Temples of Sri Lanka

සැම්සුං අධිපති ලී කුන් හී මැතිදුන්ට නිවන් සුව

1942 ජනවාරි මස 9 වන දින දකුණු කොරියාවේ උපත ලද දකුණු කොරියාවේ විශාලතම සැම්සුං සමූහයේ සභාපතිතුමන් වන Lee Kun-Hee 2020 ක්වූ ඔක්තෝබර් මස 25 වන දින වයස අවුරුදු 78ක් ආයු වළඳා මෙලොවින් සදහටම සමුගත්තේය. එතුමා Hong Ra-Hee වන බිරිඳ ගේ ආදරණීය සැමියා ලෙසත් Lee Jae -Yong, Lee Boo -Jin, Lee Yoon -Hyung‍ යන පුතුන් තිදෙනා සහ Lee Seo-Hyuh යන දියණියගේ පියාණන් විය.

පලතුරු සහ වියළි මාළු අපනයනය කිරීම සඳහා පිහිටුවන ලද Samsung සමූහයේ නිර්මාතෘ වන Lee Byung-Chul යන අයගේ තුන්වන පුත් කුමරු ලෙස මෙතුමාහැඳින්විය හැකිය .

සිය පියාගේ ඇවෑමෙන් පසු Samsung සමූහ ව්‍යාපාරයේ කටයුතු සඳහා හිමිකම් ලැබුවේ මෙතුමා ය .

මොහුගේ අධ්‍යාපන සාර්ථකත්වයන් දෙස බලන විට මොහු ජපානයේ ජපානයේ Waseda නම් වූ පෞද්ගලික විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් සඳහා අධ්‍යාපනය ලබා තිබූවද උපාධිය ලබා ගැනීමට ඔහු අපොහොසත් විය .

තම පියාගේ කුඩා වෙළෙඳ ව්‍යාපාරය විවිධාංගීකරණයට භාජනය කරමින් ආර්ථික බලවතෙක් ලෙස ප්‍රසිද්ධියක් ඉසිලීම සඳහා මෙතුමා ඉතා ශක්තිමත් දායකත්වයක් ලබා දෙන ලදී .එසේ ම පියාගේ ජීවිත කාලය තුළ ඔහු ලද වටිනාම ත්‍යාගය නම් සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය ලෝකයේ විශාලතම තාක්ෂණික ආයතනයක් ලෙස ප්‍රසිද්ධියට පත් වීම ඔහුට දැක දැක බලාගත හැකි වීමයි .

1966 වර්ෂය වන විට මොහු Samsung සමාගමට සම්බන්ධ වූ අතර පසු කාලීනව Samsung ඉදිකිරීම් හා වෙළඳ සමාගමේ සේවය කරන ලදී .

1993 දී පියාගේ අභාවයෙන් සති දෙකකට පසු මෙතුමා මෙම ව්‍යාපාරයේ කටයුතු සඳහා තම දායකත්වය ලබා දුන් අතර 1987 දෙසැම්බර් 24 දින මෙම සමූහ ව්‍යාපාරයේ මූලිකත්වය ඔහු භාරගෙන කටයුතු කළේය.

සැම්සුං සමූහය ඉතා අඩු ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කිරීමට මිස ගුණාත්මකව තරග කිරීමේ ස්ථාවරයකට වාර්තා නොවූ බව විශ්වාස කළ මෙතුමා නිතරම ඔහුගේ වූ ප්‍රකාශය වූයේ “තමාගේ බිරිඳ සහ දරුවන් හැර අනෙක් සියල්ලම වෙනස් කිරීමකට භාජනය විය යුතු බවයි.”

මෙම කියමන සමාගම තුළ නව උත්පාදන බිහි කිරීමට හා sony corporation වැනි ප්‍රතිවාදීන්ගේ එකල වූ තරඟ වැදීමට මුහුණ දීම සඳහා ලබා ගත් උත්සාහයක් ලෙස දැක්විය හැකිය.

1987 සිට දෙදහස් 2008 දක්වා සහ 2010 වර්ෂය සිට 2020 දක්වා Samsung සමූහයේ සභාපති ලෙස සේවය කළ මෙතුමා ,හොඳම දකුණු කොරියානු ව්‍යාපාරිකයා වන අතර ලොව විශාලතම Smart phone, Television, සහ memory chip නිෂ්පාදනය කරන්නා වන Samsung නිෂ්පාදනයන් වල සාර්ථක වූ සංවර්ධනයක් කරා ගමන් කිරීමේ නොසෑහෙන මෙහෙයක් ඉටුකිරීමේ ගෞරවයද මෙතුමාට හිමිවේ .

“Forbes”සඟරාව පවසන ආකාරයට ලොව බලවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ මෙතුමා 35 වන බලවත්ම පුද්ගලයා සහ බලවත්ම කොරියානු ජාතිකයා ලෙස 2014 දී නම් කරන ලද බවයි .

තවත් සඟරා පුවත්පත් හා මාධ්‍ය සන්නිවේදන තොරතුරු වලට අනුව පවසන ආකාරයට ඔහු දකුණු කොරියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ප්‍රසිද්ධියට පත් පුද්ගලයා ලෙසට කරුණු අනාවරණය වෙයි.

ඔහු මියයන විට ඇස්තමේන්තුගත ශුද්ධ වත්කම බිලියන 21 ක් ලෙස මාධ්‍ය තොරතුරු අනාවරණය කරන අතර වර්ෂ 2007 සිට දකුණු කොරියාවේ සිටින ධනවත්ම පුද්ගලයා ලෙසටද මාධ්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කරයි .

ලෝකයේ කුමන රටක කුමන ප්‍රදේශයක කුමන කුඩා ජන කොට්ඨාසයක වුවද Samsung යන නම කියූ පමණින් හඳුනන නාමයකි.එය එසේ පත් කිරීමට දායක වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙකුගේ අභාවය සනිටුහන් කරන මෙම මොහොතේ ,ඔහු එය එසේ වර්ධනය කරගැනීමට තමන්ගේ ශක්තිය දායක කරගත්තා වූ ඉතා විශාල වූ ගමන් මගේ ලඝු වූ කොටසක් මෙසේ ගෙනහැර දැක්වීමි.

ක්‍රමයෙන් දියුණුව කරා පා තබන්නා වූ විශ්වය තුළ,තාක්ෂණික වූ ප්‍රබෝධයක් ඇති කරලීම සහ පවත්වා ගැනීම සම්බන්ධයෙන් මෙතුමා ගත් උත්සාහය හා අප්‍රතිහත ධෛර්‍ය්ය වෙනුවෙන් හෘදයාංගම ගෞරවය පුද කර සිටිමු.

මේසා විශාල මෙහෙයක් ඉටුකරමින් ,තම ව්‍යාපාරය හරහා ලොවට සේවයක් කළ ,කීර්තිමත් බෞද්ධයකු වූ එතුමන්ට සංසාරයේ කෙලවර අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Buddhist Brotherhood

You might also like
en English
X
X