ධනය නොව ආරක්ෂා විය යුතුම දේ “ධර්මයයි”.
ධර්මය වස්තුවක් වශයෙන් පෙන්වන්නට ඇති දෙයක් නොවන බැවින් ධර්මයට කරන පූජාව ධර්මධරයන්, ධර්ම කථිකයන් කෙරෙහි කළ යුතු බව තථාගතයන් වහන්සේ වදාළ සේක.
එබැවින් ධර්මයට පුදනු කැමැතියන් විසින් ඒ දෙය ධර්ම පූජා වශයෙන් ධර්මධරයන් වහන්සේලාට, ධර්ම කථිකයන් වහන්සේලාට පිදිය යුතු ය.
ධර්මය ලියා තිබෙන්නා වූ ද, මුද්‍රණය කර තිබෙන්නා වූ ද පොත් පත් ධර්ම චෛත්‍යයෝ ය. ධර්මයට ගරු කිරීමක් වශයෙන් ඒවාටv ද වැඳුම් පිදුම් කළ හැකි ය.
ධර්මය දේශනය කරන කල්හි ඉතා ගෞරවයෙන් එය ඇසිය යුතු ය. උසසුන්වල හිඳ බණ ඇසීම ද, ධර්ම කථිකයන් වහන්සේට පිටුපා බණ ඇසීම ද, ධර්මකථිකයන් වහන්සේ දෙසට පා දිගු කර ගෙන හිඳ බණ ඇසීම ද ධර්මයට කරන අගෞරවයෝ ය.
තව ද දහම් දෙසන තැනක එය නො අසා අන් වැඩක යෙදීම ද, බණ අසන අන්‍යයන්ට බාධා විය හැකි පරිදි කථා කිරීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. ගෞරවයෙන් බණ ඇසීම පිනක් වන්නාක් මෙන් ම ධර්මයට අගෞරව කිරීම පාපයක් වන බව දත යුතු ය.
තථාගත ධර්මය පිරිහෙන්නට නොදී ආරක්ෂා කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. ධර්මය ආරක්ෂා වීමට කළ යුතු දේ නම් දහම් පොත් පත් සුලභ කිරීම ය.
ධර්මාචාර්යවරයන්ට හා ධර්මය උගන්නා ශිෂ්‍යයන්ට අනුබල දීමය. ධර්ම දේශනා මාර්ගයෙන් මහජනයා අතර ධර්මය පතුරුවාලීම ය යන ආදිය යි.
සර්වඥ ශාසනය ගෙන යන්නා වූ උන්වහන්සේලාට උපකාර කළ යුතුය. උන්වහන්සේලාගේ සුව දුක් ගැන කල්පනා කළ යුතු ය.
උන්වහන්සේලාට සෑම කල්හි ම ගෞරව කළ යුතු ය. උන්වහන්සේලා දුටු විට හුනස්නෙන් නැගිටිය යුතු ය. උන්වහන්සේලා ඉදිරියේ උසසුන්වල නො හිඳිය යුතු ය. වහන් පය ලා හිස් වැසුම් ලා නො සිටිය යුතු ය.
උන්වහන්සේලා හා කතා කරන කල්හි ගිහියන් හා කතා කරන්නාක් මෙන් කතා නො කොට, ගෞරවයෙන් කතා කළ යුතු ය.
භික්ෂූන් වහන්සේලා ආශ්‍රය කිරීමේ දී උන් වහන්සේලා හා අධික මිත්‍රත්වයට නො පැමිණ ගින්න ආශ්‍රය කරන්නාක් මෙන් පරෙස්සමින් ආශ්‍රය කළ යුතු ය. භික්ෂූන් වහන්සේ හා අධික මිත්‍රත්වයට පැමිණිය හොත් උන් වහන්සේ කෙරෙහි ගෞරව නැති වීමෙන් ද, සඟ සතු දෑ තමාගේ ප්‍රයෝජනයට ගන්නට පුරුදු වීමෙන් ද අපාගත විය හැකි ය.
එනිසා..රැකිය යුතුම ධර්මය අගනා ලෙස ආරක්ෂා කිරීමද අපේ ප්‍රධානම කෘත්‍ය සේ සලකමු..
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයින්ට තමයි ධර්මයේ පිහිට පිළිසරණ තිබෙන්නේ. ධර්මයේ පිහිට පිළිසරණ කියල කියන්නේ සැබවින් ම සතුටින් සොම්නසින් වාසය කරන්ට පුළුවන් ජීවිතයක් උපදවාගැනීමටයි. අපිට සතුටෙන් වාසය කරන්ට පුළුවන්කම නැත්නම්, සොම්නසින් වාසය කරන්ට පුළුවන්කම නැත්නම්, අපි ධර්මයෙන් පිහිටක් පිළිසරණක් ලබාගත්තද? කියන කාරණය ගැන අපි ම කල්පනා කරල බලන්න ඕන.
මේ ධර්මය, ඉගෙන ගන්න තරම් පුරුදු කිරීම පහසු දෙයක් නෙවෙයි. මෙතනදී ඉගෙන ගන්නවා කියලා මා සඳහන් කළේ, අපි අනිකුත් දේවල් ඉගෙන ගන්න විදිහට පොතපතෙන් බලල, අහල, මතක තබාගෙන ඒ ආකාරයෙන් ඉගෙන ගැනීමයි. ඒ ආකාරයට ඉගෙන ගැනීම අද යුගයේ ඉතා ම පහසුයි. අකුරු සාත්තරය දන්න කෙනෙකුට නම් අද කාලේ බොහෝ ධර්මයන් ඉගෙනගන්ට අවකාශයක් තිබෙනව. අකුරු සාත්තරය නොදැන සිටියත් කනෙන් අහන්ට පුළුවන් නම් අද බොහෝ ධර්මයන් අහන්ට, අහල දැනගන්ට අවකාශය තිබෙනව. නමුත් අපි ඒ විදිහට කෙටි කලෙකින් ධර්මය ඉගෙන ගත්තත්, ඒ විදිහට අපිට ධර්මය බොහෝ අසා දැනගන්ට ලැබුණා වුණත්, ඒ ඇසූ ධර්මය පුරුකරගන්නවා කියන එක කෙටි කලෙකින් පුළුවනි කියල අපි සිතන්න කරන්න හොඳ නැහැ.
මේ ධර්මය අපි ඉතාම ප්‍රවේසමෙන්, ඉතාම නුවණින් පුරුදු කළොත් අපිට අපේ වේගය තේරෙන කලක් එනවා. ඒක හරියට මේ වගේ. මීටර දහ දාහේ තරගය දුවන කෙනා ආරම්භයේදී උපරිම ජවයෙන් පටන් ගන්නේ නෑ. ආරම්භයෙදී උපරිම ජවයෙන් පටන් ගත්තොත් මොකද වෙන්නෙ. එයාට වැඩිදුරක් දුවන්න ලැබෙන්නෙ නෑ, නමුත් අපි කෙටි දුර දුවනකොට ආරම්භයේදී උපරිම ජවයෙන් පටන් ගන්න ඕන. නමුත් ධර්මය හැදෑරීම කෙටි දුර දුවල අවසන් කරගන්න පුළුවන් එකක් නෙවෙයි.
හිතන්න බැරි, විස්තර කරන්න බැරි, දකින්ට බැරි තරම් ඉතා දීර්ඝ කලක් සංසාරෙ පුරාවට අතිශයින් දුක් පීඩා විඳිමින් සොයාගන්ට බැරිව, තේරුම් ගන්ට බැරිව, අවබෝධ කරගන්ට බැරිව පැටලි පැටලි ආපු ගමනක් නිරවුල් කරගැනීමට තිබෙන අවස්ථාවකට තමයි අපි පැමිණිලා තිබෙන්නේ. නිරවුල් කර ගැනීමට උපකාර නෑ. අන්න එබඳු බැරෑරුම් කටයුත්තක්. කෙටි ඉලක්කයක් බවට පත් කර ගන්න හොඳ නැහැ. ඒ තමයි අපි ආරම්භයේදීම මේ පින්වතුන්ට දෙන ඉතාමත්ම ළෙන්ගතු අවවාදය. ඉතාම වගකීම් සහිත ඉලක්කයක් තමයි අපට උදාකර ගැනීමට තිබෙන්නේ..
බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුළුමනින්ම පුරුදු කළ යුතු දෙයක්, පුහුණු විය යුතු දෙයක්. පුහුණුවීමකින් තොරව, පුරුදුවීමකින් තොරව මේ ධර්මයෙන් පිහිටක් ලබාගැනීම, පිළිසරණක් ලබාගැනීම ගැන කතා කරන්නට පුළුවන්කමක් නෑ. මේ ලෝකයේ වෙනත් විෂයන් මඟින් පුහුණුවකින් තොරව උපදවගන්ට පුළුවන් යම් ප්‍රතිලාභ තිබෙන බව ඔබ දන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිට ලබන්නට නම්, ඒ ධර්මය පුහුණු කළ යුතුමයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කියල කියන්නේ, ඒ ධර්මය පුරුදු කළ, පුරුදු කරන අයටයි. ඒ නිසාම තමයි ඒ ශ්‍රාවකයින් කොටස් දෙකක් විදිහට සිටින්නේ. ධර්මය පුරුදු කරන අය විදිහටත්, පුරුදු කරල අවසන් කළ අය විදිහටත්, ඒ කොට්ඨාස දෙක හඳුන්වන්න පුළුවන්…
තෙරුවන් සරණයි🙏
Buddhist Brotherhood
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood