සෙන් උපමා කතා – 05
හාමුදුරුවරුන්ගේ ආචාර ධර්ම
තාන්සාන් හා එකිදෝ නම් වූ හිමිවරුන් දිනක් මඩ පාරක් දිගේ යමින් සිටියා .ඒ වන විටත් මහා තද වැස්සක් වැටෙමිනුයි තිබුණේ.
ඇවිදගෙන යන විට පාරේ හමුවූ වංගුවක් ළඟට එද්දී එහි ලොකු මඩ වලක් තිබුණා.එය අසලම ඉතා මනරම් වූ සේද කිමෝනාවක් හැඳි ලස්සන යුවතියක් පාර හරහා යන්නට බැරිව අසරණ වී බලාගෙන හිටිය දර්ශනය ඔවුන් දුටුවා.
“එන්න කෙල්ලේ”කියූ තාන්සාන් හිමියන් එක්වරම ඇය ඔසවා ගෙන ගොස් ඒ මඩ වලෙන් එගොඩ කර ඇයව තිබ්බා.
එකිදෝ හිමි එය නුදුටුවා වාගේ හයියෙන් හයියෙන් ඉදිරියට ගමන් කලා.තාන්සාන් ඒ දැරිය පාරේ අනෙක් පැත්තෙන් තබා හැරී බලන විට එකිදෝ හුඟක් දුර පසු කරමින් ගිහින් .තාන්සාන් ඉක්මන් ගමනින් ගොස් බොහොම අමාරුවෙන් එකිදෝ ට එකතු වුණා.
එකිදෝ හිමියන් එදා රාත්‍රියේ නවාතැන් ගත් පන්සලට යන තෙක්ම තාන්සාන් හිමියන් හා කතාබහක් කළේ නෑ.තවදුරටත් මේ මුනිවත රකිමින් ඉන්නට නොහැකි වූ තැන එකිදෝ කතා කළා.
“අපි හාමුදුරුවරු.ඉතින් හාමුදුරුවරු උනහම කාන්තාවන් ළඟට යන්න හොඳ නෑ.අනික ඒ අය තරුණ ලස්සන කාන්තාවන් නම් , තවත් භයානකයි ”
ඔබ ඇයි එහෙම ඒ වගේ දෙයක් කළේ?
මෙලෙස කියූ එකිදෝ හිමියන් තාන්සෙන් හිමියන් ගෙන් මෙලෙස අහද්දි තාන්සෙන් හිමියන් පිළිතුරු ලබා දුන්නෙ මෙන්න මේ විදිහට…
“මම නම් ඒ ගෑනු ළමයා එතැන තියලා ආවා. ඒත් ඔබ තාම එයා ඔසවගෙන ඉන්නවද?”
තාන්සාන් බොහෝ හික්මීමෙන් පිළිතුරු ලබා දුන්නා…
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood