Temples of Sri Lanka

වරක් වඳිමුද කැළනියේ

මේ වචන අපිට බොහෝ හුරුයි.ඇත්තටම මේ වචන ටික තුල මහා ගැඹුරු අරුතක් ගැබ් වෙලා තියෙනවා..

අපි අනාදිමත් සංසාරයක එන ගමන තුළ අපි අතින් විවිධාකාර අකුසල් සිදු වෙලා ඇති.

අනන්ත සංසාරය තියා ලෝක සත්වයා මේ අත් බව තුළදීම කොච්චරක් නම් පව් කන්දක් ගොඩගහ ගන්නවා ද කියලා අපි හැමෝටම දහම් මග වඩා ගෙන යද්දී තේරෙනවා ඇති.

ඉතිං අපි මේ අනාදිමත් සංසාරය තුළ නොයෙක් ආකාරයෙන් ලෝක සත්වයන් ට හිංසා අවැඩ අසාධාරණ කරන්න ඇති..

ඒත් මොකක්දෝ මාහා පුණ්‍ය කුසල ශක්තීයක ප්‍රතිඵලයක් විදිහට අපිට අද උතුම් ආර්ය ඇසුරක් ලබන්න පුළුවන් උතුම් බුද්ධ ශාසනය ක උතුම් මිනිසුන් වෙලා ඉපදෙන්න වාසනාව උදා වෙලා තියෙනවා…

මේ අවස්ථාව අපිට ලැබිලා තියෙන්නේම නිවෙන්න නේද කියලා හිතද්දී තව තවත් සසර තුළ ඇති බිය දකින්න අපි උත්සාහ කරනවා.. ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කරා වූ පරම පවිත්‍ර සිරි සද්ධර්මය උතුම් කල්‍යාණ මිත්‍රයන් ගේ අතේ තාමත් එලෙසින්ම පවතිනවා…

ඉතිං උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියන කතාව තවත් ඊටම සමාන හේතු හදනවා… ඒ කියන්නේ අපි තණ්හාවෙන් ම මේ ජාතිය ඒ කියන්නේ (මම) හදාගත්ත දවසේ ඉඳන් ම අනාදිමත් සංසාරයක් තුළ ගොඩ ගහගත්ත පව් කන්ද උත්තරීතර කල්‍යාණ මිත්‍ර යෙක් මුන ගැසුනු දවසට සේදිලා යනවා කියන එකයි ඔය පද වැලේ අරුත.. ඉතිං කල්‍යාණ මිත්‍රයා කියන්නේ කළු කෙලෙස් නසපු සහ නසන්න උත්සාහ කරන ආර්ය උත්තම පිරිස් වලට.ඉතිං අද අපිට ඒ ආර්ය උත්තම ඇසුර ලබන්න තරම් වාසනාවක් උදා වේලා තියෙනවා.. ඒ ආර්ය උත්තම පිරිස ගෙන් තව තවත් ශ්‍රී සද්ධර්මය නැමති ඔසුව අරන් සුවපත් වන්න අපි උත්සාහ ගන්න ඕනි. වීර්ය කරන්න ඕනි… මොකද එහෙම නැති උනොත් අපි ආයේ සසරේ අනාථ තත්ත්වයට පත් වෙන්න වෙයි..

කල්‍යාණ මිත්‍රයන් වැඩ ඉද්දිත් අපි තවත් ලෝකේ උලා කාකා අපේ ගමන මිස් කරගත්තොත් මිස් උනා ම තමයි.. වෙනවා මොකද මේ මනුෂ්‍ය ආත්මයේ වටිනා කම කියලා නිම කරන්න බෑ.

“කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනී මිනිසත් බව ලැබ ගන්නේ
මෙතෙකිනි මෙසසර දුක් දුරලන්නේ
සුදනෙනී කිම වීරිය නොකරන්නේ…”

ඉතිං මේ මග අතැර නොගෙන අපි වීර්ය කරමූ… අවිදු අදුර දුරු කර විද්‍යාව පහළ කරගන්න මේ උතුම් කල්‍යාණ මිත්‍රයන් අපිට උද වූ කරාවි.. අපි වෙහෙස ගමු කල්‍යාණ මිත්‍රයන් ව නිතර නිතර ඇසුරු කරන්න… සතර අපායෙන් නිදහස් වෙලා උතුම් නිර්වාණය කාරා යන්න ඒ උත්තම පිරිස් අපිට උද වූ කරාවි…

උතුම් තෙරුවන් සරණයි🙏🙏🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X