Temples of Sri Lanka

සිතට නිවීමක් ගෙනෙන භාවනාවක් වඩමු…

බුදුරදුන් තුළ පැවතී මෛත්‍රී හෙවත් ‘මෙත්තා බලය’ තමයි ප්‍රකෝප වී එන නාලාගිරි හස්තියාගේ මනසට පිවිසීමෙන් මිතු වී හීලෑ වීමට හේතු වුණේ.

වරක් ‘උත්තරා’ නම් සිවූ දූව කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් වේගවත් වූ ගණිකාවක් ඇයගේ හිසට කැකෑරෙන උණු තෙල් හැන්දක් වත්කළා.

සිටූදුව තුළ වූ මෙත්තා බලය නිසා ඇයට ඉන් පීඩාවක් සිදු වුණේ නැහැ. අද වුණත් මාපිය දූදරු පිරීස අතර පවතින ‘මෙත්තා බලය’ නිසා විපත් කරදර මගහැරණු අවස්ථා පිළිබඳ විවිධ පුවත් දිනපතා වාර්තා වෙනවා.

මෙත්තා නිසංසය

‘මෙත්තානිසංස’ කියලා වෙනමම සූත්‍රයක් පවා බුද්ධ දේශනා අතර තිබෙනවා නේද?

ඔව්. අංගුත්තර නිකායේ (5 – 2 හා 6 – 634) ඔබ කිවූ පරිදි එම සූත්‍ර දේශනා තුළත් එහි ආනිසංස ගැන විස්තර කෙරෙනවා. මෙත්ත, මෙත්තා, මෙත්තගු හා මෙත්තී ආදී වශයෙන් ද විවිධ සූත්‍ර, කථා ඒර ගාථා ආදිය පවා බුදුදහමේ දක්වෙනවා.

මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ඛා යන සතර වැදැදියුණු කිරීමේ භාවනාව වඩන ආකාරය පිළිබඳව ‘විසුද්ධි මාර්ග’ පාලි ග්‍රන්ථයේ විස්තර කර තිබෙනවා. ‘මෙත්තා’ යනු තමාගේ ඉතා හොඳම මිත්‍රයා ගැන තමාගේ සිතෙහි පවතින හැඟීමට සමාන දෙයක්. ඔහු හෝ ඇය සිහිපත් කරන විට ඔබගේ සිතෙහි උපදින සිතුවිලි හා ආනුභාවයටත් ‘මෙත්තාව’ කියනවා.

සිත නිවන ලෝකය

එහෙමනම්, ඉතා සරලව මෙත්‍රීය හා බ්‍රහ්ම විහාර භාවනාව ප්‍රගුණ කළ හැකි විධියක් විස්තර කර දෙන්න පුළුවන්ද?

දැන් ඉස්සෙල්ලාම ඔබේ හොඳම මිත්‍රයා සිහි කළ විට ඇතිවන තදනන්තර වූ සෙනෙහෙබර සිතුවිල්ල තවත් පුළුල් කර එයට තවත් කෙනෙකු ඇතුළත් කර ගන්න. දෙමව්පියන් තම පළමු දරුවාට තිබූ සෙනෙහෙබර සිතුවිල්ල (ආදරය) දෙවන දරුවාට දැක්වන්නාක් මෙන් එය සමව සිතීමට පුරුදු වන්න. මෙසේ ක්‍රමයෙන් මිතුරන් (පුද්ගලයන්) ගණන සමව වැඩිකර ගත් විට ඔබුන් නොදැනුවත්වම ඔබට හිතවත් වෙනවා. ඔබත් ඔවුන් අතර ගැටුම් ඇතිවීම වැළකෙනවා. එම පරිසරය තුළ ඔබට නිවහල් බවක් හා ජීවයජනක බවක් ද ඇති වෙනවා.

මේ මිත්‍ර සීමාවට මුළු මහත් ලෝවැසි සැමදෙනාම ඇතුළත් කර ගැනීමට ඔබ සමත් වූ දාට ඔබ සම්පූර්ණ යැයි දැනෙනවා. මෙලෙස මෙත්තාව දියුණුකළ අන්දමටම ඔබට කරුණාව, මුදිතාව හා උපේක්ඛාව ක්‍රමිකව වැඩිදියුණු කර ගත හැකියි.

පීඩාවකට පත්ව සිටින ඔබේ පවුලේ කෙනෙකු ගැන ඔබේ සිතේ ඇතිවන අනුකම්පා සහගත සිතුවිල්ල (හැඟීම) ‘කරුණාව’යි. මේ කරුණා සීමාවන් පුළුල් කර හැකිතරම් දෙනා ඊට ඇතුළත් කර ගන්න. ඊගාවට ඔබගේ ආදරවන්ත පුතෙකු හෝ දියණියක සැපයෙන් හා සතුටින් සිටින විට එය දැකීමෙන් ඔබේ සිතෙහි ඇතිවන ප්‍රහර්ෂණාත්මක සිතුවිල්ල (හැඟීම) මුදිතාවයි. ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධ වූ හැඟීමක් මෙයින් අදහස් කෙරෙනවා. මෙසේ අන් අයගේ සැප, සතුට හා දියුණුව අසා දැක හදවතින් සතුටු වී, සුබ ප්‍රාර්ථනා කිරීම ‘මුදිතා භාවනාව’යි. එබඳු උතුම් උසස් මානසික තත්ත්වයක් ඇති කර ගැනීමට ඔබ නිරතුරුව උත්සාහ කරන්න.

එයිනි මතු, අප නුපුරුදු පිටරටකට ගොස් ජනාකීර්ණ නගරයක විවිධ ජනයන් දුටු විට අපට ඔවුන් කෙරෙහි හට ගන්නේ එකවගේ සමාන සිතුවිල්ලක්. එම දෘෂ්ටිය තුළ කවුරුත් එක වගේ. ඒ කිසිවෙකු කෙරෙහි අමනාපයක් හෝ ඇල්මක් හෝ අප තුළ ඇති වී නැහැ. මෙම මධ්‍යස්ථ හැඟීමට ‘උපේක්ඛාව’ කියනවා. මෙසේ අප වටා සිටින සියලු දෙනා කෙරෙහිම මැදහත්ව සමාන පරිදි සැලකීමට හුරුවීම ‘උපේක්ඛා භාවනාව’යි. එවිට පුද්ගල සංකල්ප නැති වී යනවා.

පුද්ගලිකත්වය හා මමත්වය ගොඩනැගී ඇත්තේ මූලාව නිසා යි. මූලාව නැති කර ගැනීමට භාවනාවෙන් ප්‍රඥාව දියුණු කළ යුතු වෙනවා. ප්‍රඥාව දියුණු වන විට අපේ දෛවත තැවෙන සිතට සැතසීම ලැබෙනවා. එමගින් සිත නිවන ලෝකයක් දැකීමට අවකාශය නිසැකවම සැලසෙනවා.

තෙරුවන් සරණයි.🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English▼
X
X