Temples of Sri Lanka

වචනයට පණ දෙන පැහැදිලි සිතුවිලි වගා කරමු

සමාජයක් තුල ජීවත්වන මිනිසුන් විවිධාකාරයයි. “ සිතේ එකක් තියා කටින් තවෙකක් ප්‍රකාශයට තරම් චලනය වන හිත් ඇත්තෝ ලෙසට පවතී. සියල්ලට මුලික වන්නේ සිතුවිල්ල නැතහොත් ආකල්ප වේ. සමාජයේ අප වටා ජීවත් වන මිනිසුන්ගේ හැඩරුව පමණක් නොව සිතුම්, පැතුම්, ආකල්ප යන මේවා අනුව හා ජිවත් වන රටාව අනුව මේ වෙනස ඇතිවේ.

එය තවකෙකුට විනිවිද දැකීමට නොහැක. ඔබ ඇසුරු කරන්නේ ධනාත්මක ආකල්ප ඇති කෙනෙක් ද ඔබත් ඒ පුද්ගලයා හා සිතීමට හුරු වේ. නමුත් වැරදි කෙනෙකු ආශ්‍රයෙන් වන්නේ නම්, සිතුවිලි ද අයහපත් වේ.පුද්ගලයෙක් යහපත් මෙන්ම අයහපත් පුද්ගලයෙක් වන්නේ ඔහු සතු සිතවිල්ල, චින්තනය තුළිනි. එදිනෙදා ජීවිතයේදී සෑම කාර්යයකටම මුල්වන්නේ සිතුවිල්ලයි. පුද්ගලයෙකුගේ ඉදිරි කාර්යය නිර්මාණය වන්නේ එය තුළිනි. යම් කිසි දෙයක් කිරීමට, ප්‍රකාශ කිරීමට සිතිවිල්ල මූලික වේ.

ඇතැම් පුද්ගලයින් තම සිතුවිල්ලට අනුව වැඩ නොකරයි. නමුත් සමාජය තුළ වැරදි නිවැරදි කරගැනීමට හැකිවන්නේ ද යම් ක්‍රියාවකට ප්‍රථම සිතින් එම ක්‍රියා පිළිබඳව දූරදර්ශීව දැකීමෙනි.

බුදුරජාණන් වහන්සේ වදාරණ පරිදි, “චේතනාහං භික්කවේ කම්මං වදාමි – මහණෙනි මම චේතනාව කර්මය යැයි සිතමි” ලෙසට වදාරා ඇත. මේ අනුව සිතුවිල්ල අකුසල් කිරීමද ප්‍රධාන තැනක් ගනියි. එහිදී සිතින් සිතා මතාම කරන ලද අයහපත් ක්‍රියා අකුසල් ගණයට අයත් වේ. පුද්ගලයා පිළිබඳ හොඳින් අවබෝධයක් ඇති තැනැත්තා ධනාත්මක චින්තනය තුළින් වර්ධනයක් දකියි. ඔබත් ඔබ තුළ ඇති අයහපත් සිතුවිලිවලින් මිදී යහපත් සිතුවිලි තුළින් වර්ධනයක් ලබා ගත යුතුය.

සමාජයක් වශයෙන් ඉදිරියට යෑමට සිතිවිල්ල මූලික වේ. සෑම පුද්ගලයා තුළම ධනාත්මක චින්තනය වර්ධනය විය යුතුය. ඍණාත්මක චින්තනය තිබීමට ඉඩක් නොතැබිය යුතුය. තමා සතු සිතුවිල්ල නිර්මාණයට ඔබගේ ජීවන පරිසරය, මිතුරු ඇසුර ප්‍රධාන වේ. තමා සිතන පතන ආකාරයට සිත තුළ සිතුවිලි නිර්මාණය වේ. වැරදි ක්‍රියාවකට යොමු වීමටත්, යහපත් ක්‍රියා කිරීමටත් මූලික වන්නේ අපගේ සිතයි.

සිතුවිලි යන්න අපි ජීවිතේ මෙහෙයවන ප්‍රධාන සාධකයකි. ජීවිතය යහපත් කිරීමට යහපත් සිතිවිලි ද අයහපත් ජීවිතයක් සඳහා අයහපත් සිතිවිලිත් හේතු සාධක වේ.

ඔබගේ අනාගතය සුන්දරවත් වන්නේ ද ඔබ සිතන පතන ආකාරය අනුවයි.

යහපත් සිතිවිලි ඔස්සේ එන යහපත් වචනම යහපත් පැවැත්ම උදා කරයි..

මේ නිසා හොඳ සිතිවිලි වගා කරමින් ලැබූ මින්සත් බව අර්තවත් කර ගනිමු..

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X