Temples of Sri Lanka

මුදිතාව ඔබට බොහෝ සුභ ඵල සලසයි

හුඟදෙනෙක් මුදිතාව ගැන හිතන් නෑ..එය දියුණු කරන්නෙ නැහැ,භාවනාවක් හැටියට. ඒක කණගාටුවට කාරණයක්, හේතුව එය වැඩිය යුතු උතුම් ගුණාංගයක්. මේක කම්මැලි අයට නිවන් අවබෝධ කරගන්න හොඳ සුදුසු ක්‍රමයක් කියලයි මට හිතෙන්නෙ. ඇයි? කරන්න කියල කිසි දෙයක් නැහැ. අනිත් අය කරන දේවල් දිහා බලල සතුටු වෙනව. හොඳට වාඩිවෙලා ඉඳගෙන අනිත් අයගෙ හොඳකම දිහා බලාගෙන ඒකෙන් සතුටු වෙන්න. බලන්න එතකොට ඔබේ මනස පිරිසිදු වන හැටි.

ඔබ මුදිතාව දියුණු කරන කොට ඔබට පෙනේවි ඔබේ මනස නිතැතින්ම හොඳ දේවල් වලට නැඹුරු වෙන ස්වභාවයක්. එතුළ ගොඩ නැගෙන බව. මේ හරියට ගස් වර්ග, පැලෑටි, බෙහෙත් වර්ග ගැන ඉගෙන ගෙන වනාන්තරයට ඇතුල් වෙනව වගේ. ලෙහෙසියෙන්ම ඔබ ගස් වර්ග, පැලෑටි වර්ග හඳුන ගන්නව. මොනවද මේ පැලෑටි, කොයි ඒවද බෙහෙත් හැටියට පාව්ච්චි කරන්න පුළුවන්, අන්න ඒ වගේ හැකියාවක් ඇති වෙනව. වනාන්තරයෙදි ඔබේ මනස මේ සොයා බැලීමේ ගතියට නැඹුරු වෙන්නෙ ඉබේටම. මේ වගේ මුදිතා ගුණය ඔබ තුළ තියෙනව නම් ඔබ වැඩිවැඩියෙන් හඳුනා ගන්න පටන් ගන්නව හොඳ දේවල් වල ඇති වටිනාකම, අනිත් පුද්ගලයින්ගෙ යහපත් සිතිවිලි අදහස් උදහස් ඔබට වැටහෙනව, අගය කරනව. අපි හුඟ දෙනෙක් තුළම තියෙන, දරදඬු විදියට ප්‍රතිචාර දැක්වීම,අනුන් හෙළාදැකීම වගේ දේවල් වලින් අයින් වෙලා සුහදශීලී බවක් අප තුළ ගොඩ නැගෙන්න පටන් ගන්නව. මුදිතාවෙන් අදහස් කරන්නෙ අප අවට තියෙන යහගුණ දකින්න අපේ ඇස් ඇරීමත්, ඒවා හඳුනා ගැනීමත් කියන එකයි. ආරණ්‍යක ජීවත් වෙන අය අතරෙ මේ වගේ ගුණයහපත්කම් නිතර දෙවේලෙම දකින්න ලැබෙන දෙයක්. ඇත්තෙන්ම ඒ ඇරෙන්න වෙනත් ආකාරයක දේවල් ඔවුන් අතරෙ දකින්න ලැබෙනව නම් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි.

පාරතොටේ යනඑන කොට වුනත් සමහර වෙලාවට මේ වගේ කරුණා සහගත පොඩිපොඩි දේවල් දකින්න ලැබෙනව.

දවසක් පිංඩපාතෙ වඩින කොට කෙනෙක්ගෙ අතින් යමක් බිමට වැටුන. තව කෙනෙක් ඒක දැකල අඬගහල කිව්ව “ අන්න මොනවද බිම වැටුන” කියල. ඔහු ඒක ඇහිඳල එයාගෙ අතට දුන්න. ඒ අයිතිකාරය ඒක සිනාමුසු මුහුණින් බාර අරගෙන “බොහොම ස්තුතියි” කියල කිව්ව. ඒ වගේ දෙයක් මොනතරම් ලස්සනද දකින්න. ඒ දිහා බලා ඉඳල මගේ දවසම හොඳවුනා. ඒ වගේ දේවල් කරන්න අපි බැඳිල නැහැ. නමුත් මිනිස්සු ඒවගේ දේවල් කරනව දකින එක මොනතරම් ලස්සනද. එහෙම කළා කියල අපිට තෑගි ලැබෙන්නෙ නැහැ. නමුත් ඒ ඉබේටම කෙරෙන දෙයක්. එහි ඇති ස්වභාවිකත්වයයි ඒ වගේ දේවල ඇති රමණීයත්වය තවත් අලංකාර කරන්නෙ. සහ තවත් හිතක චේතනා වර්ණවත් කරන්නේ…

මිනිස් හදවතකට කොයිතරම් සමීප වෙන්න පුළුවන්ද කියන එක ඒකෙන් පෙන්නුම් කෙරෙනව.

ඒ නිසා මුදිතා ගුණය ඔබේ සිත්හි ජනිත වේවායි අපේ ප්‍රාර්තනයයි..!!!

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X