සත් භාර්යාවෝ
භාර්යාවන් සත් ආකාරයකින් පෙනී සිටිනා වග බුදුන් වහන්සේ වදාළ සේක.
ඒ,
1. වධකසම භාර්යාව
2. චෞරීසම භාර්යාව
3. ආර්යසම භාර්යාව
4. මාතෘසම භාර්යාව
5. භගිනිසම භාර්යාව
6. සඛීසම භාර්යාව
7. දාශීසම භාර්යාව







“යාවිධ භරියා වධකාති වුච්චති
චෞරී ච අය්යාති ච යා පවුච්චති
දුස්සීල රූපා ඵරුසා අනාදරා
කායස්ස භේදා නිරයං වජන්ති තා”
“දුශ්ශීල වූ, නපුරු වූ, හිමියාට අනදර කරන්නා වූ වධක භාර්යාව ය…. චෞරි භාර්යාව ය. ආර්ය්ය භාර්යාව යයි කියනු ලබන භාර්යාවන් මරණින් මතු නරකයට යන බව මෙයින් ප්රකාශිත ය.
“යාවීධ මාතා භගිනි සඛී ච
දාසී ච භරියාති ච යා පවුච්චති.
සීලෙ ඨිතත්තා චිරරත්න සංවුතා
කායස්ස භෙදා සුගතිං වජන්ති තා.”
ශීලයෙහි පිහිටියා වූ මෘතෘ භාර්යාව ය, භගිනි භාර්යාව ය, සඛී භාර්යාව ය, දාශී භාර්යාව යයි කියනු ලබන භාර්යාවෝ මරණින් මතු සුගතියට යත්හයි මෙයින් ප්රකාශිත ය.
උපුටා ගැනීම….
බෞද්ධයාගේ අත්පොත
-අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් වහන්සේ-
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood