Temples of Sri Lanka

රහසින්වත් බොරුව එපා

කෙනෙක් තව කෙනෙක් එක්ක හිනා වෙනවා. සුහදව කතාබස් කරනවා.මේ හිනා වෙන කතා වෙන ක්රම ගොඩක් තියෙනවා. දුරකථනයෙන් කතා කරන්නට පුළුවන්. ඊමේල් මාර්ගයෙන් වගේම වෙනත් තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් වාගේම මුණගැසුනාමත් කතා කරනවා. අදහස් හුවමාරු කර ගන්නවා.
සුහදශීලී වෙනවා.

 

මේ විදිහට කතා කරනකොට සිහි නුවණින් යුක්තව කතාබස් නොකොළොත්, තමන්ට නොතේරීම තමන්ගේ අතින් බොරු කිය වෙන්නට ඉඩ තියෙනවා.ඒ වගේමයි අනවශ්ය සම්ප්රප්පලාප දොඩන්නටත් අවකාශය වැඩියි.
මුසාවෙන්, එහෙමත් නැත්නම් බොරුවෙන් වැළකීමේ , සත්යවාදී බව නම් උතුම් ගුණය අපට පුරුදු කර ගන්නට අවශ්ය වෙනවා. නමුත් බොහෝ දෙනෙක් බොරුවෙන් ජීවත් වෙනවා. මුහුණට එකක් නැති තැන තව එකක් කියන අය මේ සමාජයේ බහුලයි.
ඇතැම් අය එක බොරුවක් වහගන්න තව බොරුවක් කියනවා. තව බොරුවක් කියා මවුපියන් රවට්ටනවා. දරුවන් රවට්ටනවා. සැමියා
බිරිඳ බිරිඳ සැමියා රවටා ගන්නවා.

 

දක්ෂ දරුවෙකුගේ අධ්යාපනය කඩාකප්පල් කරන්නට සමහරු බොරු කියනවා කේලාම් කියනවා. උසස් තනතුරු සඳහා ලෝබකමක් ඇති වූ අවස්ථාවල තවත් බොරු කියනවා. කේලම් කියනවා මෙවැනි අවස්ථා මේ සමාජය තුළ එමටයි… බහුලයි…
තවකෙකුට වඩා තවකෙක් නැගී සිටීමට බොරු කියනවා. කේලම් කියනවා. යහළුවන් පවා බිඳ වනවා තවත් අය එකිනෙකා පාවා දෙනවා. පවුල් අසමගි කරවනවා. වෙන මොනම දෙයකට අදක්ෂ වුවත් බොරු කියන්න බොහෝ දෙනා අති දක්ෂයි.
ඒ අතර සමහරක් අය යහපතට කියාත් බොරු කියනවා.මේ බොරු කාටවත් හානියක් නැහැයි කියලා ත් බොරු කියනවා.
කොයි විදිහට මොන විදිහට ලස්සන කරලා කිව්වත් බොරුව බොරුවමයි.
බොරුවෙන් කේල මෙන් අවැඩක් අයහපතක් වන්නේ සමාජයට පමණක් නොවෙයි. බොරු කියන්නා තම තමන්ගේ මෙලොව පරලොව යන දෙකට අවැඩක්මයි සිදු කර ගන්නේ.

 

එදා කවියා කාන්තාවගේ දෙතොල් සමාන කළේ සුන්දර නා දලු වලට. දත් සමාන කළේ මුතුවලට.
ඉතින් මුතුවන් දත් දෙපළක් ඇති නාදලු වන් සුන්දර තොල් පෙති ඇති ඇතැම් කාන්තාවන් කතා කරන්නේ ඉතාමත් අසුන්දර දේවල්. සුපිරිසිඳුබ් ලෙස කතා කරන්නේ කී දෙනාද? සුළු දෙනයනැතිනම් සුන්දර තොල් පෙති වලින් පවසන්නේ අසුන්දර බොරු කතාද ?
කොහොම නමුත් නොයෙක් තැන්වල හමුවන යූවතියන් මෙන්ම වැඩිහිටි කාන්තාවනුත් වැඩිපුර කතා කරන්නේ වැඩකට නැති වල්පල්
කට පරිස්සම් කර ගැනීමේ කුසලතාව කාන්තා පක්ෂයට ගොඩක් අඩුයි. මේ නිසාම පවුල් ජීවිත අවුල් වෙලා යනවා. බොහෝ කාන්තාවන් වචනය සංවරයෙන් තොරව භාවිත කරන නිසා බොහෝ පව් රැස් කර ගන්නවා.

 

වර්තමානයේ බොහෝ සෙයින් දක්නට ලැබෙන කරුණක් තමයි එකිනෙකාට මඩ ගසා ගැනීම් .
මේ නිසාම කිසිම සංවරයකින් තොරව වචන පාවිච්චි කරන බව සමාජය තුළ බොහෝ අවස්ථාවල අප දැක තිබෙනවා. එකිනෙකාට නින්දා අපහාස කර ගන්නා ආකාරය බැලුවහම වචනයෙන් පව් රැස් කර ගැනීමේ කෙළවරක් නැති බවත් අපට පෙනී යනවා
තවත් බොහෝ අය කරන කාරණාවක් තමයි බොරුවට දිවුරන එක. තමාගේ නිදොස් බව ප්රකාශ කරන්න කළ දේ නොකළ බවට ඔප්පු කරන්නට බොරුවට දිවුරනවා.මේ විදිහට දිවුරුමක් පිළිබඳව ප්රේත ලෝකයේ දුක් විඳින
විස්තරයක් ප්රේත වස්තුවේ සඳහන් වෙනවා.

 

ලෝකයා බොරුවෙන් සෙසු පිරිස රවට්ටන්නට පුළුවන් කියලා මේ බොරුව ඇතිකර එය නිර්මානය උනා වන්නටත් පුළුවන්.
නමුත් අප මුසාවෙන් වැළකී සිටිනවා කියල හිතාගෙනයි… සම්බුදුරජාණන් වහන්සේ සරණ ගිය අප, හික්මිය යුත්තේ.
ගිහියන්ගේ පවා නිත්ය සීලයට අයත් වන බොරු කීමෙන් වැළකීම නම් වූ සතර වන ශික්ෂා පදය මනා කොට ආරක්ෂා කරමින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එහි සංවර්ධය පුරුදු කර ගැනීමට සියලු දෙනාටම වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා!!!

 

මෙත් සිතින්
© Buddhist Brotherhood
You might also like
en English
X
X