Temples of Sri Lanka

සෙන් උපමා කතා -12

පුංචි කපුටු මොලේ 

තමන්ගේ කූඩුවෙන් පිටතට ඇවිත් වැඩි හිටි රැළට එකතු විය යුතු දිනයක් ඕනෑම සතෙකු ගේ ජීවිතයට උදාවේ .කපුටා ටත්මෙය එසේමයි.

එක්දිනක් කපුටු පැටවුන් තුන්දෙනෙක් තමන්ගේ රැළට එකතු කරගන්නට, වැඩිහිටි කපුටෝ ඔවුන්ගේ බුද්ධිය කුමන ආකාරයකින් ඇති දැයි පිරික්සීමට ප්‍රශ්න අසමින් සිටියහ.

මේ මුළු ලෝකයෙන්ම ඔබ වඩාත් බිය විය යුත්තේ කුමකට ද ?මේ ප්‍රශ්නය පළමුවැනි කපුටු පැංචාගෙන් රැළේ නායිකාව අසනලද ප්‍රශ්නයයි .

මොහොතක් කල්පනා කරමින් සිටි කපුටු පැටියා…” වඩාත්ම බිය විය යුතු දෙය නම් ඊතලය යි.මොකද එක පහරින් කපුටෙකු මරා දමන්නට එයට හැකි නිසා” ලෙස පිළිතුරු ලබාදුන්නේය .

මෙම පිළිතුර ඇසූ වැඩිහිටි කපුටන් එය ඉතා බුද්ධිමත් පිළිතුරක් ලෙස සලකා පියාපත් සලමින් කා කා හඬ නංවමින් සිය අනුමැතිය ඒ සඳහා ප්‍රකාශ කරමින්..”ඔබ සත්‍ය ප්‍රකාශ කළා” ලෙස නායිකාව පැවසුවාය .

එසේ ප්‍රකාශ කරමින් අපි ඔබ අපේ රැලට පිළිගන්නවා ලෙස ද ප්‍රශ්න කරන ලදී .

මීළඟ කපුටු පැටවා ගෙන් නායිකාව මෙසේ ඇසුවා…
අප වඩාත් බිය විය යුතු වන්නේ කුමකටදැයි ඔබ සිතනවාද ?

ඒ සඳහා දෙවන කපුටු පැටවා ගේ පිළිතුර වූයේ” ඊතලයකට වඩා දක්ෂ දුනුවායෙකුට අප වඩාත් බිය විය යුතු බව මා සිතනවා” මොකද ඊතලය එල්ල කර විදින්නට හැක්කේ දුනු අයෙකුට පමණයි. දුනුවායකු නැත්නම් ඊතලය හරියට කොටුවකට වඩා වැඩි දෙයක් නොවෙයි. එය මා වසා සිටින අත්තේ ඇති කෝටුවට සමානයි ” යනුවෙනුයි .

මෙතෙක් අසා ඇති පිළිතුරු වලින් වඩාත් ඥාණාන්විත තර්ක වලින් එකක් බව මේ කපුටා ගේ පිළිතුර හරහා සිතූහ. දෙවන කපුටු පැටවා ගේ දෙමාපියෝ සිය දක්ෂ දරුවා ගැන ආඩම්බරයෙන් කතා කළහ. කපුටු නායිකාවද මෙසේ පැවැසුවාය. ඔබ කතා කරන්නේ මහා බුද්ධියකින්. අපේ සාමාජිකයෙකු ලෙසින් බොහොම සතුටෙන් ඔබව අප බඳවා ගන්නවා.

තෙවන කපුටු පැටියාගේ වාරය පැමිණුනි .
“ඔබ මොනවාද මොනවාද හිතන්නේ අප වඩාත් බිය විය යුතු දේ ගැන..? ලෙස කපුටු නායිකාව විමසුවා.

දැනටමත් පවසා ඇති දේවල් පිළිබඳව අප භයට පත් විය යුතු නෑ .කපුටු පැටවා ප්‍රතිචාර දැක්වූයේ ය.ලෝකයේ මා දකින ලෙසට වඩාත් බිය විය යුතු වන්නේ අදක්ෂ දුනුවායා ටයි .

මෙය ඉතා අමුතුම පිළිතුරක් ලෙස සියල්ලෝම දුටහ. වික්ෂිප්ත වූ කපුටෝ ලැජ්ජාවෙන් නිහඬව සිටියහ. තුන්වන කපුටු පැටවා ප්‍රශ්නය තේරුම් ගැනීමට හෝ සමතෙකු නොවේ යැයි ඔවුහු සිතන්නට පටන් ගත්හ.

ඔබ මෙවැන්නක් පවසන්නේ කුමන හේතුවක් නිසාදැයි රැළේ නායිකාව ඔහුගෙන් විමසුවේ ය.

එවිට තුන්වන කපුටු පැටියා මෙසේ ප්‍රකාශ කළේය .

“මගේ දෙවන යහළුවා කී කතාව ඉතා නිවැරදියි දුනුවායෙක් නොමැති ඊතලයකට බිය විය යුතු නෑ. නමුත් දක්ෂ දුනුවායෙක් ඔහුගේ ඊතලය නිවැරදි ඉලක්කයට ගමන් කරවනවා. ඒ නිසා දුනුදිය නැගෙන ශබ්දය ඇසුණු විගස අප කළ යුත්තේ එක් පසෙකට හෝ අනෙක් පස පසකට ඉගිල්ලී යාමයි .නමුත් අදක්ෂ දුනුවායෙක් ඔහුගේ ඊතලය කොයිබට යවාවි දැයි අප කාටත් නිශ්චය කරගත නොහැකියි. ඔබ ඉවත් වන්නට උත්සාහ ගත්ත ද ඇතැම්විට ඔබ ඉවත් වූයේ ඊතලයේ ගමන් මාර්ගයේ ඉදිරියටම විය හැකියි. හිටි තැනම සිටිනවද …ඉවත් වනවාද යන්න තීරණය කිරීමට ඔබට කිසි දිනෙක නො හැකි වේවි ”

නියමාකාරයෙන් බුද්ධිමත් භාවය ඇත්තේ තුන්වන කපුටු පැටියට බව මේ තතු ඇසීමෙන් සියලුම කපුටො වටහා ගන්නා ලදී.

දෙයක් මතුපිටින් දකිනවට වඩා ඉන් ඔබ්බට දැකීමේ හැකියාව ඔහුට ඇති බව සියල්ලෝ ම පැවසූහ . සියල්ලෝම ගෞරවයෙන් හා අගය කරමින් ඔහු ගැන කතා කළහ.

රැලේ නායකයා බවට පත්වන ලෙස කපුටන් වැඩි කලක් නොගොස් ඔහුගෙන් ඉල්ලීම් කළහ.

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X