Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – අත්ත වග්ගය – 01

අත්තානං චේ පියං ජඤ්ඤා – රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤතරං යාමං – පටිජග්ගෙය්‍ය පණ්ඩිතෝ
තමන් තමන්ට ආදරේ නම්, තමන්ව පරෙස්සම් කරගත යුත්තේ තමා විසින්මයි. නුවණින් යුක්ත කෙනා අඩුගණනේ බාල, තරුණ, මහළු කියන මේ තුන් කාලයෙන් එක්තරා කාලයකවත් අකුසල් වලින් දුරුවෙලා තමන්ව රැකගන්ට ඕනෙ.
(භේසකලා වනයේදී බෝධිරාජ කුමාරයා අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X