Temples of Sri Lanka

බෞද්ධ කෞතුක වස්තු ප්‍රදර්ශනය කල් යයි.

පූජණීය බෞද්ධ කෞතුක වස්තු වෙන්දෙසිය නැවැත්වීමට ඉන්දියානු රජය විසින් ගත් නිතීමය ක්‍රියාමාර්ග මත හොංකොං හි සොතෙබ් වෙන්දෙසි ආයතනය විසින් මැයි මස 07 වන දින පැවැත්විමට නියමිතව තිබු බෞද්ධ කෞතුක වස්තු ප්‍රදර්ශනය කල් දමා ඇත.
මෙම කෞතුක වස්තූන් අතර ආභරණ 1800 ක් පමණ ද, මුතු, මැණික් රත්‍රං ද ඇතුළත් වන අතර ඒවා 1898 වර්ෂයේ දී උත්තර ප්‍රදේශයේ පිප්‍රාහ්වා හි පිහිටි ස්තූපයකින් සොයා ගන්නා ලද ඒවා වේ.
කැණීම් වලදී බුදුන් වහන්සේගේ ධාතූන් යැයි විශ්වාස කෙරෙන අස්ථි කොටස් ද අනාවරණය වී ඇත.
ලෝකවාසී බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් ඉන්දියානු දේශයේ බලාධිකාරිය මත මෙම බෞද්ධ උරුමය සුරක්ෂිත කරගැනීමට සමස්ත බෞද්ධයෝ සටන් වදියි.
ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ සභාපති, පුජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහනායක හිමියන් හා ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා මෙම අමිල වු බෞද්ධ දායාදය සුරක්ෂිත කරගැනීම උදෙසා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන දැනුවත් කරමින් අඛණ්ඩව කටයුතු කරයි.
You might also like
en English
X
X