Temples of Sri Lanka

ඔබේ පණට ඔබ මෙන් අනෙකාද පණට ආදරේ ය…

සබ්බේ තසන්ති දණ්ඩස්ස

සබ්බේ භායන්ති මච්චුනෝ

අත්තානං උපමං කත්වා

න හනෙය්‍ය න ඝාතයේ.

පෙර කරන ලද පවු නිසා කිසියම් සතකු මරණයට මුහුණ ලා සිටිති යි අපි මොහොතක් සිතමු. ඒ එක් ව ම ඔහු මරාදැමීමට අප පෙලඹෙන්නේ කුමක් නිසා දැ යි කල්පනා කරමු. එවිට ඒ අසරණ සතාගේත්, අපගේත් කිසියම් විශාල සම්බන්ධකමක් තිබෙන බව පෙනිය යුතු යි.
කිමෙක් ද මේ සම්බන්ධකම?

ඒ පාපයෝ දෙදෙන වෙන වෙන රූපවලින් මෙහි පෙනී සිටිති.
එකක් වධකයකුගේ රූපයෙනි.
අනෙකා වධ්‍යයකුගේ (මැරිය යුත්තකුගේ) රූපයෙනි.

අශුචියට අශුචි එක් වීම වැනි මෙබඳු පාපයන් දෙදෙනකුන්ගේ එක් වීම කිසි ලෙසකින් වත් යහපතක් විය හැක්කේ නො වෙයි.
අනෙක් අතට අපි මෙසේ සිතමු: වෙන සතකුගේ ජීවිතය බලාත්කාරයෙන් හෝ ප්‍රයෝගයෙන් නැති කිරීමට ඔහු පිළිබඳ ව අපට තිබෙන අයිතිය කිමෙක් ද?
කිසිත් නැත.

අපි උපන්නමෝ, මැරෙන්නමෝ, අපේ කර්ම වශයෙනි. අනෙක් සතා ඉපදුණේ, මැරෙන්නේ, ඔහුගේ කර්ම වසයෙනි. හැම සතකුට ජීවත් වීමේ කර්ම බලය වෙන ම ඇත්තේ ය. හැම සතකුට මරණයට පැමිණීමේ කර්ම හානිය වෙන ම ඇත්තේ ය.

ඒ මිස එක් සතකු ජීවත් කිරීමට අයිතිවාසිකමක් ඇති ව වෙන සතෙක් නූපන්නේ ය. එසේ ම වෙන සතකු මැරීමට බලය ඇති ව තව සතෙක් නූපන්නේ ය. සත්‍යය මෙසේ බැවින් ඔවුන් පිළිබඳ අපට හෝ අප පිළිබඳ ඔවුන්ට හෝ කිසි අයිතිවාසිකමක් නැත්තේ ය. ඉතින්, තමාට නොඅයිති දෙයක් ගැනීමෙහිදී සැහැසි බලාත්කාරය හෝ කපටි ප්‍රයෝගය හෝ යෙදවිය යුතු යි. ඒ දෙක ම සොරුන්ගේ ගතියෙකි. එබැවින් සතුන් මරන්නා ජීවිත සොරෙකි.

එක් එක් සතුන්ගේ ජීවිත ඒ ඒ සතුන්ට ප්‍රිය යි; මනාප යි; අනර්ඝ යි. ඒ ජීවිතයට අනතුරක් කරනවාට තබා යන්තම් වේදනාවක් දෙනවාට වත් කැමැති වන්නා වූ සතෙක් කොහි ඇත් ද? මේ කාරණය වටහා ගැනීමට තියුණු ධර්ම ඥානයක් අමුතු උපමාවක් වුවමනා නැත; සාමාන්‍ය ඥානයත්, තමාගේ ජීවිතයත් යන දෙක හොඳට සෑහෙයි.

ප්‍රාණ ඝාත කර්මයට මේ කරුණු ඉටු වී තිබිය යුතුය.

‘පාණෝ භවේ පාණසඤ්ඤි
වධ කචිත්ත මුපක්කමෝ
තේන ජීවිත නාසෝ ච
අංගා පඤ්ච වධස්සීමේ’

1. පණ ඇති සතෙකු වීමය,
2. පණ ඇති සතකු බව දැන ගැනීමය,
3. මරන කැමැති සිතය,
4. මරන්නට උපක්‍රම කිරීමය,
5. ඒ උපක්‍රමය නිසා මරණය සිදුවීම ය.

මෙම කරුණු 05 ම සමිපුර්ණ වුවහොත් ප්‍රාණගාත අකුසල කර්මපථය සමිපුර්ණ වීමෙන් ප්‍රාණ ඝාතය නමි අකුසලකර්මය සිදුවන අතර, මෙයින් එක් අංගයක් හෝ තෘප්ත නොවන්නේ නමි ප්‍රාණඝාත අකුසලකර්මය සිදු නොවේ. නමුත් ප්‍රවෘති විපාක ගෙන දෙන්නාවූ කර්මයක් පමණක් සිදුවේ. ප්‍රවෘත්විපාක යනු මොනවාද යන්න මින් පෙර සාකචිඡා කල අතර නැවත් වරක් සරලව පහදා දෙන්නේ නමි, එදිනෙදා ජීවතයේදී සුඛ වේදනා, දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා වශයෛන් අත්දකින්නට වනුයේ මෙම ප්‍රවෘති විපාකයන්ය.

එසේ නමි දැන් ඒ පද වෙන වෙනම ගෙන සලකා බලමු. මෙහි උදාහරණය වශයෙන් ප්‍රණඝාත අකුසල කර්මය සිදුවීමට සමිපුර්ණවිය යුතු කර්මපථය දක්වා ඇති බැවින් පළමුව ප්‍රාණගාත අකුසල කර්මය පිළිබඳවම සලකා බලමු.

01.සතෙකු වීමය.

යමෙකුට ප්‍රණඝාත අකුසලකර්මය සිදුකරන්නට නමි ඒසේ ඝාතනයට ලත්වන්නාවූ දෙය සත්ත්වයෙකු විය යුතුය. සත්වයෙක් නමි නාම-රූපයන්ගේ එකතුවක් විය යුතුය. සමහර චලනයන් දක්වාන්නාවූ නිදිකුමිබා වැනි ශාකයන් ඇති බව ඔබ දැක ඇත. යමි අයක් නිදිකුමිබා ශාකය සත්ත්වයෙක් යැයි සිතා එම ශාකය කපාකොටා විනාශ කර දැමුවා යැයි සිතමු. එහිදී ඔහුගේ චේතනාව සත්ත්වයෙකු මැරීම වුවත් එහිදී නිදිකුමිබා ශාකය සත්ත්වයෙකු නොවීම මත අකුසල කර්ම පථය සමිපුර්ණ වී ප්‍රාණඝාත අකුසල කර්මය සිදුනොවේ. නමුත් දෝමනස්ස සහගත පටිඝ සමිප්‍රයුක්ත වශයෙන් උපදින්නාවූ අකුසල කර්ම සිත නිසා ප්‍රවෘති විපාක ගෙන දෙයි.

02. සතෙක් බව දැනීමය.

උදාහරණ ලෙස යමෙකු ප්‍රණගාත අකුසල කර්මය සිදුකිරීමට ඒ ඝාතණය වන්නාවූ දෙය සත්ත්වයෙකු බව දැන සිටිය යුතුය. උදාහරණයක් ගතහොත් කටුස්සන්, වන්දන්, සලඹයන් මෙන්ම සමහර සර්ප විශේෂයන් වැනි පරිසරයේ වර්ණයට අනුවර්ථනය විය හැකි සත්ත්වයින් ඇති බව ඔබ දැක ඇතුවාට සැක නැත. ඔබ ගසක් කපාන්නේ යැයි සිතමු. මෙම ගස කපන අවස්ථාවේදී ඔබේ පොරෝ පහරකින් එම කපන්නාවූ ගසේ එම ස්ථානයේ අනුවර්ථනයක් යොදාගනිමින් සැගවී සිටි සත්ත්වයෙක් මරණයට පත්වූවා නමි හා ඔබ විසින් එම පොරෝ පහර ගරසුවේ එහි සතෙකු සිටින බව නොදැන හා නොපෙනී, ගස කැපීමේ චේතනාවෙන් ගසේ කඳ යැයි සිතා නමි, එහිදී සත්ත්වයෙකු මැරීමේ චේතනාව ඔබ තුල නැති බැවින් අකුසල කර්ම පථය සමිපුර්ණ නොවේ.

03. සත්ත්වයා මැරීමට සිතක් ඇතිවීම.

යමෙක් සත්ත්වයෙක් වන්නේ නමි හා, ඔබ ඒ දෙය සතෙකු බව දන්නේ නමුදු, ඔබට එම සතා මැරීමට සිතක් නූපන්නේ නමි කර්ම පථය සමිපුර්ණ නොවේ. උදාහණයක් මඟින් මෙහි විලෝමය පහදා ගැණිම තුලින් කරුණු වඩාත් පැහැදිලිවනු ඇත. ඔබ මකුලු දැලක හිරවී ඉන් ගැවීයාමට උත්සාහ දරන කුරුමිණයෙක් වැනි සත්ත්වයෙක් ඉන් ගලවා ඒ සත්ත්වයාට අභය දානය දෙන්නට සිත්න්නේ යැයි සිතමු. මේසේ සිතන්නාවූ ඔබ එම සත්ත්වයා ගලවාගත යුතුය යන චේතනාව සහිතව ලී කැබල්ලකින් ඒ සත්ත්වයා එහාට මෙහාට අදින අවස්ථාවකදී එම සත්ත්වයා මරණයට පත්වුවහොත් එහිදී කර්ම පථය සමිපුර්ණ නොවීමට ඉඩ ඇත. එයට හේතුව වන්නේ ඔබට ඒ සත්ත්වයා මැරිම සඳහා සිතක් නූපදීමත්, ඔබ ඒ අවස්ථාවේදී ඒ සත්ත්වයා බේරාගැණිම සඳහා ක්‍රියාකිරීමත් නිසාය. සත්ත්වයෙක් මැරීමේදී උපදින සිත දොමනස්ස සහගත පටිඝ සමිප්‍රයුක්ත චිත්තයන් වන අතර, සත්ත්වයා බේරාගැනිමට උත්සුක වීසම්දී උපදින සිත සොමනස්ස සහගත සිතකි. එබැවින් ද්වේශ මූලයකින් තොරව කොතෙක් උත්සුක වුවත් සතෙක් මැරිය නොහැක.

04. සත්ත්වයා මැරීමට ප්‍රයොග යෙදීම,

ඉහත කර්ම පථයේ ඉදිරියට පැමිණෙන ඔබ සත්ත්වයා මැරීම සඳහා කඩු, මුගුරු, දඩු, දාදිය යොදාගනිමින් යොදන්නාවූ ප්‍රයොගයන් මෙයින් අදහස් වේ.

05. සත්ත්වයා මරණයට පත්වීම.

ඉහත කර්මපථය ක්‍රමිකව සමිපුර්ණවිම තුලින් යමි සත්ත්වයෙක් ඔබ අතින් මරණයට පත්වන අවස්තාවක දී ඔබ ප්‍රාණඝාත අකුසල කර්මය සිදුකර ගනියි. නැතහොත් ප්‍රවෘති විපාක පමනක් ඇතිවන කර්මයක් සිදුකර ගනියි.

ඉහත කර්ම පථය සමිපුර්ණ වීමකින් තොරව ඔබ ඇවිද යන අවස්ථ‍ාවක දී හෝ වාහනයක් පදවාගෙන යන අවස්තාවක දී එහි රෝද වලට යටවී යම් යම් සත්ත්වයින් මිය යා හැක. එම අවස්ථවේදී ඔබ තුල වූ චේතනාව ඇවිදීම නැතහොත් වාහනය පැදවීම යන්න වන නිසා එහිදී සත්ත්වයින් මිය යෑමෙන් අකුසල කර්මයක් සිදු නොව්. නමුත් ඔබ සත්ත්වයින් මැරීමට කියා ඇවිදින ලද්දේ නමි හා සත්ත්වයින් මැරීමට කියා වාහනය පැදවූයේ නමි එයින් පිළිවලින් කර්ම පථය සමිපුර්ණ වී අකුසල කර්මය සිදුවේ. එබැවින් මෙම කර්ම පථය සමිපුර්ණ වීමෙන් තොරව ප්‍රාණ ඝාත අකුසල කර්මයෙන් වෙන්වීමේ සික්ෂාපදය පලුදු නොවේ.

මෙම කාරණා පංචකය සම්පූර්ණ නොවිණි නම් ප්‍රාණඝාත පාප කර්මය සිදුනොවේ.

අපි අපේ ජීවිතය පමණක් රැකගැනීමට කොතරම් වෙහෙස ගන්නමෝ වෙමු ද?
මොහොතක් මෙසේ සිතනු මැනැවි: අපේ අතේ හා පයේ, කනේ හා කරේ, ඇසේ හා කටේ ලෙඩක් සුව කරගැනීමට අපි ධනය වියදම් කරමු. රුපියල ශතය මෙන් සලකා වියදම් කරමු. එයිනුත් ලෙඩය සුව නොවුව හොත් අප කරන්නේ කුමක් ද? අත් පා ආදි අංගයක් කපාදැමීම යි. මෙතරම් මහන්සියක් ගන්නමෝ ඇයි? ඒ අත් කපාදැමීමෙහි එතරම් දුක් රැසක් ගන්නමෝ ඇයි? ජීවිතය පමණක් රැකගැනීමට යි.

ඈත අතීතයේදී එක්තරා රජකු විසින් වරදට පමුණුවන ලද මිනිසෙක් උල තබ්බන ලදි. ඒ මනුෂ්‍යයා දරුණු දුක් විඳිමින් එම උලෙහි නොමැරී සිටියේ ය. එසේ සිටිනාතර එක්තරා ප්‍රේතයෙක් ඔහු ළඟට පැමිණ, “නිදුකාණෙනි, ජීවත් වව, ජීවත් වව” යි ප්‍රාර්ථනා කෙළේ යැයි “ප්‍රේතවස්තු වණ්ණනා” නම් පොතෙහි දැක්වෙයි.

ඒ ඒ අය මෙසේ ඉතා ඕනෑකමින් හා ආදරයෙන් රක්නා ජීවිතය බලාත්කාරයෙන් හෝ ප්‍රයෝගයෙන් පැහැරගැනීම, නැති කරදැමීම මිනිසකුට නොවටනා නීච ක්‍රියාවක් බව කා හටත් තේරුම් යා යුතු යි. අප නොරිසියෙන දෙයක් අනුන් හට නොකළ යුතු බව සියලු ආගම්වල උගන්වන ධර්මයෙකි.

ඉහත සඳහන් කල ප්‍රාණ ඝාත කර්මය වීමට අවශ්‍ය වූ 5 වන කාරණය වන ප්‍රයෝගයක් කිරීම දැන් සලකා බලමු. සත්ව ඝාතන ප්‍රයෝගයන් 06 ආකාර විය හැකි බව දක්වා ඇත.

ප්‍රාණඝාතයේ ප්‍රයෝග සයකි.

1. ස්වාහස්තික ප්‍රයෝගය
2. ආඥා ප්‍රයෝගය
3. නිස්සර්ග ප්‍රයෝගය
4. ස්ථාවර ප්‍රයෝගය
5. විද්‍යාමය ප්‍රයෝගය
6. සෘද්ධිමය ප්‍රයෝගය

මෙම කවර ප්‍රයෝගයකින් වුවද, සත්වයකුගේ ජීවිතය නැති කිරීම ප්‍රාණඝාත පාප කර්මයට අයත් වෙයි. අද අප බෞද්ධ රටේ, ආහාරය පිණිසත්, ජීවිත ආරක්ෂාව උදෙසාත්, ආර්ථික සංවර්ධනය මුවාවෙනුත්, කෝපය සංසිදුවා ගැනීම පිණිසත්, ප්‍රාණය ඇති සතුන් මරති. මරවති.

(i) …සාහත්ථික ප්‍රයෝගය-
තමා විසින් තම අතින්ම මැරීම . තමා විසින්ම යමි සත්ත්වයෙකුගේ දිව තොර කිරීම මෙනමින් හැදින්වේ. මේ පිහියෙන් ඇන, කඩුවෙන් කොටා, වස විස පොවා , ආදී සුලබ ක්‍රම විධි සේම, මදුරුවන් කැරපොත්තන්ට ඉස්ප්‍රේ විස විදීම, මී උගුල් ඇටවීම. කුමුරේ කෘමි නාශක ඉසීම ආදී ඕනෑම එකක් විය හැක.

(ii) …ආණත්තික ප්‍රයෝගය- අනුන් ලවා මැරවීම

අන් අයෙකු ලවා සත්ත්වයෙකුගේ දිවි තොර කරවීම මෙනමින් හැදින්වේ. උදාහරණ ලෙස වෙළදපොලේ කුකුලන් මස් පිණිස විකිණිමට ඇති ස්ථාන අතර, ඔබට ගොස් කැමති කුකුලෙකු පෙන්වා ඒ සතාගේ මස් ඉල්ලා සිටීමට අවකාශ සලසා ඇති ස්ථානයන් ද ඇත. එබදු ස්ථානයකොට ගොස් ඔබ යමි සත්ත්වයෙකු පෙන්වා මරණ ලෙස දන්වා සිටි විට, එම සත්ත්වයා ‍වෙනත් අයෙකු විසින් මරා ඔබට මස් දුන් විට මැරූ තැනැත්තාට සේම එහි අකුසල කර්මය ඔබ කෙරේ ද සමිපුර්ණ වනු ඇත.

තවත් උදාහරණයක් ගතහොත් යමි යමි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමි යොදා ගනිමින් එම මන්ත්‍ර කරුවන් වෙත ගොස් යමි යමි පුද්ගලයන් මරණයට පත්කරනා ලෙස සමහරු ඉල්ලා සිටිති. එබදු අවස්ථාවලදී යකදුරන් යන්ත්‍ර මන්ත්‍ර කියා එම කාර්‍ය විවිධ යක්ශ, භූත හා පහත් දේව කොටිටාශයන් වෙත පවරනු ලබයි. එවන් විටක එසේ ඔබ මරණයට පත්කිරිමට බලාපොරොත්තු වූ තැනැත්තා එහි ප්‍රථිපලයක් ලෙස මියගියහොත් ඔබටත්, යකදුරාටත්, ඒ කටයුත්ත කලාවූ අමනුශ්‍ය කොටිඨාශයන්ටත් එකසේ ප්‍රණගාථ අකුසලකර්ම පථය සමිපුර්ණ වේ. යමිසේ එයින් බලාපාරොත්තු වන අය මිය නොගියහොත් ප්‍රවෘති විපාක පමණක් ලැබේ.

(iii.)..නිස්සග්ගිය ප්‍රයෝග-
ගල්, දඩු, මුගුරු, පොලු, දුණු ආදියෙන් විදීමෙන් වෙඩි තැබීමි ආදියෙන් මැරීම

(iv) …ස්ථාවර ප්‍රයොග-                                       බොරු වලවල් උගුල් ඇටවීම ආදියෙන් මැරීම. යමෙක් සත්ත්වයෙකු මැරීමේ අදහසින් බොරුවලක් කපා තැබුයේ නමි, එහි වැටී මිය යන එක් එක් සත්ත්වයා ගානේ කර්ම පථයස මිපුර්ණ වී අකුසල කර්මසිදුවේ. මදුරුවන් මිය යාමට හේතුවන මඳරු දඟර දුමි, මැස්සන් කැරපාත්තන් ආදින් මැරීමට යොදාගන්නා රසායන ද්‍රව්‍ය ආදිය ඉස ඔවුන්ගේ මරණය බලාපාරොත්තු වීමෙන් ඒ මිය යෙන සත්ත්වයෙක් සත්ත්වයෙක් ගණනේ අකුසල කර්ම සිදුවේ.

(v.)..සෘදිමය ප්‍රයෝගය-                                         සෘදි බලයෙන් මැරීම

ඉහතින් කියනා ලද අවස්ථා 04ම කය භාවිතා කරමින් සිදුකරන ලද ප්‍රයෝගයන්වේ. සිත පාදක කර ෂෘධි බලයෙන් සත්ත්වයින් මරණයට පත්කිරිමටද පුළුවන්. එබද විටකදී ප්‍රාණගාත අකුසල කර්මය සිත යන ද්වාරය මුලික වී සිදුවෙයි.

(vi)…විද්‍යාමය ප්‍රයෝගය-
මන්ත්‍ර ගුරුකමි, බෙහෙත් ආදියෙන් මැරීම. මන්ත්‍ර ගුරුකමි ආදිය කර වස්කවි ආදියෙන් වචනයෙන් සත්ත්වයින් මරණයට පත්කල හැකි ක්‍රමයක් අද ද ඇත. එබදු ක්‍රමයක් භාවිතා කර සත්ත්වයින් මරණයට පත්කරනා විටදී වචනය යන ද්වාරය මුලික කර ගනිමින් ප්‍රණගාත අකුසලකර්මය සිදුවේ.මේ ආකාරයට ප්‍රයොග යෙදීම තුලින් සත්ත්වයා මරණයට පත්වුවහොත් කර්ම පථය සමිපුර්ණ වී අකුසල කර්මය සිදුවේ. නැතහොත් ප්‍රවෘති විපාක පමණක් ලබාදෙන කර්ම සිදුවේ.

ඒ කුමන ආකාරයෙන් ප්‍රාණ ඝාතනය කළත් ප්‍රාණඝාත අකුසල කර්මයට යටත් වන්නේ ය. සියලු සත්වයෝ තම ජීවිතයට ආශා කරති. මිනිසා තම ජීවිතය වෙනුවෙන් සටන් කර දිවි බේරා ගනී. නමුත් තිරිසන් සතාට සාකච්ඡා කර හෝ සටන් කර හෝ තම ජීවිතය රැක ගත නොහැකි ය.

‘ඒකජං වා දීජං වාපි
යෝ ධ පාණාති හිංසති
යස් ස පාණෙ දයා නත්ථි
තං පඤ්ඤා වසලෝ ඉති (වසල සූත්‍රය)
‘යමෙක් ප්‍රාණීන් ට හිංසා කැරේ ද, ප්‍රාණීන් කෙරෙහි දයානුකම්පා නැත්තේ ද හේ වසලයෙකියි’ බුදුරජාණන් වහන්සේ අග්ගික භාරද්වාජ බමුණාට දේශනා කළ සේක.

පෙර බරණැස් රට එක් ගොවියෙක්, තම ගවයා සී සෑමට වියබැදිවිට නිතරම බිම වැතිරී නිදා ගන්නා නිසා එම සතාට පිදුරු දමා ගිනි තබා මැරුවේ ය. ඒ පාප කර්මය හේතුකොට ගෙන ඔහු බොහෝ කල් නිරයේ පැසී ඉන් චුතව කපුටු ආත්මයක් ලබා සියක් වාරයක් ගිනි ගන්නා නිවසකට වැටී පිළිස්සුණේය.

බුදුරජාණන් වහන්සේ හමුවීමට වැඩම කළ භික්ෂූන් වහන්සේ පිරිසකට මග දී ගල්ගුහාවක සත් දිනක් සිරවී සිටීමට සිදු වූ බව ප්‍රකාශ කළ විට උන්වහන්සේ පෙර ආත්මයක දී ගොපළු දරුවන්ව විනෝදයට මෙන් තලගොයෙක් තුඹසකට සිර කිරීමේ පාප කර්මය විපාක දුන්බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.

මව හෝ පියා දැන දැනම මරණයට පත්කිරීමේ චේතනාවෙන් ඝාතන කළේ නම්, එය අනිවාර්යයෙන් ම දෙවන ජාතියේ දී විපාක ලබන්නට සිදුවන ආනන්තර්ය කර්මයකි. රහතන් වහන්සේ මැරීමද ආනන්තර්ය කර්මයට ම ගැනේ. මරන ලබන සත්ත්වයාගේ ගුණාගුණවලට අනුව ප්‍රාණඝාත කර්මය අල්ප සාවද්‍ය සහ මහා සාවද්‍ය භාවය ගනී.

ප්‍රාණඝාත කර්මයන් ගේ විපාක ප්‍රතිසන්ධි විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙවැදෑරුම් ය.
ප්‍රතිසන්ධි, වශයෙන් මිය ගොස් නරකයෙහි උපදී. ප්‍රේත තිරිසන් ආත්මවල උපත ලබයි.

සැඟවුණු සුළු කුසල බලයකින් මිනිසත් බවක් ලැබුවත්, ප්‍රවෘත්ති විපාක වශයෙන්, අඩු ආයුෂයෙන් මිය යෑම, අසම්පූර්ණ අංග ප්‍රත්‍යංගයන්ගෙන් යුක්ත අයකු වීම, ලෝකයා ප්‍රිය නොකරන පුද්ගලයන්ව උත්පත්තිය ලැබීම, බොහෝ සතුරන් ඇතිව නිතර බියෙන් සැකයෙන් ජීවත් වන්නන් වීම, හදිසි අනතුරුවලින් මිය යෑම ආදියට ලක්වෙයි. සත්ව හිංසාව, ‘අධම්ම චරියා’ ගණයට ගැනෙන බව මජ්ඣිම නිකායේ දේශනා කර ඇත.

සතකු මරනු සඳහා අප යොදවන ප්‍රයෝගයන් ඔහු මරණයෙන් මුදනු සඳහා යොදවන්නමෝ නම් ලෝකය මෙයට වඩා කොතරම් වාසනාවත් වන්නේ ද? ලොව වසන සියලු සත්වයෝ, මිනිසකු වේවා තිරිසනකු වේවා සියල්ලෝම මරණයට බිය වෙනවා. මරණයේ වේදනාවට බියවෙනවා. වැඩිදුර නොසිතා ඔබ ගැනම සිතන්න ඔබගේ මරණය ගැන සිතන්න.ඔබගේ මරණය පිලිබඳ එන සිතුව්ලි මාත්‍රය පවා ඔබව සලිත කරවන අයුරු කම්පනය කරවන අයුරු ඔබට දැනෙනවා. නමුත් ඇය් මේ මරණය පිළිඹඳ වන සිතුවිල්ල පවා අපට තැති ගැන්මක් ගේන්නේ… ඇය් ඒ සිතුවිල්ල අපව සලිත කරවන්නේ…

අප මිය යද්දී අපි ආදරය කරපු පුද්ගලයන්ගෙන් වෙන් වෙන්න අපට සිදුවෙ. අප ඉතා ආශාවෙන් මිලදීගත් වස්තුව අප උත්සාහයෙන් ලඟා කරගත් දේපල ආදී දෑ ගෙන යන්නට ක්‍රමයක් නැත. ඒ සියල්ල නැවත කිසිදින ලඟා කරන්න ක්‍රමයක් හෝ නැති නිසා දමා යන්න සිද්ධ වේ. එමෙන්ම මරණය අප වෙත එන්නේ තවත් බරපතල සැකයක් සමගය., එනම් මරණින් පසු අපට කුමක් සිදුවේද යන්නය..

මරණින් පසුව අප ලබන්නේ සුන්දර හෝ බියකරු තැනක උපතක්ද බව අප නොදනිමු.. මේ සැකය අපව තවත් සලිත කරවනවා කම්පනය කරවයි. මරණින් පසු ජීවිතයක් ගැන විස්වාස නොකරන පුද්ගලයන් . මරණින් පස්සේ කිසිත් නැත කියන්නවුන් පවා මරණය ගැන සිතද්දී බිය වේ, මරණය ගැන කතා කරන්න පවා බිය වේ.

දැනට මෙන් ඔවුනොවුන් හමු වූ තැන බියෙන් වෙවුලන, සැකයෙන් දිවෙන සතෙක් නොලැබෙන්නේ ය. පේ‍්‍රමයෙන් වැලැඳගත් මිතුරන් දෙදෙනකුන්ගේ හමු වීමෙහිදී මෙන් උනුන් බලා හෙළන කරුණාභරිත බැල්මෙන්, නඟන සතුටු සිනා කාන්තියෙන් මුළු ලෝකය පිරී ඉතිරී යන්නේ යැ යි සිතමු.

‘සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X