Temples of Sri Lanka

තවමත් නොදුටු ඇසිල්ලක මහිම…

කන කැස්බෑ නෙත බලා සිටිනවා…..

මෙය දකින ඔබට මනුස්ස ආත්මයක් ලැබී ඉපදීම කොයිතරම් ආශ්චර්යක්ද බව දැන සිටියාද ?

කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බැලීම නම්වූ ක්ෂණ සම්පත්තිය ලැබීම ගැන ඔබ දැන සිටියා ද ?

කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බැලීම ගැන අපි බලමු .

විය ගස නොහොත් විය දණ්ඩ ශක්තිමත් ලී අරටුවකින් සාදාගන්නකි.

මේ වියගසක් කැඩෙන්නේ නම් එය අඩුම ගනනේ පරම්පරා දෙකක් වත් ගතවිය යුතුය

එය කැඩී යන්නේ ශක්තිමත් බව අඩුම තැනට පැමිනෙන අවස්ථාව වන විය සිදුර දෙකඩ කරවමිනි.

ඉන්පසුව ගොවියා ⁣කැඩුන විය දන්ඩේ කොටස් දෙක නියරෙන් ගොඩ ඕවිට ඉවුරකට ගෙනගොස් අත හරී

ටික දවසක් ගතවන විට මහ වැසි වැටී වෙළ දෙගොඩතලා ගලා ගොස්,ගලා යන ජලයට විය ගසේ කෑලි දෙකම ගසාගෙන ද යා යුතුය.

ඇළකට ගසාගෙන ගොස් ඔය දක්වාම කැබලි ⁣දෙකම පාවී ද යා යුතුය.

ඔයට ගසා ගෙන ගොස් ඔයෙන් ගඟක් දක්වාම කැබලි දෙකම පාවී යා යුතුය. ගඟට ගොස් ගඟෙන් මුහුදට පාවී යා යුතුය.

මෙසේ මුහුදේ දී පාවෙවී පාවෙවී තිබෙන විය ගසේ කැබලි දෙක නැවතත් පෙර තිබූ පරිදි විය සිදුර සෑදෙන සේ එකට එකතු වීමද සිදු වීමෙන් අනතුරුව, ඒ යම් මොහොතක එසේ එකතුවේද එම එකට එකතු වන දින රාත්‍රියක් ද විය යුතුය.ඒ රාත්‍රිය පුර සඳ පායා ඇති රාත්‍රියක්ම විය යුතුය.ඒ පුන් සඳ පායා විය සිදුර එකතුවී තිබෙන සුළු මොහොතේ කන කැස්බෑවෙකුද සිටිය යුතුය.

(මුහුදු රැල්ල සමඟ වෙන් වූ කුඩා ලී කැබලි දෙකක් නැවත පෙර පරිදි එකට සම්බන්ධ වීම,එය රාත්‍රියකදී ම වීම, ඒ රාත්‍රිය පූර්ණ චන්ද්‍රයා පායා ඇති වීම,මේ අවස්තා සියල්ල එක්වූ තැන, කන කැස්බෑවකු සිටීම,එකවිට සිදුවීම කොතරම් දුර්ළභ විය හැකිදැයි මදකට සිතන්න)

එක ඇසක් අන්ධ කැස්බෑවා මොහොතකට එකතුවෙන විය සිදුර තුලින්, තම පෙනීම ඇති ඇසින් අහස දෙස බැලිය යුතුය. (සඳ නැතිනම් කන කැස්බෑවාට අහස දැකිය නොහැක ).

මිනිසෙකු ලෙසින් ලබන ක්ෂණ සම්පත්තිය ..ගැන වැටහේද ඔබට?

මිනිසෙකුව ඉපද චතුරාර්‍ය සත්‍යය ධර්මය ඇසීමට ලැබීම ….

සසර තුල අබුද්ධෝත්පාද කාලසීමා ඇත. ඇතැම් කල්ප සිය ගනන් වල බුද්ධ නම් වචනය පවා ද ඇසෙන්නේ නැත.

සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදුරජාණන් වහන්සේ නමක් පහලවීම අතිශය දුර්ලභ කාරණයකි.

නිරයට ( විනිපාතය / දුගතියට ) නොවැටී ඉපදීම දුර්ලභය.

බලු බළල් ගව මහීෂ ආදී තිරිසන් අත් භවයක් නොලැබීම තවත් දුර්ලභය.

යක්ෂ පෙරේත නාග අසුර ආදී ඉපදීමක් නොලැබීම දුර්ලභය.

මාළුවෙකු ජලජ ජීවියෙක් නොවී ඉපදීම දුර්ලභය.

මනුෂ්‍ය ලෝකය තුල ඉපදීම අති දුර්ලභ ය

ඒ සුවිසල් මිනිස් ලෝකයේ ධර්මය අවබෝධ කල හැකි මනසක් තිබීම දුර්ලභය.

ඒ දුර්ලභ ලෝකයේ චතුරාර්‍ය සත්‍ය නම් අතිශය දුර්ලභ ධර්මය ඇසීමට ලැබීම ක්ෂණ සම්පත්තියකින් සිදුවන්නකි.

ලංකාව තුල ඉපිද, අපට මේ ක්ෂණ සම්පත්තිය ලබා ගැනීමට මොන තරම් හැකියාවක් අද අපිට තිබේද? .

කන කැස්බෑවකු විය සිදුරෙන් අහස බලනවා යන අතිශය දුර්ලභ බාදක පසුකර ඔබ අප මිනිස්සුව ඉපද ඇත. අපට සද්ධර්මයද නන් අයුරින් ශ්‍රවනය වේ…

තවත් රැකී රක්ශා..මුදල්.. සැප… පසුපස ලුහුබැද යමුද….මැදහත් බවින් සියල්ල අතර මේ ක්ශන සම්පත්තියේ සාරය ලබමුද?

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X