The Dhammapada – ධම්මපදය – අරහන්ත වග්ගය – 07
සන්තං තස්ස මනං හෝති – සන්තා වාචා ච කම්ම ච
සම්මදඤ්ඤා විමුත්තස්ස – උපසන්තස්ස තාදිනෝ
සම්මදඤ්ඤා විමුත්තස්ස – උපසන්තස්ස තාදිනෝ
රහතන් වහන්සේට තියෙන්නෙ නිවී සැනසී ගිය හදවතක්. උන්වහන්සේගේ වචනත් නිවිලා තියෙන්නෙ. කයත් නිවිල තියෙන්නෙ. අවබෝධයෙන්ම දුකින් නිදහස් වුණ, උපශාන්ත සිත් ඇති රහතන් වහන්සේ එහෙම තමයි.
(ජේතවනාරාමයේදී තිස්ස තෙරුන්ගේ සාමණේර ශිෂ්‍යයා අරභයා වදාළ ගාථාවකි ෴)