Temples of Sri Lanka

දැහැමි පෞරුෂය දිගුකාලීනයි

සුපිරි ලෙස ටයි කෝට් පැළඳ සපත්තු දමා කොන්ඩේ හැඩ වැඩ කර දිලිසෙන පොළවක මහහඬින් අඩිය තබා කොන්ද කෙලින් කරමින් ගාම්භීර ලෙස ඇවිදගෙන යන චරිතයක් ඔබ මනා පෞරුෂත්වයකින් හෙබි චරිතයක් ලෙස විග්රහ කරයි.
සිරුර වටා ඇති ඇඳුම් ආයිත්තම් වලට වඩා හිතේ ගැඹුර වැඩියෙන් දැනෙන පොළොව බර දරන මිනිසත්කම තැබිය යුත්තේ පෞරුෂත්වයට දයන්න ගැටලුවක්…

 

අපගේ ශාස්තෘවරයාණන් වහන්සේ අපට දේශනා කළා කෙනෙකුගේ වැදගත්කම තෙදවත් බව ඔදවත් බව සහ බලවත්කම ගුණවත්කම ආදී සියලුම දේ පවතින තමන් රකින සීලය තුළ බව
එහෙනම් පෞරුෂත්වය පවතින්නේ ඇඳුම් පැලඳුම් සපත්තු යාන වාහන කණ්නාඩි වැනි බාහිර උපාංග තුල නොව නොවෙයි.
මනාකොට රකින සීලය තුළමයි ඒවා පවතින්නේ. පුද්ගලයෙකුගේ පෞරුෂත්වය මුලින්ම වැඩෙන්න පටන් ගන්නෙ තෙරුවන් සරණ යාම තුළ . එවිට ඒ කෙනා පරණඬැලක් වගේ හතර අතර විසි වෙන කෙනෙක් නොවෙයි සෘජු චරිතයක්. ලෝකයා මොන මොන විජ්ජා විගඩම් පෙන්නුවත් ඔහුව රැවටිය නොහැකියි.

 

ලෝකයේ ජේෂ්ඨතම,ශ්රේෂ්ඨතම, විශිෂ්ටතම, අද්විතීය ආශ්චර්යවත් පෞරුෂත්වයත් ඇති පුද්ගලයෙක් වශයෙන් ශාස්තෘන් වහන්සේ හදුන්වන්නට පුළුවන් . උන්වහන්සේගේ ශ්රාවක සඟරුවන තමා පෞරුෂත්වයේ ඊළඟ ප්රතිමූර්තිය විශිෂ්ට පෞරුෂත්වය ලෝකයේ වෙන කිසිම කෙනෙකු තුළින් හෝ දහමකින් හෝ පිරිසකින් හෝ දකින්නට ලැබෙන්නේ නැහැ තමන්ට සක්සුදක් සේ විශ්වාස බව බාහිර ලෝකෙ මොන නාඩගම් නැටු වත් ඔහු සරණ සීලය තුළ සාරවත් පෞරුෂයක් උපදවා ගෙන සිටින කෙනෙක් බව අපට පැහැදිලියි..

 

වර්තමාන ලෝකයේ දිහා මදක් විපරමි න් බැලුවොත් මේ ආයතන හය තුළින්ම අසිහියෙන් උන්නොත් මනසට ඇතුල් වන්නේ භය හා වෛරය නොවේ ද ?… බාහිර ලෝකය පුරා වගා කරලා තියෙන්නේ අස්වැන්න වශයෙන් නෙළා ගන්නේ භය – වෛරය .
භය, වෛර තුළින් උපදවන රාග ද්වේශ මෝහ මද මාන ඊර්ෂ්යා ආදි අනේකවිධ අකුසල් තුළ ඇලීගැලී මෙන් සිටින ලෝක සත්වයා යකුන් සමඟ එකතු වී සිටින පිස්සන් වගේ නොවෙයි ද?

 

තමා කවුද කියා තමන්ම දන් නැති ලෝකයක්….. තමන් කරන්නේ කුමක් දැයි කියා තමන්ම දන්නැති අවස්ථාවක් ….
නූල් සූත්රවලින් නටවන රූකඩ වගේ තමන් ඕනෑම බාහිර බලවේගයකට නැටවිය හැකි බව මිනිස්සු දන්නේ නැහැ.
එහෙව් අනතුරක ඉඳගෙනයි මේ ලෝකෙ පරලොව විශ්වාසයකුත් නැත්තෙ. පින් පව් පිළිගන්නේ නැත්තේ .කර්මඵල කර්ම පිළිබඳව කිසිම පිළිගැනීමක් නැත්තෙ. මේ ලෝකය විනාශ කරගෙන පරලොවත් විනාශ වෙලා යන ප්රතිපදාවක ඉඳගෙන ඇඳුම් සපත්තු ටයිකෝට් යන වාහනවලින් බලාපොරොත්තු වන පෞරුෂත්වය මොන තරම් දෙයක්ද කියලා ඔබට වැටහෙනවද……
අද බහුතර ජනතාව සන්නිවේදන මාධ්ය විද්යුත් මුද්රිත වගේම නවීන මාධ්ය ජාලයන් තුළින් හොඳට වැඩ පෙන්වනවා
උජාරුවට ඉස්සරහට ඇවිත් පණ්ඩිතකමට කියෙව්වට අපි මේ තුන්සිය හැටපස් දවසෙම විඳ විල්ලක ජීවත් වෙන්නේ කියලා.ඒත් කාටවත් තේරුනේ නැද්ද ඇත්තටම පිස්සු චරිත වගේ අපි හැසිරිලා කියල.මෙයින් තොර ලෝකයක් කොහෙද තියෙන්නෙ කියලා …නන්නත්තාර වෙලා නැත්තටම නැති වෙලා අපට හිතාගන්නට බැරි වෙලා..නේද…
හදවත ගඳකිළියක් කොට නිරන්තරයෙන්ම වඳින්න අපගේ ශාස්තෘන් වහන්සේට.
උන්වහන්සේ තුන් කාලයම දන්නා උත්තම පුද්ගලයෙක්.
මේ උන්වහන්සේ එදා වදාළ අනාගත ලෝකයයි.

 

පෞරුෂත්ව යැයි කියමින් සිතමින් විළිබිය නසාගෙන නටන ගයන වයන මේ තොවිලේ අවසානය කාම ප්රේත ප්රේතියන් වී කුණු වී සැරව ගලමින් දුගඳ වගුරවන කාමයට ම යදිමින් යන දුගතිය ඒ සතර අපාය ගැන
හිතන්න…

 

සරණ සීලයත් පංච ශීලයත් මොනතරම් ශ්රේෂ්ඨ විශිෂ්ට විස්මිත ආරක්ෂාවක් අප තුළ රඳා පවත්වනවාද …
මනා කොට තෙරුවන් සරණ පිහිටා දිවි හිමියෙන් සිල්පද සුරැකි අභීත අදීන ශ්රේෂ්ඨ අපේ මුතුන්මිත්තන්ගේ වර්තමාන පරපුරේ මේ සැඩ පහරක් විදිහටගලාගෙන එන මත්ද්රව්ය දුසිරිත් දුශ්චරිත ආදියෙන් වැනසී යන්නේ ධර්මද්වීපය ඉන්දියන් සාගරයේ මුතු ඇටය වැනි විරුදාවලිය ලත් මේ හෙළදිව හෙළයෝ එහි උත්තරීතර බව වටහා නොගත් නිසයි. නින්දිත තත්ත්වයකට පත් වුණේ තිසරණයට ගරහා සිල් බිඳ දමා මිථ්යාදෘෂ්ටි වැළඳගෙන පිරිසිදු ධර්මයට අවමන් කිරීමේ ශාපයයි
කොහේ තිබේ දැයි නොදන්නා කවදා ලැබේවි දැයි නොදන්නා දා කිසිදා තෘප්තියකට පැමිණිය නොහැකියි. සැප යැයි කියා ගන්නා දෙයක් සොයමින් පිස්සුවෙන් මෙන් දුවන අපේ නාමික සිංහල බෞද්ධයින්ගේ වඳ වී යාම, වැනසී යාම වැඩි ඈතක නොවෙයි පෙනෙන නොපෙනෙන හැම අතින්ම එයට අනුග්රහයක් අනුබලව්යක් මිස එය රැකගැනීමට පෙනෙන තෙක් මානයකවත් නෑ
ඒ නිසා,
සිහිපත් කරන්න සම්බුදු වදන්…
පිහිට කරගන්න ධර්මය…
සලසාගන්න කෙලෙස් වතුරෙන් යට නොවන ආරක්ෂාව….
දහම් රසයට ආදරය කරන්න… නිවනට ආදරය කරන්න …
නිවන් සැපයට සිත් අලවන්න …ඔබ ආදරය කරන අයටත් ගුණවත් අයටත් ඒ රසවත් වූ සැපය ලබාගැනීමට ආධාර කරන්න… අනුබල දෙන්න …
යන අතකට දුවන ලෝකය දිහා ඔබ විස්සෝප නොවන්න… ඔබ ඔබව බේරගන්න මේ කාම සැඩ පහරින් ගැලවෙන්න…. මේ තුච්ඡ වූ කාමයේ දුගඳ වූ කාමයේ මොන සැපයක්ද යයි නිරන්තරයෙන් සිහිපත් කරන්න ..

 

ඔබට තෙරුවන් සරණයි….
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X