The Dhammapada – බුද්ධ වග්ගය – 01
යස්ස ජිතං නාවජීයති – ජිතමස්ස නෝ යාති කෝචි ලෝකේ
තංබුද්ධමනන්තගෝචරං – අපදං කේන පදේන නෙස්සථ
මේ කෙලෙස් සටන ඔහු දිනාගෙන ඉවරයි. ඒක කවදාවත් පැරදුමක් වෙන්නෙ නෑ. ඒ ජයග‍්‍රහණය පරදවන්ට පුළුවන් දෙයක් ඔහුගෙ පස්සෙන් එන්නෙත් නෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඤාණ විෂය අනන්තයි. උන්වහන්සේගේ ගමන් මග කෙලෙස් රහිතයි. ඉතින් එබඳු කෙනෙක්ව කොයි විදිහටද රවට්ටන්න හදන්නෙ.
(බෝධි මූලයේදී මාර දූ වරුන්ට සහ කුරු රට මාගන්දියාගේ පියා අරභයා වදාළ ගාථාවකි ෴)