Temples of Sri Lanka

ජීවිත යථාර්ථය පසක් කරන උසස් වූ මනෝභාවය…

ප්‍රඥාව යනු ලෝකයේ හා ජීවිතයේ යථාර්ථය හෙවත් ස්වභාවය ඇති සැටියෙන් අවබෝධ කරගැනීමේ උසස් මනෝභාවයයි.

දේවල්වල නිවැරදි හා වැරදි දෙක වෙන්කර හඳුනා ගැනීමට, අවිද්‍යාව දුරු කර මනා සිහියෙන් යුතුව නිවැරදි තීරණ ගැනීමට මෙය උපකාරී වේ.

ප්‍රඥාව සම්බන්ධයෙන් බුදු දහමේ සහ විවිධ දාර්ශනික ඉගැන්වීම්වල සඳහන් වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ.ප්‍රඥාව හා දැනුම අතර වෙනස දැනුම යනු පොතපතින් හෝ අසා දැනගෙන යම් කරුණක් පිළිබඳව මතකයේ තබා ගැනීමයි. එහෙත් ප්‍රඥාව යනු එම දැනුම ප්‍රායෝගිකව ජීවිතයට ගලපා ගනිමින් යහපත හා අයහපත තේරුම් ගැනීමේ හැකියාවයි.බුදු දහමට අනුව ප්‍රඥාවේ ලක්ෂණ අතර

🪷 යම් කරුණක සැබෑ ස්වභාවය අවබෝධ කර ගැනීම (ස්වභාව ප්‍රතිවේධය).කෘත්‍යය: අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කර ආලෝකය ලබා දීම.ප්‍රභේද:සුතමය ප්‍රඥාව: අසා දැනගෙන ලබන ප්‍රඥාව.චින්තාමය ප්‍රඥාව: සිතා බලා විමසා ලබන ප්‍රඥාව.භාවනාමය ප්‍රඥාව: මනස දියුණු කර සමාධිය තුළින් ලබන ප්‍රඥාව ගත හැකියි…

ප‍්‍රඥාව යනු ඥාණයේ ප‍්‍රකෘති තත්ත්වයයි. මාගධී බසින් මේ සඳහා භාවිතා කළේ ”පඤ්ඤා” යන පදයයි. පඤ්ඤා යන මාගධී පදයේ පස්සති, පජහති, පහානාති යනාදී ක‍්‍රියාකාරකම් සියල්ලම ක‍්‍රියාත්මක කිරීමේ ශක්තිය මිනිසෙකුට ලැබෙන්නේ ජානති, පරිජානාති යන පදවලින් මාගධී බසින්ම පෙන්වා වදාළ ඥාණයන්, දැනුම් සම්භාරයක් නිසාමයි. එසේ නම් ඥාණය, නුවණ, දැනුම ආදී පදවලින් අර්ථ ගැන්වූ දැනීම හා පඤ්ඤා යන පදයෙන් අර්ථ ගැන්වූ දැකීම යන පද දෙකෙන් බුද්ධ භාෂිතයේ අදහස් කරන ලද අර්ථයන්, ධර්මයන් එකක් නොව දෙකක්ම වේ. ”ජානතෝ- පස්සතෝ” යනු අවස්ථා දෙකකි. ඥාණය යනු බාහිර කෙනෙකුගෙන් අසා දැන, පොත පත කියවා, විශ්ව විද්‍යාලයකින්, ටියුෂන් පංතියකින් පවා ලබා ගත හැකි දෙයකි. ඥාණය දිනෙන් දිනම වෙනස් වන දෙයකි. විෂයානුබද්ධ දැනුමකි. මේ ඥාණයන් තම තමාගේ ම දැනීමේ ප‍්‍රමාණයට සීමා වේ. නවීකරණය වේ. පරණ මතිමතාන්තරයන් බිඳ වැටේ. මේ නිසා ඥාණයන් ලෞකික සංඛත ධර්මයන්ම වේ. පටිච්චසම්මුප්පන්න වේ.

නමුත් ප‍්‍රඥාව යනුවෙන් අදහස් කළ දැකීම තමන්ම තම ඥාණයේ ප‍්‍රමාණයට ලබන දැකීමයි. ඥාණය පදනම් කර ලබාගත් ප‍්‍රඥාව වෙනස් වන ස්වරූපයේ දෙයක් නොවේ. එය කාගෙන්වත් බාහිර පුද්ගලයෙකුගෙන් ලබා ගත හැකි දෙයක්ද නොවේ. තමා ලැබූ දැනුමේ ප‍්‍රමාණයට දැක ගත්තා වූ සත්‍යවබෝධයයි. එය අවබෝධයක් හෝ බුද්ධිමත්භාවයක් හෝ නොවේ. ප‍්‍රඥාව යනුවෙන් අදහස් කරන සච්ජිකිරියා තත්ත්වය කෙනෙකුට ලබාගත හැකි වන්නේ තමන් ධර්මය අසා ලබාගත් දැනුම විපස්සනා නුවණින් භාවිතා කර කළු ධර්ම හා සුදු ධර්ම වෙන් කර දැක ගැනීම පළමු පියවර ලෙසත්, විපස්සනා නුවණින් කළු ධර්මයන් ප‍්‍රහාණය කර චිත්ත පාරිශුද්ධිය විමුක්ති ඥාණ දර්ශණය දෙවන පියවර ලෙසත් ලබා ගැනීමෙනුත් පමණි. එසේ නම් ”ප‍්‍රඥාව” යන පදයෙන් අදහස් කරන ලද දැකීම ලබා ගත හැකි වන්නේ රාග, ද්වේෂ, මෝහ යන කළු ධර්මයන් තම චිත්තසංථානයෙන් ඉවත් කර ප‍්‍රහාණය කර බැහැර කර පිරිසිදු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසින්ම තම මනස ප‍්‍රකෘති තත්ත්වයට පත් කිරීමෙනි. ඒ නිසාම ප‍්‍රඥාව ලබා ගැනීමට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී වශයෙන් ප‍්‍රකාශ කරන ලද අරිය අෂ්ටාංගික මාර්ගයම පූර්ණ කර ගැනීම අනිවාර්යය වේ.

අපේ සිත් බොහෝ විට පිරී පවතින්නේ, යුධ ගැටුම්, සේවා ස්ථාන වන ආරවුල් ලොව ප්‍රකට පුද්ගලයින් පිලිබඳ ඔපාදූප ආදී, පුවත්පත් පුරවා ඇති අප්‍රසන්න ආරංචිවලිනි. අපේ සිත් තුළ ඇති ‘පුවත් පත’ වරින් වර හෝ බැහැර කිරීමට අප නො දන්නෙ නම්, අප ඊට වශී වී ඇත්නම්, අපට කිසි විටක, ස්වාභාවික සෞන්දර්ය ය පිළිබඳ නිර්මල ප්‍රමෝදය අත්විඳීමට නොහැකි වනු ඇත. ප්‍රඥාව කිසි විටක පහළ නො වනු ඇත.

නුවණ, ඥාණය, දැනුම යන දේ එකතු කර, හිත දියුණු කර, සංවර්ධනය කරගත හැකිය. නමුත් ප‍්‍රඥාව ඒ ආකාරයට යමක් එකතු කර දියුණු කර, සංවර්ධනය කර ගත හැකි දෙයක් නොවේ. පඤ්ඤා යනු තමා තුළම ඇති යම් යම් අනවශ්‍ය කොටස්, කෙළෙස් ඉවත් කිරීම නිසා මනස පිරිසිදු කර ගැනීමකි. අපිරිසිදු මනසක නුවණ මිස ප‍්‍රඥාවක් නොපවතී.

නුවණ, ඥාණය, දැනුම දිනපතාම නවීකරණය කර, අලුත් කර, වෙනස් කර ගත හැකියි. ප‍්‍රවෘත්ති පත‍්‍ර කියවීම, රූපවාහිණියක් නැරඹීම දැනුම වෙනස් වීමට, අලුත් වීමට හේතු වේ. ප‍්‍රඥාව එසේ අලුත් වන වෙනස් වන දෙයක් නොවේ. පිරිසිදු වීමක් ම පමණි.
නුවණ, දැනුම, ඥාණය නිතරම විෂයානුබද්ධ වේ. මහාචාර්යවරයකුගේ දැනුම ඔහුට අදාළ විෂය පථයට පමණක් සීමා වේ. නමුත් ප‍්‍රඥාව එසේ විෂය පථයකට අයත් වන දෙයක් නොවේ. ඊට හේතුව එකතු කර ගත් දෙයක් ප‍්‍රඥාවේ නොපැවතීමයි.

ඒ වාගේම නුවණ, දැනුම, ඥාණය ලෞකිකයි. භෞතිකයි. මේ ලෝකය තුළ පවතින දේ වලට පමණක්ම සීමා වූ දැනුමක් පමණක් එයින් ලබා ගත හැකි වේ. නමුත් ප‍්‍රඥාව ඒ ආකාරයට ලෞකිකත්වයට හෝ භෞතිකත්වයට හෝ බැදුණ දෙයක් නොවේ. එය පිරිසිදු වීමකි. එසේම ලෝකෝත්තර ඥාණයන් යනු හදාගත් භාවිතා කරන ලෝකයෙන් එතෙර වන්නටම උපකාර කරගත හැකි ඥාණයි. ඒවා ප‍්‍රඥාවෙන්ම මතු කර උපදවා, පහදාගත යුතු බුද්ධ ඥාණයන් වේ.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X