The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 02
චරඤ්චේ නාධිගච්ඡෙය්‍ය – සෙය්‍යං සදිසමත්තනෝ
ඒකචරියං දළ්හං කයිරා – නත්ථි බාලේ සහායතා
ඒකචරියං දළ්හං කයිරා – නත්ථි බාලේ සහායතා
එක්කො තමන්ට වඩා උසස් කෙනෙක්වයි ආශ‍්‍රයට සොයාගන්න ඕනෙ. එහෙමත් නැත්නම් තමන්ට සමාන ගුණධර්ම තියෙන කෙනෙක්වයි ආශ‍්‍රයට සොයාගන්නට ඕනෙ. එහෙම කෙනෙකුත් සොයාගන්ට නැත්නම්, දැඩි අධිෂ්ඨානයකින් හුදෙකලාවේ තනියම ජීවත්වෙන්ට ඕනෙ. අසත්පුරුෂයන් එක්ක යාළුකම් ඕනෙ නෑ.
(සැවැත් නුවරදී මහාකස්සප තෙරුන්ගේ ගෝලයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)