The Dhammapada – ධම්මපදය – චිත්ත වග්ගය – 08
කුම්භූපමං කායමිමං විදිත්වා – නගරූපමං චිත්තමිදං ඨපෙත්වා
යෝධේථ මාරං පඤ්ඤායුධේන – ජිතඤ්ච රක්ඛේ අනිවේසනෝ සියා
යෝධේථ මාරං පඤ්ඤායුධේන – ජිතඤ්ච රක්ඛේ අනිවේසනෝ සියා
වහා බිඳී යන මැටි බඳුනක් වගේ කියලයි මේ කය ගැන දැනගන්නට ඕනෙ. හොඳට ආරක්ෂාව තියෙන නගරයක් විදිහටයි මේ හිත තබාගන්ට ඕනෙ. මාරයත් එක්ක යුද්ධ කරන්ට තියෙන්නෙ ප්රඥාව නැමැති ආයුධයෙන්. යුද්ධෙන් ජය අරගෙන ඒක රැක ගන්ට ඕනෙ. ආයෙමත් සංසාරෙට නවාතැන් නම් හදන්ට ඕනෙ නෑ.