Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 06

මුහුත්තමපි චේ විඤ්ඤූ – පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති – ජිව්හා සූපරසං යථා

 

බුද්ධිමත් පුද්ගලයා සුළු මොහොතකට හරි, නුවණැති මුනිවරයෙක්ව ඇසුරු කළොත්, ඔහු ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නවා. හොද්දක රසය වහාම දැනගන්න දිවක් වගේ.

(ජේතවනාරාමයේදී පාඨෙය්යක භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X