
▫️️දැකුම්කළු පුද්ගලයෙකු වේ.
▫️️සිහි මුලා නොවී කළුරිය කරයි.
▫️️ධ්‍යාන ලබා සිටයේ නම් මරණින් අනතුරුව බ්‍රහ්ම ලෝකයක උපදී.
🙏බුදු ගුණ භාවනාව (බුද්ධානුස්සතිය) වැඩීමේ ආනිසංස
▫️️මිසදිටු නොගැනීම.
▫️️පිටසක්වල නොයිපිදීම.
▫️️අධි කුසලයට සිත නැමීම.
▫️️උන්මත්තක නොවීම.
▫️️සතිය හා නුවණ එළඹ සිටීම.
▫️️මුහුණෙ වර්ණය පැහැපත්වීම.
▫️️මරණයට අභීතව මුහුණ දීම.
▫️️පාපයට ලජ්ජා භය ඇතිවීම.
▫️️සම්මා දිට්ඨියේ පිහිටීම.
▫️️නපුරු සිහින නොපෙනීම.
▫️️ලෝකයාට ප්‍රියමනාප වීම.
▫️️ගුණ නුවණින් විශාරද වී
▫️️සතර අපායට පත් නොවීම.
▫️️සුවසේ සැතපීම අවදි වීම සිදුවීම.
▫️️බුදුබව පවා පැතීමට සිත නැම්ම.
▫️️බොහෝ කොට සිව්පස ප්‍රත්‍යය ලැබීම.
▫️️දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම.
▫️️අඳ ගොළු බිහිරි ආදී අභව්‍යය නොවීම.
▫️️අපල උවදුරු දුරුවී කුසල විපාක මතුවීම.
▫️️අන් අයගේ කරුණාව මෛත්‍රිය ලක්වීම.
▫️️තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම.
▫️️තමන් සිතූ පැතුම් ඒ ලෙසටම ඉටුවීම.
▫️️නිහතමානි පැවතුම් හා ගතිගුණ දියුණු වීම.
▫️️භූත පිසාච ප්‍රේත ආදී විපත් ලං නොවීම.
▫️️ප්‍රභූවරුන්ගේ ගෞරවය සැලකිල්ලට භාජනය වීම.
▫️️බුදුගුණ වඩන්නා සත්යවාදයෙක් බවට පත්වීම.
▫️️බය නැති ගෙනීම ලොමු ඩැහැගැනීම සිදු නොවීම.
▫️️වස විස අවි ආයුධ ගිනි විපත් වලින් වැලැක්වීම.
▫️️සෑම කෙනෙක් ම තමා වෙත නැමි ගත් පැවතුම් ඇතිවීම.
▫️️ධාරණ ශක්තිය සහ අවබෝධ කරගැනීමේ දක්ෂතාවයේ ඇතිවීම.
▫️️කොඩිවින බන්ධන ඇස් වහ කට වහ හොඳ වහා ආදී විපත් සිදුනොවීම.
▫️️බුදුගුණ වඩන්නා යම් මූල කර්ම ස්ථානයකට සිත යෙදූ වහාම සිත සමාධි වීම.
🙏ධර්ම දානයේ ආනිසංස
▫️️කල්පයක් මුළුල්ලේ වසින වැස්සේ වැහි බිංදු ගණන කීමට තරම් තියුණු නුවණ ලැබීම හා නිවන් සුව විද ගැනීමේ වාසනාව ලැබේ.
සාධු.!! මේ ධර්ම දානය පින මග ඵල නිවනටම හේතු වේවා.!!
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood