The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 15
මමේව කතමඤ්ඤන්තූ – ගිහී පබ්බජිතා උභෝ
මමේව අතිවසා අස්සු – කිච්චාකිච්චේසු කිස්මිචි
ඉති බාලස්ස සංකප්පෝ – ඉච්ඡා මානෝ ච වඞ්ඪති
මමේව අතිවසා අස්සු – කිච්චාකිච්චේසු කිස්මිචි
ඉති බාලස්ස සංකප්පෝ – ඉච්ඡා මානෝ ච වඞ්ඪති
“මේ ගිහි පැවිදි කවුරුත් හැම දෙයක් ගැනම මගෙන් විතරමයි අහන්ට ඕනෙ. ලොකු කුඩා හැම කටයුත්තකදීම මගෙන් විතරමයි උපදෙස් ගන්න ඕනෙ” කියල හිතන එක තමයි බාලයාගේ සිතුවිල්ල. ඒකෙන්මයි ඔහුගෙ පාපී ආසාවනුත්, මාන්නයත් වැඩෙන්නේ.
(ජේතවනාරාමයේදී සුධම්ම තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)