The Dhammapada – ධම්මපදය – ජරා වග්ගය – 06
ජීරන්ති වේ රාජරථා සුචිත්තා – අථෝ සරීරම්පි ජරං උපේති
සතඤ්ච ධම්මෝ න ජරං උපේති – සන්තෝ හවේ සබ්භි පවේදයන්ති
සතඤ්ච ධම්මෝ න ජරං උපේති – සන්තෝ හවේ සබ්භි පවේදයන්ති
විචිත‍්‍ර විදිහට සරසපු රාජකීය මංගල රථ පවා දිරලා යනවා. කොච්චර සැරසුවත් මේ ශරීරයත් ඒ විදිහටම දිරලා යනවා. නමුත්, සත්පුරුෂයින්ගේ ගුණ ධර්ම ජරාවට පත්වෙන්නෙ නෑ. ඇත්තෙන්ම ශාන්ත මුනිවරු සත්පුරුෂයන්ට මේ කාරණේ කියලා දෙනවා.
(ජේතවනාරාමයේදී මල්ලිකා දේවියගේ මරණය අරභයා වදාළ ගාථාවකි ෴)