Temples of Sri Lanka

ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේට සුබ පතන ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේ

ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේට සුබ පතන ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේ…

“මා හට ඔබගේ පූර්වගාමීන් කිහිප දෙනෙකු මුණගැසී, ඔවුන් සමඟ මිත්‍රශීලී සංවාද කරන්නට ලැබුණා. ඒ පිළිබඳ මම ඉතා සතුටු වෙනවා.

දශක හතරකට වැඩි කාලයක් පුරාවට, විවිධ ආගමික සම්ප්‍රදායන්හි නියෝජිතයන් මෙන්ම මගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සමඟ අර්ථවත් හුවමාරුවලට ද මම සහභාගී වී තිබෙනවා.

මනුෂ්‍යත්වයේ ඒකීයභාවය පිළිබඳ ස්ථිර විශ්වාසයක් ඇතිව, අන්තර්-ආගමික සහජීවනය ප්‍රවර්ධනය කිරීම මගේ ජීවිතයේ කරන ප්‍රධාන කැපවීමක්.

1986 දී අසීසි හි දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් සංවිධානය කරන ලද ප්‍රධාන අන්තර්-ආගමික රැස්වීමටත් මා සහභාගී වුණා.

ලෝකය බොහෝ අභියෝගවලට මුහුණ දෙන කාල පරිච්ඡේදයක, ඔබ වහන්සේ කතෝලික ප්‍රජාවට පමණක් නොව, වඩාත් දයානුකම්පිත, සාමකාමී ලෝකයක සතුටින් පිරි ජීවිතයක් සොයන සෑම ජනතාවකටම නව බලාපොරොත්තුවක් ගෙන එන ගෙන මට විශ්වාසයි.”

You might also like
en English
X
X