Temples of Sri Lanka

සෙන් උපමා කතා – 08

ප්‍රශ්නයට පිළිතුරක්…

පැරණි සෙන් පන්සල් දෙකක ළාබාල සිසුන් දෙදෙනෙක් සිටියා.සෙන් ගුරුවරු සිය ලාබාල සිසුන් ආත්ම ප්‍රකාශයට පුහුණු කරවනවා .

දවසක්, එක ලාබාල ශිෂ්‍යයෙක් එළවළු ගෙන ඒම සඳහා වෙළෙඳ පොළට යන අතරමගදී අනෙක් පන්සලේ ශිෂ්‍යයා ඔහුට හමු වුණා.

මේ පළමුවැන්නා දෙවැන්නා ගෙන් අහනවා “ඔබ කොහෙද යන්නෙ?” කියා…

දෙවැන්නා පිළිතුරු වශයෙන් ලබා දුන්නේ “මං යනවා මගේ කකුල් යන දිහාට යනුවෙන්”…

මේ පිළිතුර, ප්‍රශ්නය ඇසූ පළමු ශිෂ්‍යයාට ප්‍රහේලිකාවක් වුණා .
ඒ පිළිබඳව තම ගුරුවරයාගෙන් විචාලා.

ගුරුවරයා ඒ සඳහා උපදේශය ලබා දුන්නේ මෙන්න මේ ආකාරයට …

හෙට උදෙත් ඔය හාදයා ඔබට මුණ ගැහේවි. එවිට ඔබ ඔය ප්‍රශ්නය ම නැවත ඔහුගෙන් අසන්න. එතකොට ඔහු ඒ පිළිතුර ම ඔබට ලබාදේවි. එවිට ඔබ ඔහුගෙන් අහන්න ඕන… හොඳයි “කකුල් නොතිබුනානම් ඔබ කොහොමද යන්නෙ” කියලයි…

පසුදින නැවත පෙර කී ආකාරයටම, එම ශිෂ්‍යයා මුණගැසුනා. පළමුවැන්නා අනෙක් ශිෂ්‍යයාගෙන් “ඔබ කොහෙද යන්නෙ” යැයි ඇසුවා….

“මං යනවා හුළඟ හමන දිශාවට” දෙවන වර ඔහුගේ පිළිතුර වුණා.

පිළිතුරක් දී ගත නොහැකිව අතරමංවූ පළමු ශිෂ්‍යයා , නැවත මේ බව ගුරුවරයාට සැලකර සිටියා …

හොඳයි …හෙට අහන්න “හුළඟක් නොතිබුණා නම් ඔබ කොහෙටද යන්න කියලා” …ගුරුවරයා නැවතත් උපදෙස් ලබා දුන්නා …..

තෙවැනි දවස එලැබුණා.නැවතත් මේ ශිෂ්‍යයන් දෙදෙනා මුණ ගැසුණා. පළමුවැනි ශිෂ්‍යයා …”ඔබ කොහෙද යන්නෙ” යැයි නැවතත් එම ප්‍රශ්නයම ඇසුවා…

දෙවැනි ශිෂ්‍යයා පිළිතුරු ලබා දුන්නා.

“ආ… මන්ද? මං මේ
එළවළු ටිකක් ගේන්න යනවා…..

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X