Temples of Sri Lanka

මරණින් මතු ලෝකය සදාකාලිකද…?

ජීව­තුන්ගේ ලෝක­යෙන් වෙන් විය යුතුය යන්නෙන්, තැනැ­ත්තාගේ මර­ණය මිනි­සුන්ගේ පව් වෙනු­වෙන් කෙරෙන පූජා­වක් බව පෙන්වයි. මේ මඟින් පසු කල­කදී ක්‍රිස්තුන් වහන්සේ විසින් ඇර­ඹිය යුතුව තිබූ ගැල­වීම කල­කට පෙර අනා­ව­ර­ණය කෙරිණි. කෙසේ නමුත් මිනි­සාට තනිව තමන්ව මර­ණ­යෙන් ගලවා ගත නොහැ­කිය. ඒ සඳහා දෙවි­යන් වහ­න්සේගේ වරම් අවශ්‍ය වේ. එබැ­වින් අන්ත්‍රා­වක් මිනිසා කරා පැමි­ණෙද්දී කළ හැක්කේ දෙවි­යන් වහ­න්සේට කන්න­ලව් කිරීම පම­ණකි.

මිනිස් සිරු­රෙන් බාහි­රව හැසි­රිය හැකි සූක්ෂ්ම මනෝ­මය ශරී­ර­යක් තිබෙන බව අප­ර­දිග මනෝ­වි­ද්‍යාව මඟින් සොයා ගෙන ඇත. දශක කිහි­ප­යක් පුරා එම විද්‍යා­ඥ­යින් විසින් ඒ පිළි­බ­ඳව පර්යේ­ෂණ අඛ­ණ්ඩව සිදු කර තිබේ. (මෙම ඡේදය මඟින් අපගේ අව­ධා­නය යොමු වන්නේ මනෝ­කාය පිළි­බඳ බෞද්ධ සංක­ල්පය කුමක්ද යන්න සොයා බැලී­මය.)

කල්ප විනා­ශ­ය­කින් අන­තු­රුව ලෝකය ආර­ම්භ­යේදී කාල­යක් අභ්‍ය­න්තර දිව්‍ය ලෝක­වල විසූ සත්ත්වයෝ එයින් මිදී පොළො­වෙහි වාස­යට පැමි­ණෙති.

ප්‍රීතිය ආහාර කොට ගෙන තිබෙන ඔවුහු මනෝ­මය සිරු­ර­කින් වසන බව දීඝ­නි­කායේ අග්ගඤ්ඤ සූත්‍රය විස්තර කරයි.

බුදුන් වහන්සේ එක්තරා අව­ස්ථා­වක පොට්ඨ­පාද හට මනෝ­මය ආත්ම ප්‍රති­ලා­භය කව­රක්ද යන්න ගැන විස්තර කළහ. ධ්‍යාන සිතින් නිර්මා­ණය වූ රූප­වත් වූ සිය ̈ අඟ­ප­ස­ඟින් යුත් නොපි­රි­හුණු ඉඳු­රන් තිබෙන යමක් වේද එය මනෝ­මය ආත්ම ලැබීම බව දීඝ නිකාය පොට්ඨ­පාද සූත්‍රය විස්තර කරයි.

දීඝ නිකාය සාම­ඤ්ඤ­පල සූත්‍රය පරිදි ජීවත් වන පුද්ග­ල­යෙ­කුට මනෝ­මය සිරු­රක් නිර්මා­ණය කර­ගැ­නී­මට හැකි­යාව ලැබෙන්නේ සමා­ධි­ගත සිත මුල් කර ගැනී­මෙනි. එලෙස සිත සමා­ධි­ගත වූ කල, දීප්ති­මත් වූ කල, කෙලෙස් නොමැති කල­මෘදු වූ කල, ඍද්ධීන් බිහි කිරී­මට සුදුසු වූ කල, මනෝ­මය සිරු­රක් මවා පෑමට සිත යොමු කරයි. බුදුන් වහන්සේ සිත දියුණු කිරී­මෙන් ලැබිය හැකි සුවි­ශේෂ සෘද්ධි­යක් ලෙස එය විස්තර කරයි. චිත්ත දියු­ණුව බිහි වූ පසු මනෝ­මය කාය නිර්මා­ණය සිදු කරන අයුරු සම්බ­න්ධව බුදු­ර­දුන් විසින් අජා­සත් රජු හට විස්තර කර ඇත.

මජ්ඣිම නිකාය මහා­ස­තු­ථ­දායි සූත්‍ර­යෙහි ද මෙබඳු විස්ත­ර­යක් අන්ත­ර්ග­තය.

බුදුන් වහ­න්සේ­ගෙන් කම­ට­හන් ලබා­ගෙන වන අර­ණට පිවි­සෙන භික්ෂු­ව­රයෝ කුටි දොර­කඩ නිර­තු­රුව අසු­නක් පිළි­යෙල කර තිබෙන බව සංයුක්ත නිකායේ සූත්‍ර ගණ­නා­ව­කම සඳ­හන් වේ.

මෙම විස්ත­ර­ව­ලින් අපට පැහැ­දිලි වන්නේ මේ සියල්ල ඍද්ධීන් බවය.

සිරු­රෙන් බැහැර තණ ගොබ­යක් මෙන් ඉව­තට ගත හැකිය. එහෙත් අප­ර­දිග මනෝ විද්‍යා­වෙන් බෙහෙ­වින් සොයා­ගෙන ඇත්තේ චිත්ත දියු­ණු­වෙහි යෙදුණු අයට වඩා සාමාන්‍ය අයගේ මර­ණින් මතු ආත්ම භාව­යන් පිළි­බ­ඳ­වය. එබඳු අත්දැ­කීම් දක්නට ඇත්තේ හදිසි මරණ අව­ස්ථා­ව­ලය. ඇතැම් පුද්ග­ල­යින් මනෝ­මය කය අන්තරා භාවි­කයා ලෙස හඳු­නා­ගෙන ඇත.

බුදු දහම අනුව පුද්ග­ලයා මර­ණ­යට පත්වී­මේදී ආත්මය බැහැර වී තවත් සිරු­රක උපත ලැබීම යනු පුන­රු­ත්ප­ත්ති­යයි. මිය­ගිය තැනැත්තා යළිත් ඔහුගේ ආත්ම­යම උපත ලබයි යන්න බුදු දහම ප්‍රති­ක්‍ෂේප කරයි. නොවෙ­නස්, ස්ථිර කිසි­වක් ලොව නොමැති බව බුදු දහම පව­සයි. බෞද්ධ මතය අනුව සියල්ල මොහො­තක් පාසා වෙනස් වේ. පුද්ග­ල­යෙකු මර­ණ­යට පත්වී­මේදී සිරු­රෙන් පිටව යන්නේ විඤ්ඤා­ණ­යයි. එය අර­මු­ණින් අර­මු­ණට වෙනස් වන අතර එය සිතෙහි එක් ස්වභා­ව­යක් පමණි.

සිත ‘උප්පාද, ඨිති, භංග’යන ලක්ෂ­ණ­ව­ලින් යුතුය. මෙලෙස මිය­ගිය සංඛ්‍යාව නැවත උපත ලබන්නේ යැයි කිව නොහැ­කිය. එලෙස උපත ලබන්නේ වෙන­සට, විප­රි­ණා­ම­යට පත් එම චිත්ත සන්ත­ති­යට අයත් තවත් සත්ත්ව­යෙකි. එය ‘පුන­ර්භව’ නාම­යෙන් බුදු සමය හඳු­න්වයි. කෙනෙක් මිය­යා­මෙන් අන­තු­රුව දේව, බ්‍රහ්ම ආදි උසස් ස්ථාන­යක හෝ මවු කුස­යක උපත ලබයි. එලෙස උපත නොලද්දේ නම් ඉප­දී­මට සුදුසු ස්ථාන­යක් සොය­මින් සිටියි. එය ‘සම්භ­වේසි’ යන අරු­තින් විස්තර වේ. අන්ත­රා­භ­වි­කයා හෝ ගන්ධබ්බ යන නමින් ද ඔහු හඳු­න්වයි. අභි­ඥා­ලාභි උත්ත­ම­ය­කුට මනෝ­කාය රාශි­යක් එක්වර ලද හැකි බව චුල්ල­ප­න්ථක තෙරුන්ගේ කථා පුව­තින් විස්තර වෙයි.

මනෝ­කාය සිත මුල් කොට පවත්නා දෙයකි. දිවි ගෙවන මිනි­සාගේ කුසෙහි පිහිටි අවශ්‍ය විටක සිරු­රෙන් ඉවත්ව යා හැකි, නැවත සිරු­රට ඇතු­ළු­විය හැකි සූක්ෂ්ම සිරු­රකි. මර­ණ­යේදී විඤ්ඤා­නය සිරු­රෙන් බැහැර වන අතර, බිත්ති­යක ඇඳි රුවක් මනාව එහි පිහි­ටන්නා සේ විඤ්ඤා­න­යත් අර­මු­ණක එල්බ ගන්නා බව සංයුක්ත නිකාය අත්ථි­රාග සූත්‍ර­යෙහි විස්තර කෙරේ. බුදු දහම මඟින් අර්ථ දැක්වෙන පරිදි සම­හර විට විඤ්ඤා­ණය එල්බ ගන්නා අර­මුණ යනු මෙහි දැක්වෙන ‘සූක්‍ෂ්ම­කාය’ හෙවත් ‘මනෝ­කාය’ විය යුතු බව සඳ­හන් කිරී­මට පුළු­වන.

මර­ණය කියන්නේ කුමක්ද? වර්ත­මාන කාල­යෙහි වාසය කරන බොහෝ දෙනා මර­ණය ගැන කල්පනා කිරීම ලඝු කොට සිතති. බොහෝ දෙනාගේ කල්ප­නාව පංච­කාම සම්ප­ත්ති­යෙන් ආඪ්‍යව මහල්, දෙම­හල්, තෙම­හල්, සත්ම­හල් ආදි ප්‍රාසාද තනා­ගෙන ධනය ඒක­රාශි කොට­ගෙන අඹු දරු­වන් හා නෑදෑ හිතෛ­ෂීන් පිරි­වරා

කෙළි­දෙ­ළෙන් විසී­මය. එහෙත් මර­ණය ගැන මොහො­තක් හෝ නොසි­තති.

බොදු දහ­මට අනුව නම් සත් පුරුෂ බෞද්ධයා යනු නිවන් අව­බෝ­ධ­යට මර­ණසී භාව­නාව වැඩිය යුතුය. ඉතා

සියුම් කඩු­වක් අතින් ගෙන පසු පස්සේ ලුහු­බැඳ එන වධ­ක­යෙකු, මාර­යෙකු

මෙන් දැයි සලකා භයට පත් විය යුතුය.

“යමෙක රත්තිං පඨමං ගබෙ­භ­ව­ස­ති­මා­නවෝ

අබ­භූ­ට­යි­තොච සොයාති සග­ව­ජංන නිව­න්තතී ̃

සසර සැරි­ස­රන සත්ත්වයා යම් එක් රාත්‍රි­යෙක්හි පළ­මු­කොට මාතෘ­කු­ක්‍ෂි­යෙහි පිළි­සිඳ ගැනී­මෙන් වාසය කරත්ද, ඒ මේ සත්ත්වයා මරණ ධර්ම­යට ඉදි­රි­පත් වූයේම මරණ ධර්මය කරා පැමි­ණෙයි. ගම­නය කරන්නා වූ ඒ මේ සත්ත්වයා සසර සැරි­සැ­රී­මෙන් දුකට භාජ­නය වීම නොන­වත්නේ වෙයි.

යළිදු වර්ෂා­වෙන් ඌණ වූ නියං සම­යෙහි කුඩා දිය අතු ගංගා­වල ජලය ක්‍රම­යෙන් සිඳී යන්නාක් මෙන් මාගේ යුෂය තත්පර, මිනිත්තු, පැය, දින, මාස, වර්ෂා ආදි කාල­යක් ක්‍රම­යෙන් අති­ක්‍ර­ම­ණය වී ගොස් මර­ණ­යෙන්ම කෙළ­වර වන්නේ යැයි සිතිය යුතුය.

“අන­ම­ත­ග්ශෙත්යං භික්ඛවේ සංසාරෝ ̃

මහ­ණෙනි, මේ සංසා­රයේ නොද­ක්නට ලද අග ඇත්තේය. ස්කන්ධ, ධාතු ආය­ත­නා­දීන්ගේ නොසිඳ පැවැත්ම සංසා­ර­යයි. සත්ත්වයෝ සංසාර ගත­යහ. උපන් සත්ත්වයා මැරෙයි. මළත් නැවත උපදී. ඉප­දීම – මර­ණ­යත්, මර­ණය – ඉප­දී­මත්, ලුහු බඳියි. එකම චිත්ත පර­ම්ප­රා­වක් පිළි­බඳ වූ මේ ඉප­දී­මත්,

මර­ණ­යත්, නොසිඳ පවත්නා තුරු සත්ත්ව­යන් පිළි­බඳ ස්කන්ධ ධාතු ආය­ත­නා­දීන්ගේ නොසිඳ පැවැත්ම ද වේ. මේ සංසා­ර­යයි. සත්ත්වයා හඳු­න්වන්නේ කොහො­මද?

බෞද්ධ දර්ශ­නයේ සතර පර­මාර්ථ ධර්ම­යට අනුව සත්ත්වයා නාම ප්‍රඥා­ප්ති­යක් මිස, පුද්ග­ල­යෙක් නැත. එක් එක් චිත්ත­ක්‍ෂ­ණ­යක් ඇවෑ­මෙන් පහළ ඛෙනිත මර­ණ­යයි. ඛෙනිත මරණ යනු ක්‍ෂණික මර­ණ­යයි. මර­ණ­යෙන් ඉක්බිති සත්ත්වයා පිළි­බඳ ගෝත්‍ර නාමය පම­ණක් ඉති­රිව චිත්ත­ක්‍ෂ­ණය පර­ම්ප­රාව ඊළඟ ආත්ම­භා­ව­යට ගමන් කෙරේ.

එහි කෙළ­වර ලෞකි­ක­ත්ව­යෙන් තොර වූ ලෝකෝ­ත්තර ප්‍රඥාව ලබා ගැනී­මයි. නිවන් දැකීම යනු එයයි. එහි නැවත ඉප­දී­මක් නැත. එහි ඇත්තේ සදා­කා­ලික සැප­යකි. ශාන්ත නිවන් පද­යයි.මර­ණින් මතු ජීවි­තය කිතුනු දහ­මට අනුව කිසිදු පැකි­ළී­ම­කින් තොරව පැරණි ගිවි­සුම සෑම මනු­ෂ්‍ය­යෙ­කුම මර­ණය අත් දකින බව

පව­සයි. මර­ණය කොයි­කා­ටත් පොදු අන්තිම ගමන බව පව­සන පැරණි ගිවි­සුම මිනි­සුන් සුරැ­කිව තබා ගන්නට උත්සාහ කරන ජීවි­තය යනු, ඡායා­වක්, සුසු­මක්, ශූන්‍ය දෙයක්, අග­යක් නැති දෙයක් බව පව­සයි. එනිසා මර­ණය යනු බාහි­රෙන් පැමි­ණෙන සතුරු බල­වේ­ග­යක් ලෙස සැලකූ මිනිසා එය සජීව තැනැ­ත්තෙකු සේ සැල­කීය. මෙම සජීවී තැනැත්තා හෙවත් මර­ණයේ පැමි­ණීම සංකේ­ත­වත් කරන සල­කුණු ලෙස ලෙඩ රෝග, කර­දර, අප­හ­සුතා, අන්ත්‍රා­වන් සල­කනු ලැබීය. ඉන් අන­තු­රුව මර­ණින් පසු කුමක් වේද යන ප්‍රශ්න­යට මුහුණ දෙන මිනිසා, මළ­වුන් යනු තව­දු­ර­ටත් නොප­ව­තින, ජීවත් නොවන පිරි­සක් බව වටහා ගන්නේ මර­ණින් පසු සිදු­වන දේ ජීවත් වන අයට දැන­ගත හැකි­දෙ­යක් නොවන නිසාය. එහෙත් මර­ණය යනු සම්පූර්ණ විනා­ශ­යක් හෝ සදා­කා­ලික දෙයක් බව පැරණි ගිවි­සුම පව­සයි. ශරී­රය වළ­ලනු ලැබු­වත්, මැරුණු තැනැ­ත්තාගේ යමක්, ඡායා­වක්, ‘ශෙයෝල්’ නම් ස්ථාන­යක රැඳෙන බව ද පව­සයි. එම ස්ථානයේ සිටින අව­ස්ථාව ‘භින්දක්’ වන අතර, දෙවි­යන් ද මළ­වුන් ද අම­තක කර දමයි.‘ශෙයෝල්’ ස්ථාන­ය­කට ඇතුළු වූවෙ­කුට නැවත ඉන් පිට­තට පැමි­ණිය නොහැ­කිය. එනිසා මර­ණය මිනි­සුන් තම පිය­ව­රුන් හා සම්බන්ධ වන දිනය පිළි­බ­ඳව අන්ධ­කාර දුඃඛිත ස්වරූ­ප­යක් ඇති කරයි. මර­ණය, මෙවන් අඳුරු සිතු­විලි මිනිසා තුළ ඇති කළත් එය ස්වභා­වික සිද්ධා­න්ත­යක් පම­ණක් බව මිනිසා නොපි­ළි­ගත් නිසා එහි සැබෑ තේරුම සොය­න්නට පටන් ගත්තේය. එවිට මර­ණය යනු පාපයේ ප්‍රති­ඵ­ල­යක් බව තේරුම් යන්නට පටන් ගත්තේය. මෙම අද­හස පැරණි ආග­ම්වල දක්නට ලැබුණු අතර, පැරණි ගිවි­සුම සෑම මනු­ෂ්‍ය­යෙ­කුම අත්වි­ඳිය යුතු දුක්ඛිත අත්දැ­කීම් වන මර­ණය ගැන ස්ථිර පද­න­මක් සහිත දහ­මක් උග­න්වයි. එනම්‘යුක්තියේ හා සාධා­ර­ණ­ත්වයේ ඒකා­යන ප්‍රාර්ථ­නය දුද­නන් විනාශ වී යාම’ වන අතර පව්කා­ර­යන් විනාශ වී යා යුතුය. මේ මඟින් මර­ණයේ ආර­ම්භය ගැන පැහැ­දිලි අද­හස් ඇති කරයි. ආදම්ගේ පාපය වන තෙක් මර­ණය තීන්දු නොකි­රිණි. එබැ­වින් දෙවි­යන් වහන්සේ මර­ණය ඇති නොකළ අතර මිනි­සාව මවන ලද්දේ විනාශ නොවී සදා­කල් ජීවත් වීම සඳ­හාය. එහෙත් මර­ණය ලොව තුළ ඇති පාපයේ සල­කු­ණක් ඇති ලෙස දැකිය හැකිය. මෙලෙස මර­ණයේ හා පාපයේ සම්බ­න්ධ­තා­වය තේරුම් ගත් පසු පාපය දෙවි­යන් වහ­න්සේට විරුද්ධ දෙයක් නොවන බවත් එය ‘මර­ණයේ මාර්ගය’ බවත් මිනිසා තේරුම් ගත්තේය.

දුරා­චාර ස්ත්‍රිය­කගේ මායා­වන්ට හසු­වන තැනැත්තා පාතා­ල­යට යන බවත්, පව්කා­රයා සඳහා නිරයේ දොරටු ඇරී ඇති බවත් දෙවි­ය­න්ගෙන් ඈත්වූ මිනිසා මර­ණය හා ගිවි­සුම් ගසා ඇති බවත් විශ්වාස කළෝය. එහෙත් වඩා බැරෑ­රුම් ප්‍රශ්නය වන්නේ යුක්ති­ස­හ­ගත යහ­පත් පුද්ග­ල­යාගේ මර­ණය තේරුම් ගැනී­මය. පර­ම්පරා සම්බ­න්ධ­තාව සල­කද්දී පිය­ව­රුන්ගේ පව් සඳහා දරු­වන් දුක් විඳීම තර­මක් දුරට හෝ තේරුම් ගත හැකිය. හැම කෙනාම තමන්ගේ වැර­දි­ව­ලට අනුව ජීවි­ත­යෙන් ගෙවනු ලබ­ත්නම් අහිං­ස­ක­යින්ගේ මර­ණය කෙසේ තේරුම් ගත හැකිද? යහ­පත් මිනිසා ද එක ලෙසම මර­ණ­යට පත් වන්නට දෙවි­යන් වහන්සේ ඉඩ හරින බවක් දැකිය හැකිය. එහෙත් මෙම බැරෑ­රුම් ප්‍රශ්නය ඉදි­රියේ පැරණි ගිවි­සුම තර­මක් දුරට නිහ­ඬය. නමුත් යහ­පත් තැනැ­ත්තාගේ මර­ණය ද තේරුම් ඇති බව පැරණි ගිවි­සුමේ දේව අනා­ව­ර­ණය තුළ දැකිය හැකිය.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X