Temples of Sri Lanka

පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස නම් කිරීම පිළිබඳ විද්වත් සාකච්ඡාව

ඉකුත් ඔක්තෝබර් මස 17 වන දින ඉන්දීය රජය විසින් “පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස” නම් කරන ලදී.

එම කාර්යය ඇගයීම සහ සැමරීම සඳහා විද්වත් සාකච්ඡාවක් ඔක්තෝම්බර් 23 වෙනි දින, කොළඹ ස්වාමි විවේක අනන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී සංවිධානය විය.

මේ සඳහා ශ්‍රී ලංකාව, මියන්මාරය, නේපාලය, බංග්ලාදේශය ආදී රටවල ස්වාමීන් වහන්සේලාද, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ගිහි විද්වතුන් ද සහභාගී වූහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතාය.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ආචාර්ය සත්‍යාංජල් පාණ්ඩේ මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කරන ලදී.

එහිදී පැවැත්වූ විද්වත් දේශනවලදී පාලි භාෂාවේ වැදගත්කමත්, වටිනාකමත් වටහාගෙන ඉන්දීය රජය විසින් සිදු කරන්නට යෙදුණු මෙම උත්තුංග කාර්ය පිළිබඳ විද්වත් මඩුල්ලේ ප්‍රශංසාව පුද කරන ලදී.

පස්වරු දොළහට පමණ මෙම විද්වත් සාකච්ඡාව අවසන් වූ අතර ඉන් අනතුරුව තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වුණි.

You might also like
en English
X
X