The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 14
යෝ චේ වස්සසතං ජීවේ – අපස්සං උදයව්‍යයං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පස්සතෝ උදයව්‍යයං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පස්සතෝ උදයව්‍යයං
යම් කෙනෙක් පංච උපාදානස්කන්ධයේ හට ගැනීමත්, නැතිවීමත් විදර්ශනා ප‍්‍රඥාවෙන් නොදැක, අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා, පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකිමින් එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.
(ජේතවනාරාමයේදී පටාචාරා තෙරණිය අරභයා වදාළ ගාථාවකි ෴)