අප බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටියදී සිටියදී එක් දිනක් තෝදෙය්‍ය පුත්‍ර සුභ නම් තරුණයා උන් වහන්සේ වෙත පැමිණ සතුටු සාමිචි කතාවෙහි යෙදී සිට අනතුරුව වැදගත් ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
🤔 මේ සමාජයේ අඩු ආයුෂ මෙන්ම වැඩි ආයුෂ ඇති අයද සිටිති.
🤔 නිතර රෝගයන්ගෙන් පෙළෙන අය මෙන්ම ආබාධ අඩු නිරෝගි අය ද වෙති.
🤔 ඉතා ලස්සන මෙන්ම මෙන් ම අවලස්සන අය ද වෙති .
🤔 පිරිවර ඇති මෙන්ම පිරිවර නැති අල්පේශාක්‍ය අයද සිටිති.
🤔 ඉතා දුප්පත් අය මෙන්ම ධනවත් අය ද වෙති.
🤔 සමහරු උසස් කුලවලට අයත් ව සිටිති.
🤔 සමහරුන් ඥානවන්ත වෙති.
🤔 තවත් සමහර අය මෝඩයෝ වෙති .
🤔 විවිධත්වයට හේතු කවරේද …?
යන්න ඔහුගේ ප්‍රශ්න විය…
සුභ තරුණයා ඇසූ ඒ ප්‍රශ්නයට දුන් පිළිතුරෙහි කෙටි අදහස නම්…..
මිනිසාගේ වෙනස්කම් කෙරෙහි දැඩි බලපෑමක් සිදුකරන්නේ කර්මය බවයි.
🌿 කිසියම් කෙනෙක් සතුන් මරද්දි මරණින් මතු දුගතියෙහි උපදිති. මනුෂ්‍ය ලෝකයේ හෝ කවර තැනක උත්පත්තිය ලැබුවත් අල්පායුෂ්ක වෙති.
🧡 සියලු සත්වයන් වෙත දයාව හා අනුකම්පාව පවත් නම් මරණින් මතු දෙව්ලොව උපදිති. මනුෂ්‍ය ලෝකයේ හෝ අනතුරුව වෙනත් තැනක උපදී නම් දීර්ඝායුෂ වෙති .
🌿 කිසියම් පුද්ගලයෙක් අතින් පයින් හෝ දඩු මුගුරු අවි ආයුධවලින් සත්වයන්ට පහර දෙයි නම් එහි අකුසල විපාක වශයෙන් අපායේ උපත ලබා බොහෝ දුකට භාජනය වෙති. මනුෂ්‍ය ආත්මයක හෝ අනතුරුව වෙනත් ස්ථානයක ලැබුවහොත් බොහෝ ලෙඩ දුක් ආදියට ගොදුරු වෙති.
🧡 සත්ත්වයන්ට හිංසා නොකර කාරුණික වෙද්ද වෙත්ද ඒ හේතුවෙන් දෙව්ලොව උපත ලබති. මනුෂ්‍ය ආත්මයක් හෝ පසුව වෙනත් තැනක උපත ලැබුවහොත් නිරෝගී සුවය විඳී.
🌿 කිසියම් පුද්ගලයෙක් ක්‍රෝධ කරයිද එහි වරද පෙන්නා දුන් විට කිපේද තරහ හා නොසතුට ප්‍රකාශ කරයි ද මරණින් මතු අපායේ උපදිති. මනුෂ්‍ය ආත්මය හෝ අනතුරුව වෙනත් ආත්මයක් ලැබුවත් රූප දුර්වර්ණව අවලස්සනම උපදිති.
🧡 යම් කෙනෙක් ක්‍රෝධ නො කරයි ද සුළු වරදක් හෝ පෙන්නා දුන් විට නොපිපේද තරහ උපද වූවන් නොවේ ද සතුටුයි නොවේද ඒ කුසල කර්මයෙන් දෙව්ලොව උපදී. මනුෂ්‍ය ආත්මයක් හෝ අනතුරුව වෙනත් ආත්මයක් ලැබුවහොත් ප්‍රියකරු රූප සම්පත්තියකින් උපත ලබති .
🌿 යම් කෙනෙක් ඊර්ෂ්‍යා කරයි ද අනුන්ගේ ලාභ සත්කාර ගරු බුහුමන් නො ඉවසයි ද ඒවාට ඊර්ෂ්‍යා කරයි ද මරණින් මතු අපායේ උපදී. මනුෂ්‍ය ආත්ම භාවය කින් අනතුරුව වෙනත් ආත්මභාවයන්හි උපදී ද උපදීද පිරිවර නැති අල්පේශාක්‍ය භාවයට පත් වෙයි.
🧡 යම් කෙනෙක් අනුන්ගේ දියුණුව කැමති වෙයිද වැඳීම් පිදීම් ගරු කිරීම ආදියෙහි ඊර්ෂ්‍යා නො කෙරෙයි ද මරණින් මතු දෙව්ලොව උපදී. මනුෂ්‍යාත්ම භාවයෙහි හෝ පසුව යම් තැනක උපත ලැබුවහොත් මහේශාක්‍ය භාවය හා පිරිවර සම්පත් ලබති .
🌿 යම් කෙනෙක් දන් නොදෙයිද දස දාන වස්තු වෙන් සංග්‍රහ නොකරයිද මරණින් මතු දුගතිගාමී වෙයි. මනුෂ්‍ය ආත්ම භාවයට හෝ වෙනත් ස්ථානයක උපත ලත් විට දිළිඳු බවට පත්වෙයි.
🧡 යම් කෙනෙක් දන් දෙයි ද දෙයිද දසවිධ දාන වස්තුවෙන් පරිත්‍යාග කරයි ද කරයි ද මරණින් මතු සුගතිගාමී වෙයි. මනුෂ්‍ය ආත්මයක හෝ වෙනත් තැනක උපත ලත් විට අපමණ භවබෝග සැප සම්පත් ලබති .
🌿 යම් කෙනෙක් අධික මානයෙන් යුක්ත ද මවුපිය ගුරුවරුන්ට වඳින වැඩිහිටියන්ට කළ යුතු සත්කාර ගරුකාර නොකරන නොකරන පිදිය යුත්තන් පුදන මරණින් මතු අපායේ උපදිති .මනුෂ්‍ය ආත්මය හෝ අනතුරුව වෙනත් තැනක ඉපදුනු කල්හි පහත් කුල වලට අයිති වෙති. නින්දා අපහාස විඳින්න ලැබීමට පහසු වෙති.
🧡 යම් කෙනෙක් හොඳ සිත් ඇතිව නිහතමානීව මව්පිය ගුරුවරුන්ටත් පිදිය යුතු අන් අයටත් ගෞරව පුද සත්කාර කරයිද කුසල බලයෙන් සුගතිගාමී ව මනුෂ්‍ය ආත්මයක් හෝ වෙනත් ස්ථානයකදී ස්ථානයක දී. උපදින විට උසස් කුලවලම උපදිති.
🌿 යම් කෙනෙකු කෙනෙක් කුසල් අකුසල් හරි වැරදි කළ යුතු නොකළ යුතු ඇසුරු කළ යුතු නොකළ යුතු ආදී කරුණු නොවිමසා කටයුතු කරයි ද කරයි ද මරණින් මතු දුගතිගාමී වෙති. මනුෂ්‍ය ආත්ම භාවය හෝ පසුව වෙනත් ස්ථානයක උපදින විට අඥානවන්තයෝ වෙති.
🧡 යම් කෙනෙක් කුසල් අකුසල් හරි වැරදි කළ යුතු නොකළ යුතු ආදී දේ ගැන නිතර විමසා ඒ අනුව කටයුතු කරයි නම් මරණින් මතු සුගතිගාමී වෙති මනුෂ්‍ය ආත්ම භාවය හෝ වෙනත් තැනක උපත ලැබුවොත් ඥානවන්තයෝ වෙති. අයගේ ගෞරවයට ලක් වෙති.
🌷 🌷 🌷 🌷 🌷
💚මේ දැක්වූයේ සත්ත්වයාගේ විවිධ වෙනස්කම්වලට කර්මය බලපාන අන්දමයි…
🌹 මිනිස් ආත්ම ආත්මභාවයක් ලබා …අප පසුපස හඹා එන්නාවූ මෙම කර්මය සුගතිගාමී හෝ දුගතිගාමී කරගැනීම ද අප සතුව ඇති කාර්යයකි.
🌹 එබැවින් උතුම් මිනිස් ආත්ම භාවයක් ලද අප වඩවා ගන්නා කුසල ධර්මයන් මත අපගේ කර්ම ශක්තීන් යහමගට හරවා ගැනීම අප සතු කාර්යයකි….
🌹 අපසතු සියල්ලේම තැනීම් කරුවා අප වන බැවින් ,අපගේ සිත කය වචනය යන මේ තුන් දොරින් සිදුවන්නා වූ අකුසලයන් මැඩ පවත්වමින් කුසල් රැස් කරමින් අපගේ කර්මය යහපතක්ම කරගැනීමට අවැසි ශක්තීන් මිනිස් අප තුළ වඩවා ගනිමු ..
මේ ඔබගේ චින්තනය උදෙසාමයි…
© Buddhist Brotherhood