මරණින් මතු ලෝකය සදාකාලිකද…?
ජීවතුන්ගේ ලෝකයෙන් වෙන් විය යුතුය යන්නෙන්, තැනැත්තාගේ මරණය මිනිසුන්ගේ පව් වෙනුවෙන් කෙරෙන පූජාවක් බව පෙන්වයි. මේ මඟින් පසු කලකදී ක්‍රිස්තුන් වහන්සේ විසින් ඇරඹිය යුතුව තිබූ ගැලවීම කලකට පෙර අනාවරණය කෙරිණි. කෙසේ නමුත් මිනිසාට තනිව තමන්ව මරණයෙන් ගලවා ගත නොහැකිය. ඒ සඳහා දෙවියන් වහන්සේගේ වරම් අවශ්‍ය වේ. එබැවින් අන්ත්‍රාවක් මිනිසා කරා පැමිණෙද්දී කළ හැක්කේ දෙවියන් වහන්සේට කන්නලව් කිරීම පමණකි.
මිනිස් සිරුරෙන් බාහිරව හැසිරිය හැකි සූක්ෂ්ම මනෝමය ශරීරයක් තිබෙන බව අපරදිග මනෝවිද්‍යාව මඟින් සොයා ගෙන ඇත. දශක කිහිපයක් පුරා එම විද්‍යාඥයින් විසින් ඒ පිළිබඳව පර්යේෂණ අඛණ්ඩව සිදු කර තිබේ. (මෙම ඡේදය මඟින් අපගේ අවධානය යොමු වන්නේ මනෝකාය පිළිබඳ බෞද්ධ සංකල්පය කුමක්ද යන්න සොයා බැලීමය.)
කල්ප විනාශයකින් අනතුරුව ලෝකය ආරම්භයේදී කාලයක් අභ්‍යන්තර දිව්‍ය ලෝකවල විසූ සත්ත්වයෝ එයින් මිදී පොළොවෙහි වාසයට පැමිණෙති.
ප්‍රීතිය ආහාර කොට ගෙන තිබෙන ඔවුහු මනෝමය සිරුරකින් වසන බව දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය විස්තර කරයි.
බුදුන් වහන්සේ එක්තරා අවස්ථාවක පොට්ඨපාද හට මනෝමය ආත්ම ප්‍රතිලාභය කවරක්ද යන්න ගැන විස්තර කළහ. ධ්‍යාන සිතින් නිර්මාණය වූ රූපවත් වූ සිය ̈ අඟපසඟින් යුත් නොපිරිහුණු ඉඳුරන් තිබෙන යමක් වේද එය මනෝමය ආත්ම ලැබීම බව දීඝ නිකාය පොට්ඨපාද සූත්‍රය විස්තර කරයි.
දීඝ නිකාය සාමඤ්ඤපල සූත්‍රය පරිදි ජීවත් වන පුද්ගලයෙකුට මනෝමය සිරුරක් නිර්මාණය කරගැනීමට හැකියාව ලැබෙන්නේ සමාධිගත සිත මුල් කර ගැනීමෙනි. එලෙස සිත සමාධිගත වූ කල, දීප්තිමත් වූ කල, කෙලෙස් නොමැති කලමෘදු වූ කල, ඍද්ධීන් බිහි කිරීමට සුදුසු වූ කල, මනෝමය සිරුරක් මවා පෑමට සිත යොමු කරයි. බුදුන් වහන්සේ සිත දියුණු කිරීමෙන් ලැබිය හැකි සුවිශේෂ සෘද්ධියක් ලෙස එය විස්තර කරයි. චිත්ත දියුණුව බිහි වූ පසු මනෝමය කාය නිර්මාණය සිදු කරන අයුරු සම්බන්ධව බුදුරදුන් විසින් අජාසත් රජු හට විස්තර කර ඇත.
මජ්ඣිම නිකාය මහාසතුථදායි සූත්‍රයෙහි ද මෙබඳු විස්තරයක් අන්තර්ගතය.
බුදුන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන වන අරණට පිවිසෙන භික්ෂුවරයෝ කුටි දොරකඩ නිරතුරුව අසුනක් පිළියෙල කර තිබෙන බව සංයුක්ත නිකායේ සූත්‍ර ගණනාවකම සඳහන් වේ.
මෙම විස්තරවලින් අපට පැහැදිලි වන්නේ මේ සියල්ල ඍද්ධීන් බවය.
සිරුරෙන් බැහැර තණ ගොබයක් මෙන් ඉවතට ගත හැකිය. එහෙත් අපරදිග මනෝ විද්‍යාවෙන් බෙහෙවින් සොයාගෙන ඇත්තේ චිත්ත දියුණුවෙහි යෙදුණු අයට වඩා සාමාන්‍ය අයගේ මරණින් මතු ආත්ම භාවයන් පිළිබඳවය. එබඳු අත්දැකීම් දක්නට ඇත්තේ හදිසි මරණ අවස්ථාවලය. ඇතැම් පුද්ගලයින් මනෝමය කය අන්තරා භාවිකයා ලෙස හඳුනාගෙන ඇත.
බුදු දහම අනුව පුද්ගලයා මරණයට පත්වීමේදී ආත්මය බැහැර වී තවත් සිරුරක උපත ලැබීම යනු පුනරුත්පත්තියයි. මියගිය තැනැත්තා යළිත් ඔහුගේ ආත්මයම උපත ලබයි යන්න බුදු දහම ප්‍රතික්ෂේප කරයි. නොවෙනස්, ස්ථිර කිසිවක් ලොව නොමැති බව බුදු දහම පවසයි. බෞද්ධ මතය අනුව සියල්ල මොහොතක් පාසා වෙනස් වේ. පුද්ගලයෙකු මරණයට පත්වීමේදී සිරුරෙන් පිටව යන්නේ විඤ්ඤාණයයි. එය අරමුණින් අරමුණට වෙනස් වන අතර එය සිතෙහි එක් ස්වභාවයක් පමණි.
සිත ‘උප්පාද, ඨිති, භංග’යන ලක්ෂණවලින් යුතුය. මෙලෙස මියගිය සංඛ්‍යාව නැවත උපත ලබන්නේ යැයි කිව නොහැකිය. එලෙස උපත ලබන්නේ වෙනසට, විපරිණාමයට පත් එම චිත්ත සන්තතියට අයත් තවත් සත්ත්වයෙකි. එය ‘පුනර්භව’ නාමයෙන් බුදු සමය හඳුන්වයි. කෙනෙක් මියයාමෙන් අනතුරුව දේව, බ්‍රහ්ම ආදි උසස් ස්ථානයක හෝ මවු කුසයක උපත ලබයි. එලෙස උපත නොලද්දේ නම් ඉපදීමට සුදුසු ස්ථානයක් සොයමින් සිටියි. එය ‘සම්භවේසි’ යන අරුතින් විස්තර වේ. අන්තරාභවිකයා හෝ ගන්ධබ්බ යන නමින් ද ඔහු හඳුන්වයි. අභිඥාලාභි උත්තමයකුට මනෝකාය රාශියක් එක්වර ලද හැකි බව චුල්ලපන්ථක තෙරුන්ගේ කථා පුවතින් විස්තර වෙයි.
මනෝකාය සිත මුල් කොට පවත්නා දෙයකි. දිවි ගෙවන මිනිසාගේ කුසෙහි පිහිටි අවශ්‍ය විටක සිරුරෙන් ඉවත්ව යා හැකි, නැවත සිරුරට ඇතුළුවිය හැකි සූක්ෂ්ම සිරුරකි. මරණයේදී විඤ්ඤානය සිරුරෙන් බැහැර වන අතර, බිත්තියක ඇඳි රුවක් මනාව එහි පිහිටන්නා සේ විඤ්ඤානයත් අරමුණක එල්බ ගන්නා බව සංයුක්ත නිකාය අත්ථිරාග සූත්‍රයෙහි විස්තර කෙරේ. බුදු දහම මඟින් අර්ථ දැක්වෙන පරිදි සමහර විට විඤ්ඤාණය එල්බ ගන්නා අරමුණ යනු මෙහි දැක්වෙන ‘සූක්ෂ්මකාය’ හෙවත් ‘මනෝකාය’ විය යුතු බව සඳහන් කිරීමට පුළුවන.
මරණය කියන්නේ කුමක්ද? වර්තමාන කාලයෙහි වාසය කරන බොහෝ දෙනා මරණය ගැන කල්පනා කිරීම ලඝු කොට සිතති. බොහෝ දෙනාගේ කල්පනාව පංචකාම සම්පත්තියෙන් ආඪ්‍යව මහල්, දෙමහල්, තෙමහල්, සත්මහල් ආදි ප්‍රාසාද තනාගෙන ධනය ඒකරාශි කොටගෙන අඹු දරුවන් හා නෑදෑ හිතෛෂීන් පිරිවරා
කෙළිදෙළෙන් විසීමය. එහෙත් මරණය ගැන මොහොතක් හෝ නොසිතති.
බොදු දහමට අනුව නම් සත් පුරුෂ බෞද්ධයා යනු නිවන් අවබෝධයට මරණසී භාවනාව වැඩිය යුතුය. ඉතා
සියුම් කඩුවක් අතින් ගෙන පසු පස්සේ ලුහුබැඳ එන වධකයෙකු, මාරයෙකු
මෙන් දැයි සලකා භයට පත් විය යුතුය.
“යමෙක රත්තිං පඨමං ගබෙභවසතිමානවෝ
අබභූටයිතොච සොයාති සගවජංන නිවන්තතී ̃
සසර සැරිසරන සත්ත්වයා යම් එක් රාත්‍රියෙක්හි පළමුකොට මාතෘකුක්‍ෂියෙහි පිළිසිඳ ගැනීමෙන් වාසය කරත්ද, ඒ මේ සත්ත්වයා මරණ ධර්මයට ඉදිරිපත් වූයේම මරණ ධර්මය කරා පැමිණෙයි. ගමනය කරන්නා වූ ඒ මේ සත්ත්වයා සසර සැරිසැරීමෙන් දුකට භාජනය වීම නොනවත්නේ වෙයි.
යළිදු වර්ෂාවෙන් ඌණ වූ නියං සමයෙහි කුඩා දිය අතු ගංගාවල ජලය ක්‍රමයෙන් සිඳී යන්නාක් මෙන් මාගේ යුෂය තත්පර, මිනිත්තු, පැය, දින, මාස, වර්ෂා ආදි කාලයක් ක්‍රමයෙන් අතික්‍රමණය වී ගොස් මරණයෙන්ම කෙළවර වන්නේ යැයි සිතිය යුතුය.
“අනමතග්ශෙත්යං භික්ඛවේ සංසාරෝ ̃
මහණෙනි, මේ සංසාරයේ නොදක්නට ලද අග ඇත්තේය. ස්කන්ධ, ධාතු ආයතනාදීන්ගේ නොසිඳ පැවැත්ම සංසාරයයි. සත්ත්වයෝ සංසාර ගතයහ. උපන් සත්ත්වයා මැරෙයි. මළත් නැවත උපදී. ඉපදීම – මරණයත්, මරණය – ඉපදීමත්, ලුහු බඳියි. එකම චිත්ත පරම්පරාවක් පිළිබඳ වූ මේ ඉපදීමත්,
මරණයත්, නොසිඳ පවත්නා තුරු සත්ත්වයන් පිළිබඳ ස්කන්ධ ධාතු ආයතනාදීන්ගේ නොසිඳ පැවැත්ම ද වේ. මේ සංසාරයයි. සත්ත්වයා හඳුන්වන්නේ කොහොමද?
බෞද්ධ දර්ශනයේ සතර පරමාර්ථ ධර්මයට අනුව සත්ත්වයා නාම ප්‍රඥාප්තියක් මිස, පුද්ගලයෙක් නැත. එක් එක් චිත්තක්ෂණයක් ඇවෑමෙන් පහළ ඛෙනිත මරණයයි. ඛෙනිත මරණ යනු ක්‍ෂණික මරණයයි. මරණයෙන් ඉක්බිති සත්ත්වයා පිළිබඳ ගෝත්‍ර නාමය පමණක් ඉතිරිව චිත්තක්ෂණය පරම්පරාව ඊළඟ ආත්මභාවයට ගමන් කෙරේ.
එහි කෙළවර ලෞකිකත්වයෙන් තොර වූ ලෝකෝත්තර ප්‍රඥාව ලබා ගැනීමයි. නිවන් දැකීම යනු එයයි. එහි නැවත ඉපදීමක් නැත. එහි ඇත්තේ සදාකාලික සැපයකි. ශාන්ත නිවන් පදයයි.මරණින් මතු ජීවිතය කිතුනු දහමට අනුව කිසිදු පැකිළීමකින් තොරව පැරණි ගිවිසුම සෑම මනුෂ්‍යයෙකුම මරණය අත් දකින බව
පවසයි. මරණය කොයිකාටත් පොදු අන්තිම ගමන බව පවසන පැරණි ගිවිසුම මිනිසුන් සුරැකිව තබා ගන්නට උත්සාහ කරන ජීවිතය යනු, ඡායාවක්, සුසුමක්, ශූන්‍ය දෙයක්, අගයක් නැති දෙයක් බව පවසයි. එනිසා මරණය යනු බාහිරෙන් පැමිණෙන සතුරු බලවේගයක් ලෙස සැලකූ මිනිසා එය සජීව තැනැත්තෙකු සේ සැලකීය. මෙම සජීවී තැනැත්තා හෙවත් මරණයේ පැමිණීම සංකේතවත් කරන සලකුණු ලෙස ලෙඩ රෝග, කරදර, අපහසුතා, අන්ත්‍රාවන් සලකනු ලැබීය. ඉන් අනතුරුව මරණින් පසු කුමක් වේද යන ප්‍රශ්නයට මුහුණ දෙන මිනිසා, මළවුන් යනු තවදුරටත් නොපවතින, ජීවත් නොවන පිරිසක් බව වටහා ගන්නේ මරණින් පසු සිදුවන දේ ජීවත් වන අයට දැනගත හැකිදෙයක් නොවන නිසාය. එහෙත් මරණය යනු සම්පූර්ණ විනාශයක් හෝ සදාකාලික දෙයක් බව පැරණි ගිවිසුම පවසයි. ශරීරය වළලනු ලැබුවත්, මැරුණු තැනැත්තාගේ යමක්, ඡායාවක්, ‘ශෙයෝල්’ නම් ස්ථානයක රැඳෙන බව ද පවසයි. එම ස්ථානයේ සිටින අවස්ථාව ‘භින්දක්’ වන අතර, දෙවියන් ද මළවුන් ද අමතක කර දමයි.‘ශෙයෝල්’ ස්ථානයකට ඇතුළු වූවෙකුට නැවත ඉන් පිටතට පැමිණිය නොහැකිය. එනිසා මරණය මිනිසුන් තම පියවරුන් හා සම්බන්ධ වන දිනය පිළිබඳව අන්ධකාර දුඃඛිත ස්වරූපයක් ඇති කරයි. මරණය, මෙවන් අඳුරු සිතුවිලි මිනිසා තුළ ඇති කළත් එය ස්වභාවික සිද්ධාන්තයක් පමණක් බව මිනිසා නොපිළිගත් නිසා එහි සැබෑ තේරුම සොයන්නට පටන් ගත්තේය. එවිට මරණය යනු පාපයේ ප්‍රතිඵලයක් බව තේරුම් යන්නට පටන් ගත්තේය. මෙම අදහස පැරණි ආගම්වල දක්නට ලැබුණු අතර, පැරණි ගිවිසුම සෑම මනුෂ්‍යයෙකුම අත්විඳිය යුතු දුක්ඛිත අත්දැකීම් වන මරණය ගැන ස්ථිර පදනමක් සහිත දහමක් උගන්වයි. එනම්‘යුක්තියේ හා සාධාරණත්වයේ ඒකායන ප්‍රාර්ථනය දුදනන් විනාශ වී යාම’ වන අතර පව්කාරයන් විනාශ වී යා යුතුය. මේ මඟින් මරණයේ ආරම්භය ගැන පැහැදිලි අදහස් ඇති කරයි. ආදම්ගේ පාපය වන තෙක් මරණය තීන්දු නොකිරිණි. එබැවින් දෙවියන් වහන්සේ මරණය ඇති නොකළ අතර මිනිසාව මවන ලද්දේ විනාශ නොවී සදාකල් ජීවත් වීම සඳහාය. එහෙත් මරණය ලොව තුළ ඇති පාපයේ සලකුණක් ඇති ලෙස දැකිය හැකිය. මෙලෙස මරණයේ හා පාපයේ සම්බන්ධතාවය තේරුම් ගත් පසු පාපය දෙවියන් වහන්සේට විරුද්ධ දෙයක් නොවන බවත් එය ‘මරණයේ මාර්ගය’ බවත් මිනිසා තේරුම් ගත්තේය.
දුරාචාර ස්ත්‍රියකගේ මායාවන්ට හසුවන තැනැත්තා පාතාලයට යන බවත්, පව්කාරයා සඳහා නිරයේ දොරටු ඇරී ඇති බවත් දෙවියන්ගෙන් ඈත්වූ මිනිසා මරණය හා ගිවිසුම් ගසා ඇති බවත් විශ්වාස කළෝය. එහෙත් වඩා බැරෑරුම් ප්‍රශ්නය වන්නේ යුක්තිසහගත යහපත් පුද්ගලයාගේ මරණය තේරුම් ගැනීමය. පරම්පරා සම්බන්ධතාව සලකද්දී පියවරුන්ගේ පව් සඳහා දරුවන් දුක් විඳීම තරමක් දුරට හෝ තේරුම් ගත හැකිය. හැම කෙනාම තමන්ගේ වැරදිවලට අනුව ජීවිතයෙන් ගෙවනු ලබත්නම් අහිංසකයින්ගේ මරණය කෙසේ තේරුම් ගත හැකිද? යහපත් මිනිසා ද එක ලෙසම මරණයට පත් වන්නට දෙවියන් වහන්සේ ඉඩ හරින බවක් දැකිය හැකිය. එහෙත් මෙම බැරෑරුම් ප්‍රශ්නය ඉදිරියේ පැරණි ගිවිසුම තරමක් දුරට නිහඬය. නමුත් යහපත් තැනැත්තාගේ මරණය ද තේරුම් ඇති බව පැරණි ගිවිසුමේ දේව අනාවරණය තුළ දැකිය හැකිය.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood