Temples of Sri Lanka

නියම ශ්‍රාවකයෙක් ලෙස හැසිරෙන්න..

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ගිහි පැවිදි වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. ඒ ශ්‍රාවක පිරිසට සරණ යාම තියෙන්නේ තිසරණයෙන් පමණයි. එසේ නැතිව පෘතග්ජන උදවිය අන්ධ භක්තිකයන් සරණ යන නොයෙක් විශ්වාස ඇදහිලි සරණයාමක් බුද්ධ ශ්‍රාවකයන් තුළ නැහැ

බුදුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ඉතා ශ්‍රද්ධාවන්තයි. ඒ වගේමයි ප්‍රඥාවන්තයි. ඒ වගේමයි එඩිතරයි. අභිමානවත්

අන්‍ය ආගමික ඇදහිලි වගේම නොයෙකුත් මිත්‍යා විශ්වාස ඉදිරියේ දෙකට තුනට නැමෙන හීන දීන භයාදු චරිත බුද්ධ ශ්‍රාවකයන් තුළ නැහැ

අදටත් වඩා ඉතා බලවත් ලෙස අන්‍ය ආගමික ආක්‍රමණ තිබුණ ඒ කාලයේදී නිගණ්ඨනාථපුත්ත ආදී මිථ්‍යා දෘෂ්ටික ආගමික නායකයින් හැම විටම උත්සාහවත් වුණේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් බෙලහීනත්වයට පත් පත්කරවන්න.ඒත් ඔවුන්ගේ එම නීච අදහස්සඵල කරගන්නට කිසිසේත් නොහැකි වුණා. එයට එකම හේතුව වුණේ ඉන්ද්‍රඛීලයක් පරිද්දෙන් තිසරණය තුළ රැඳී සිටින්නට එකල සිටි ශ්‍රාවකයන් අධ්‍යාත්මිකව ශක්තිමත් වෙලා සිටි නිසයි

වර්තමානයේ අපට අවශ්‍යව තියෙන්නෙත් එවැනි අභිමානවත් ගිහි පැවිදි ශ්‍රාවක පිරිසක් එහෙම නැත්නම් කේන්දර නැකැත් පස්සේ දුවන පූජාවල් තබමින් කෝවිල්වල දේවස්ථානවල හැමවිටම අවිනිශ්චිත බියකින් පසුවන ඉබාගාතය දුවන උදවිය නොවෙයි

අප කා හටත් ආදර්ශමත් ලෙස ගත හැකි අපූරු සිදුවීමක් සංයුක්ත නිකායේ චිත්ත සංයුක්තයේ නිගණ්ඨ සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. එහි සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෙකුගේ අභිමානවත් චරිතාපදානයයි

චිත්ත නම් වූ ඔහුට බුදු සමිඳුන්ගේ ප්‍රඥා සම්පන්න ගිහි ශ්‍රාවකයන්ගෙන් ප්‍රමුඛත්වය ලැබුණ ධර්මධරයෙකි. මොහු සිටියේ මජ්ජිකා සංඩ නමැති ගමේයි.

දවසක් නිගණ්ඨනාථපුත්ත මහරහතන් නිගණ්ඨ පිරිසක් සමග මේ ගමට පැමිණියා. චිත්ත උපාසකතුමාද නිගණ්ඨනාථපුත්ත බලන්න ගියා. එවෙලේ මේ චිත්ත උපාසකයාගෙන් නිගණ්ඨනාථපුත්ත අපූරු ප්‍රශ්නයක් විමසුවා

විතර්ක විචාර රහිත සමාධියක් තිබෙන බව විතර්ක විචාරයන්ගේ නිරුද්ධ වීමක් තිබෙන බව ඔබ විශ්වාස කරනවද කියලා

මේ ප්‍රශ්නයෙන් එක දෙයක් පැහැදිලිව පේනවා. එනම් ඔහු ප්‍රඥාවන්ත කෙනෙක් බවයි විතර්ක විචාර එනම්, මේ චිත්ත උපාසකතුමා ලබා දුන් පිළිතුර නිසා නිගණ්ඨනාථපුත්ත අසරණතාවයට පත්වුනා…

හිමියනි, විතර්ක විචාර රහිත සමාධියක් තිබෙන බව හෝ විතර්ක විචාරයන්ගේ නිරුද්ධ වීමක් තිබෙන බව හෝ යන මේ කරුණ ගැන මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හුදෙක් ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන්නේ නැහැ

බලන්න පින්වත්නි, මේ චිත්ත ගෘහපතියා කොතරම් කෙලින් මිනිහෙක්ද මේ චිත්ත ගෘහපතියා කොතරම් අවංක මිනිහෙක්ද මේ චිත්ත ගෘහපතියා කොතරම් මායා රහිත මිනිසෙක්ද කෙනෙක් හිතනවා නම් විතර්ක විචාර නැති කරන්න ඕන කියල එහෙමනම් දැලකින් හුළං බඳින්නටත් ඔහුට පුළුවන් වෙන්නට ඕන කෙනෙක් හිතනවා නම් විතර්ක විචාර නැති කරන්න ඕන කියලා එහෙමනම් ගංගා නදියෙහි වතුර පාර තමන්ගේ අතේ මිටෙන් නවත්තන්නට පුළුවන් වෙන්නටත් ඕන කියල

එවිට චිත්ත ගෘහපතියා නිගණ්ඨනාථපුත්තගෙන් මෙන්න මේ විදිහට අහනවා. එම්බා ගෘහපතිය විශ්වාසයට වඩා ඥානය නෙව ශ්‍රේෂ්ඨ වන්නේ

හිමියනි, මට පුළුවන්කම තියෙනවා කාමයෙන් වෙන්ව අකුසල දහමින් වෙන්ව විතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවැනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්න. ඒ වගේම විතර්ක විචාර සංසිඳුවලා සමාධියෙන් හටගත් ප්‍රීති සුකය ඇති දෙවෙනි ධ්‍යානයත් උපදවාගෙන වාසය කරන්නට …මට පුළුවන්. තුන්වෙනි දානයත් උපදවාගෙන වාසය කරන්න. මට පුළුවන් හතරවෙනි ධ්‍යානයත් උපදවා ගෙන වාසය කරන්න මට පුළුවන්. ඉතින් එහෙම එකේ මං ධ්‍යාන ගැන හොඳටම දන්නවනම් දකිනවා නම් විතර්ක විචාර රහිත සමාධියක් තියෙනවා කියලා හරි විතර්ක විචාරයන්ගේ නිරෝධයක් තියෙනවා කියලා හරි මං වෙන ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ විශ්වාස කරන්නේ මොකටද

එතකොට නිගණ්ඨ නාථපුත්ත කේන්තියෙන් කෑ ගහලා හා බලාපල්ලා මේ චිත්ත ගෘහපතියා කොයිතරම් වංකද මේ චිත්ත ගෘහපතියා කොයිතරම් කපටිද මේ චිත්ත ගෘහපතියා කොයිතරම් මායාකාරයෙන්ද කියලාකියන්න පටන් ගත්ත
ඒත් චිත්ත උපාසකතුමා කලබල වුණේ නෑ.

ඔහු ඇඟට පතට නොදනී නිගණ්ඨනාථපුත්තට පිළිතුරු දුන්නා. හිමියනි දැන් ඔබතුමා මනේ කිව්වේ බලව් පින්වත්නි, චිත්ත ගෘහපතියා කොයිතරම් කෙලින් මිනිහෙක්ද මේ චිත්ත ගෘහපතියා කොයි තරම් අවංක මිනිහෙක්ද මේ චිත්ත ගෘහපතියා කොයිතරම් මායා රහිත මිනිහෙක්ද කියලා දැන් ඔබතුමාම කියනවා මේ චිත්ත ගෘහපතියා කොයිතරම් වංකද කොයිතරම් කපටිද කොයිතරම් මායාකාරයෙක්ද කියල හිමියනි ඔබ කලින් කියපු දේ ඇත්ත නම් පස්සෙ කියපු දේ බොරු හිමියනි, ඔබ පස්සෙ කියපු දේ ඇත්තක් නම් ඔබ පළමු කියපු දේ බොරු

කරුණු සහිතව කතා කළ හැකි ප්‍රශ්න කීපයක් තියෙනවාඒ කියන්නේ ප්‍රශ්න දහයක්. යම් දවසක ඔබතුමා ඒ ප්‍රශ්න වලඅර්ථය දැනගත්තොත් එදාට ඔබතුමා ඔය නිගණ්ඨ පිරිසකත් කැටුව මා ළඟට ඒවි.කතා කළ යුතු තැන නිවැරදිව කතා කරමින් මේ දස ප්‍රශ්නය ඉදිරිපත් කරලා හුණස්නෙන් නැගිටලා ඔහු පිටත්වෙලා ගියා.

නිගණ්ඨනාථපුත්ත ඇතුළු පිරිස කරබාගෙන සිටියා ඔබත් චිත්ත ගෘහ සිටියා මෙන් මිත්‍යාදෘෂ්ටික මතිමතාන්තර ඉදිරියෙහි අභීතව නොසැලී සිටින්න. තිසරණය තුළ ඔබ ස්ථාවරව සිටින බව පැහැදිලිවම මතුකොට පෙන්වන්න.

තෙරුවනේ අනන්ත ගුණ බලය ඔබට ලැබේවා!!!.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X