The Dhammapada – ධම්මපදය – පාප වග්ගය – 02
පාපං චේ පුරිසෝ කයිරා – නං තං කයිරා පුනප්පුනං
න තම්හි ඡන්දං කයිරාථ – දුක්ඛෝ පාපස්ස උච්චයෝ
න තම්හි ඡන්දං කයිරාථ – දුක්ඛෝ පාපස්ස උච්චයෝ
යම්කිසි පුද්ගලයෙක් නො තේරුම්කමකින් සිත, කය, වචනය කියන තුන් දොරින් යම් පවක් කළොත්, ආයෙ ආයෙමත් නම් ඒ පාපය කරන්ට එපා. එබඳු පව් ගැන හිතේ කැමැත්තක්වත් ඇතිකරගන්ට එපා. “දුක” කියල කියන්නෙ පවටම යි.
(ජේතවනාරාමයේදී සෙය්යසක තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)