The Dhammapada – ධම්මපදය – අරහන්ත වග්ගය – 10
රමණීයානි අරඤ්ඤානි – යත්ථ න රමතී ජනෝ
වීතරාගා රමිස්සන්ති – න තේ කාමගවේසිනෝ
වීතරාගා රමිස්සන්ති – න තේ කාමගවේසිනෝ
මහ වනාන්තර හරිම ලස්සනයි. ඒ වුණාට කම් සැප හොයන ජනයා ඒ වනයට ඇලෙන්නෙ නෑ. වීතරාගී වූ රහතන් වහන්සේලා නම් මහ වනයට හරි කැමතියි. උන්වහන්සේලා කම් සැප හොයන්නෙ නැති නිසයි එහෙම වුණේ.
(ජේතවනාරාමයේදී එක්තරා ස්ත‍්‍රියක් අරභයා වදාළ ගාථාවකි ෴)