සමථ භාවනාව වඩමු….
සමථ භාවනාව සහ එය වැඩීමෙන් ඔබට ළඟා කරගත හැකි ප්‍රයෝජන ආදිය බොහෝයි.
පළමුවෙන්ම නවක යෝගාවචරයකු සමථ භාවනාවට අයත් වන ප්‍රධාන අරමුණු 40 හඳුනා ගන්නේ කෙසේද? එය තම ජීවිතයට සම්බන්ධ කර ගත යුත්තේ කොයි ආකාරයටද? ඉන් අනතුරුව එයින් අප දිවියට වැදගත් වන අරමුණු මොනවාද සහ එහි සාර්ථකත්වය උදෙසා අවශ්‍ය වන මූලික උපදෙස් මොනවාද යන්න පිළිබඳවයි.
පාලි භාෂාව තුළ “චිත්තං සමේතීති සමථෝ” (සිත සමනය කරන) යනුවෙන් සමථ භාවනාව හඳුන්වයි. සමථ භාවනාව හඳුන්වන අනෙක් නාමය වන්නේ සමාධි භාවනාව යන්නයි. පෙර සඳහන් කළ ආකාරයට සමථ භාවනාවට අදාළ වන්නාවූ “සිත දියුණු කරන ප්‍රධාන අරමුණු 40ක් ඇත. එය “සම සතළිස් කර්මස්ථාන” යනුවෙන් හැඳින්වේ. ඒවා නම්,
▪️දස අනුස්මෘතී (10)
බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, මරණානුස්සති, කායගතාසති, ආනාපානසති, උපසමානුස්සති
▪️දස කසිණ (10)
පඨවි කසිණ,ආපෝ කසිණ,තේජෝ කසිණ,වායු කසිණ,නීල කසිණ,පීත කසිණ,ලෝහිත කසිණ,ඕදාත කසිණ,ආලෝක කසිණ,පරිච්ඡින්නා කසිණ
▪️දස අශුභ (10)
උද්ධුමාතක,විනීලක,විපුබ්බක
විච්ජිද්දක,වික්ඛායිතක,වික්ඛිත්තක
හතවික්ඛිත්ත,ලෝහිතක,පුලවක
▪️අට්ඨික
▪️අරූප දිහාන (චතුරාරූප්‍ය) (04)
ආකාසනාඤ්චායතන
විඤ්ඤානාඤ්චායතන
ආකිඡාඤ්ඤායතන
නේවසඤ්ඤානාසඤ්ඤායතන
▪️සතර බ්‍රහ්ම විහාර (04)
මෙත්තා,කරුණා,මුදිතා,උපෙක්ඛා
▪️ඒකසංඥා (01) _ ආහාරයෙහි ප්‍රතිකූල සංඥා
▪️ඒකවචත්ථාන (01) _ චතු ධාතු වවත්ථාන
සමථ භාවනාවේදීද චරිත 06ක් යටතේ ඉහත කර්මස්ථාන එක් එක් පුද්ගලයාට ගැළපෙන ආකාරයටයි නිර්දේශ වී ඇත්තේ ඒ අයුරිනි.
▪️දස අනුස්සති
අනුස්සති යන වචනයේ අර්ථය සිහි කරනවා යන්නයි. බුදු ගුණ සිහි කිරීම _ බුද්ධානුස්සති
සඟ ගුණ සිහි කිරීම – සංඝානුස්සති
එනම් බුදුගුණ සිහි කිරීමටද ක්‍රමයක් පවතී. එනම් එය සිහියෙන් යුතුව (සතිමත්) සිහි කිරීමයි. උදාහරණයක් ලෙස බුදුගුණ සිහි කිරීමටද සිහිය යෙදවිය නොහොත් සතිමත් භාවය දියුණු කළ යුතුයි. එනම් මේ සියලුම දස අනුස්සතීන් වෙන් වෙන් වශයෙන් සිහි කිරීමේ කාර්යය සඳහා විශාල පරාසයක් පුරා විහිදී පැතිරී ඇත. උදාහරණයක් ලෙස බුදු ගුණ භාවනාවටද වෙනම විශාල පරාසයක් පවතී.
▪️දස කසින
එය දෑස් හැරගෙන කළ යුතු භාවනා 10කි. මේ සඳහා කාම විරාග භාවනා යන නමද භාවිත කරයි.
පඨවි, අපෝ,තේජෝ, වායෝ, ආදී වශයෙන් දස වැදෑරුම් කසින දෑස් හැරගෙන කළ යුතුයි. ඇසින් දකින රූපය අරමුණු කොට ගෙන මෙම දස කසින භාවනාව සිදු කළ යුතුයි.
▪️දස අශුභ
මෙය ජීවිතය පිළිබඳ තිබෙන ගැඹුරු ඉගැන්වීමකි. යම් කෙනකු මියගිය පසු එම මෘත ශරීරයට සිදුවන ක්‍රියාවන් ආකාර 10ක් තිබේ. උදාහරණයක් ලෙස යම් අයකු මිය ගිය පසු එම ශරීරය ඉදීමීමට ලක්වන තැන සිට ඇටසැකිල්ලක් බවට පත්වන තැන දක්වා සිදුවන ක්‍රියාවලිය ඒ ඒ අවස්ථාවන් අරමුණු කොට ගෙන සිදුකරන භාවනාව මෙම දස අශුභයෙන් ඉගැන්වේ.
සුවතා නිකාංගී යනුවෙන් ධූථාංගයක් පවතී. එනම් සොහොනේ වාසය කිරීමේ ධූථාංගය. කුටි ආවසයක හිඳිමින් මෙම ධූථාංගය සමාදන් වූ ස්වාමීන් වහන්සේලා අදටත් ජීවත් වෙති. එවැනි ස්වාමීන් වහන්සේලා සොහොනක වැඩ සිටිමින් එම භාවනාව වඩති. මෙම ක්‍රමය මඟින් දස අශුභය වැඩීමේ ඉලක්කය වන්නේ කාම රාග අරමුණු වේගයෙන් යටපත් කිරීමයි.
▪️සතර බ්‍රහ්ම විහාර
මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා
චතුරාරූප්‍ය භාවනා
ආකාර 04කි. ඒවා
– අකාසනාඤ්චායතනය
– විඤ්ඤානාඤ්චායතනය
– ආකිඤ්ඡඤ්ඤායතනය
– නේවසඤ්ඤානාසඤ්ඤායතනය
– ඒක සංඥා
– ආහාරේ පඨීකූල සඤ්ඤා
පිළිකුල් භාවනාවටම ඇතුළත් කරගත හැකියි. එනම් ආහාරයේ නොඇලීම පිළිබඳව කරන භාවනාවයි.
ඒකවචත්ථාන
එය චතු ධාතු වවත්ථානය වශයෙන් හඳුන්වයි.
අද පවතින ආර්ථික තත්ත්වයට මුහුණ දෙන විටදී රස තෘෂ්ණාව මැඬ පවත්වාගෙන ලැබෙන දෙයින් සතුටට පත්ව ජීවත්වීමට මෙය ඉතාම හොඳ භාවනාවක්. නූතනයේදී බහුතරයක් මිනිසුන් තමන්ට ලැබෙන ආහාර වේලෙන් සෑහීමකට පත්නොවේ. බහුතරයක් දෙනා ලැබෙන ආහාර වේල භාර නොගෙන තමන්ට මේවගේ දේවල් තිබුණා නම් හොඳයි යනුවෙන් මානසිකව වධ විඳිමින් ආහාර අනුභව කරති. නමුත් ඇත්ත වශයෙන්ම අප කුමනාකාරයේ ආහාර පිඟානක් ආහාර ගැනීම පිණිස බෙදා ගත්තද එය අප අත ගහන සැණින් වෙනස් වේ.
මුඛයට ආහාර පිඬක් ගෙන සැපූ සැණින් තත්පර ගණනින් රසය කියන දේ වෙනස් වේ. ඒ පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව කටයුතු කරන අයකුට රස තෘෂ්ණාව මැඬ පවත්වා ගැනීමට මනා හැකියාවක් ලැබේ. එවැනි මිනිසුන් වත්මන් දුෂ්කර ආර්ථික රටාව තුළ පෙර සඳහන් කළ පරිදි තම අසීමිත ආශාවන් සංතර්පණය කර ගන්නට උත්සාහ ගන්නේද නැත. ඇත්ත වශයෙන්ම එය නූතන සමාජයෙහි ආර්ථිකයත් සමඟ ගැටෙන මිනිසුන්ට එය ඉතාම සිතුවිල්ලක්. එවැනි මිනිසුන්ට මානසික වශයෙන් ලෙඩ නොවී ජීවත් වීමට හැකිය.
ඇවිස්සෙන කෙලෙස් ඇති මිනිසුන්ට දූවිලි ඇවිස්සුණු ස්ථානයකට ජලය එක්කළ පසු එම දූවිලි තාවකාලිකව යටපත් වනවා සේ පීඩාවිඳින සිදුවීම් කපා හැර තාවකාලික මානසික සැනසීමක් ලබා ගැනීමට සමථ භාවනාව ඉතාම සුදුසුයි.
තාවකාලික යන වචනය මෙතැනදී යොදා ගැනීමට හේතුවක් පවතී. එනම් කෙලෙස් යන්න යටපත් කිරීමේ පංච ප්‍රහාර ඉතාම වැදගත්. එහිදී කෙලෙස් ප්‍රහානය කළ හැකි පළමු ආකාරය වන්නේ, තදංග ප්‍රහානයයි.
▪️පංච ප්‍රහාර පහත පරිදි ආකාර 05කි.
1. තදංග ප්‍රහානය
2. විෂ්කම්භන ප්‍රහානය
3. සමුච්ජේද ප්‍රහානය
4. පටිපස්සද්ධි ප්‍රහානය
5. නිස්සරණ ප්‍රහානය
තදංග ප්‍රහානය වශයෙන් කෙලෙස් යටපත් කිරීම උදාහරණයකින් පැහැදිලි කළ හොත්, ජල බඳුනකට සුළං බෝලයක් දමා අතින් තද කරන් සිටිනවා වැනිය. දෑත මුදාහළ කල එම සුළං පිරවූ බෝලය නැවත ඉහළට පැමිණේ. ඒ ආකාරයට අරමුණේ සිටින තෙක් සිතට සහනය ගෙන දුන්නද, අරමුණින් බැහැර වූ කල මනස නැවත පැරණි තත්ත්වයට පත් වේ.
දෙවැන්න _ විෂ්කම්භන ප්‍රහානය (යම් කාල සීමාවකට යටපත් කළ හැකියි)
එය යම්කිසි කෙටි කාලයකට කෙලෙස් යටපත් කළ හැකිය.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood