Temples of Sri Lanka

ඔබේ විශ්වාසය ඔබයි

ඔබේ සිතේ මතුවන ස්වයං පරාජය පිළිගන්නා සිතිවිලි එතැනම කපා හරින්න. ඔබේ ජයග්‍රහනය ගැන ඔබට වඩා සතුටට පත් වන්නා කවුද…

ඔබේ සතුට වෙනුවෙන් ඔබේ ජීවිතය සතුටු කරන්නා ඔබයි.

එනිසාම ඔබේ ජීවිතයේ සතුට වෙනුවෙන් තබන විශ්වාසයට උත්ප්‍රේරණය ලබාදීමට ඔබ කැපවන්න.

“අනේ මට මොකද මේ?” යනුවෙන් ඔබට සිතේ නම්..? මොහොතකට නතර වෙන්න. මදකට නොසිතා ඉන්න. ඒ සිතිවිල්ල එක්ක පැටලෙන්න එපා. ඒ ගැන නොසිතන තාක් කල් ඔබට දැනෙන්නේ සහනයක් නේද? හොඳට ඇතුළතින් බලන්න. පිටත ඇති ප්‍රශ්නය ‍ඉන් විස‍‍ඳෙන බවක් නොහැඟුනත් ඔළුව බිත්තියේ ඇන ගන්නවාට වඩා ඒක හොඳ යි නේද? නැත්නම් ඔබ නතර වෙන්නෙ ලොකු ඔළුවෙ අමාරුවකින්. අපි හිත හදා ගැනීම පටන් ගන්නෙ ඔන්න ඔය වගේ පොඩි තැන් වලින්. පොඩි දේවල් වල එකතුවෙන් හැදෙන්නෙ ලොකු දේවල්. පැරදි පැරදි තමයි අපි දිනන්නෙ. පරදින්නෙ නැත්තම් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවද? උත්සාහ ගන්න.
දැන් තව ටිකක් ඉදිරියට යන්න. සිත පහළට අදින සිතිවිලි වෙනුවට ඔබේ ආධ්‍යාත්මය පුබුදු වන සිතිවිලි ඒ වෙනුවට ඇතිකර ගන්න.

“ඒකට කමක් නෑ” ලෙහෙසියෙන්ම කටින් පිටවෙන වචන ටිකක්. නමුත්, දැන් මේ වගේ වෙලාවක මොහොතකට හරි, ඒ වචන ටිකින් මුළු හදවතම පුරවා ගෙන නිහඬවෙන්න ඔබට පුළුවන් නම්; ‘ලෝකයම නැති වුනත්’ ඔබට ඔබ ඉන්නවා. අපි දැන් මේ කතා කරන්නෙ ඉවසීම ගැන. ඒක පුරුදු කරන මීට වඩා ‍හොඳ විධි තියෙනවද? ස්වයං විශ්වාසය ඇති කර ගන්නෙ මේ වගේ තැනකදි නැත්නම් වෙන කොතැනකදිද?

මෛත්‍රීයෙ පටන් ගැන්ම මෙතැන නේද? මේ වගෙ වෙලාවක තමන්ටම දීගන්න බැරි මෛත්‍රීයක් අනුන්ට දෙන්නෙ කොහොමද?

ප්‍රඥාව ඇති කර ගන්නෙ ඔන්න ඔහොමයි. අමාරුයි තමයි. ඒත් කරල බලන්න. පස් වලට යට වෙලා, ඔළුගෙඩිය පැලවෙලා, ඒක පූදිනකම් බලා ඉන්න එපා.

අනුන්ගෙන් ලැබෙන කම් බලන් ඉන්නව, අහන් ඉන්නව. අපේ වැඩේ ඕක තමයි.

එනිසා තමන්ට තමන් කෙරෙහි විශ්වාසය ඇති කරගන්න ධර්මය කෙරෙහි විශ්වාසය ඇති කරගන්න ධර්මය නිසා ජීවිතය දිනන මග ඇත්තේ තමා සතු බව විශ්වාසයට ගන්න.

මේවා ඔබගේ උත්ප්‍රේරණය සඳහා යොදා ගන්නජීවිතයේ වටිනාම දේ තමන්ට තමන් පිළිබඳව ඇති අතිශය විශ්වාසයයි

තමන් තමන් විසින් ගන්නා ක්‍රියාදාමය තුළ තමන්ට අවිශ්වාසයක් පැවතියදඒ ධාර්මිකව ගොඩනගාගන්නට ඔබගේ අධ්‍යාත්මය යොමු කරන්න

වැරදි වන්නේ තමාට තමා විසින්මයි..නොහැගෙන නොදැනෙන පාරක් ඔස්සේ අපි ගමන් කළොත් අපේ විශ්වාසය බිඳුනොත් එවිට අපට අප පිළිබඳවත් විශ්වාසය තුරන් වෙනවාඅවැසි වන්නේ අප පිළිබඳව විශ්වාසය තබමින් ගමන් ගන්නා සෘජු මාර්ගයට විශ්වාසය ඇතිකර ගැනීමයි.

හරියටම කිව්වොත් ධර්ම මාර්ගය නම් තමන්ගේ මාර්ගය ඒ මාර්ගය විශ්වාසය නොබිඳ ඉදිරියට ගමන් කිරීමට ඇති හැකියාවයි

මගදී දකින වෙනත් පාරවල්වලට හැරෙන්නේ නැතුව විශ්වාසවන්තව තමා යන මග දැන ගමන් ගන්නේ නම් විශ්වාසයෙන් තමන්ගේ ජීවිතය යථාර්ථය කරා පියමංවා ගැනීමට ඔබට හැකි වෙයි

මේ ඔබට ලැබී ඇති ධර්මය ඉතා විශ්වාසවන්ත මාර්ගයයි.ඒ මාර්ගයේ අවිශ්වාස තැන් බිඳ හැර දමමින් විශ්වාසව රේඛීයව ගමන් කිරීමට ඔබට ඇති ශක්තිය ඔබ උත්ප්‍රේරණය කළ යුතුමයි.

කොතෙකුත් ඔබ දෙපස මාර්ග පැමිණියත් ඔබ යා යුතු මඟ ඔබ නිවැරදිව තීරණය කරන්නේ ඔබේ හිතට එකඟවයි. එය ඔබේ විශ්වාසයයි. ඔබේ මාර්ගය පිළිබඳව තබන විශ්වාසය මගින් ඔබ ගමන් ගන්නා මාර්ගයද විශ්වාසනීය අවසන් කිරීමට ඔබට හැකියාව ලැබෙයි

ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ මඟ විශ්වසනීයම මගයි ඔබට ඇත්තේ එම මගෙහි විශ්වාසවන්තව ගමන් කිරීමයි ඒ ඔබගේ හිතත් කයත් සමඟයි

මේ නිවැරදි දහම් මග පරිශීලනය කරමින් සාර්ථක ගමනක අවසානය සනිටුහන් කිරීමට ඔබට මට අප සැමදෙනාටම ධර්මය ආශිර්වාදය නිරන්තරයෙන්ම හිමි වේවායි වේවායි.ප්‍රාර්ථනා කරමු….

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X