Temples of Sri Lanka

තරහින් කෑ ගහන්නෙ ඇයි?

ගංගානම් ගඟේ නෑම සඳහා ගිය හින්දු සාන්තුවරයෙකු ඉවුරේ සිටි පවුලේ සාමාජිකයන් පිරිසක් කෝපයෙන් කෑ ගසමින් සිටිනු දුටුවේය. ඔහු තම ගෝලයන් දෙසට හැරී සිනාසෙමින් ඇසුවේ…

‘ඇයි මිනිස්සු තරහෙන් කෑ ගහන්නේ?’ කියායි..

ශ්‍රාවකයෝ ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා එක එකා කිව්වා ‘සන්සුන් නැති නිසා කෑගහනවා’ කියලා.

‘ඒත්, අනිත් කෙනා ඔයා ළඟින්ම ඉන්නකොට ඇයි කෑ ගහන්නේ? ඔයාට කියන්න තියෙන දේ මෘදු විදිහට එයාට කියන්නත් පුළුවන්.’ සාන්තුවරයා ඇහුවා.

ගෝලයන් වෙනත් පිළිතුරු ලබා දුන් නමුත් කිසිවෙකු අනෙක් ශ්‍රාවකයන් සෑහීමකට පත් කළේ නැත.
අවසානයේ සාන්තුවරයා මෙසේ පැහැදිලි කළේය, .

‘දෙදෙනෙක් එකිනෙකාට තරහා යන විට ඔවුන්ගේ හදවත් බොහෝ දුරස් වේ. එම දුර පියවීමට නම් ඔවුන් එකිනෙකාට ඇසෙන ලෙස කෑ ගැසිය යුතුය. ඔවුන් කෝප වන තරමට, එම විශාල දුර පියවා ගැනීමට එකිනෙකාට ඇසෙන්නට කෑගැසීමට ඔවුන්ට සිදුවනු ඇත.

දෙදෙනෙකු ආදරයෙන් බැඳුණු විට කුමක් සිදුවේද? ඔවුන් එකිනෙකාට කෑගසන්නේ නැත, නමුත් මෘදු ලෙස කතා කරයි, මන්ද ඔවුන්ගේ හදවත් ඉතා සමීප බැවිනි. ඔවුන් අතර ඇති දුර එක්කෝ නොපවතින හෝ ඉතා කුඩාය…’

සාන්තුවරයා තවදුරටත් පැවසුවේ, ඔවුන් එකිනෙකාට තවත් ආදරය කරන විට, කුමක් සිදුවේද? ඔවුන් කතා කරන්නේ නැහැ, මුමුණනවා විතරයි, ඔවුන් ආදරයෙන් එකිනෙකාට තවත් ළං වෙනවා. අවසාන වශයෙන්, ඔවුන්ට මුමුණන්නට අවශ්‍ය නැත, ඔවුන් එකිනෙකා දෙස බලන්නේ ද එය එපමණයි. ඒ තරමටම දෙන්නෙක් එකිනෙකාට ආදරය කරනකොට සමීපයි.’

ඔබ තර්ක කරන විට ඔබේ හදවත් දුරස් වීමට ඉඩ නොතබන්න, එකිනෙකා දුරස් වන වචන නොකියන්න, එසේ නොමැතිනම් ඔබට ආපසු යාමට මාර්ගයක් සොයාගත නොහැකි තරම් දුර විශාල වන දවසක් පැමිණේවි.

කෙමෙන් කේන්ති‍ය හිතේ හැදීම සිතෙන් පළා යද්දී සතුට, සැනසුම විඳිමින් සංසුන්කම වර්ධනය කරගන්න.

ඔය තරමට තරහ ගන්න එපා

මොකක් ද මේ තරහ?

ඔබ හොඳටම දන්නවා ඔබේ කතාව වැරදි බව. ඒ උනත් ඔබ තර්ක කිරීම නවත්වන්නෙ නැහැ. අපි මුලින්ම තර්ක කළේ අපේ නම් වලින් එකිනෙකාව අමතමින්. ඊට පස්සෙ “තමුසෙ,” “අයිසෙ,” කියල ආමන්ත්‍රණය කරන්නට ගත්ත. තව ටිකක් වෙලා ගියත් ඔබ මගේ මතයට එකඟ වුනේ නැහැ. මගේ ඉවසීමේ සීමාව පැනල ඊට පස්සෙ කතා කළේ අහල පහල කාටවත් ඉන්න බැරි තරම් අසභ්‍ය වචන වලින්. හැබැයි මම ඒක තේරුම් ගත්තෙ පස්සෙයි.

මට තරහා ගියා වෙන්න ඇති.

සිතට සතුටක් නොදැනෙන සිතුවිලි වලින් පෙලෙන නොඉවසිල්ලේ අන්තයට ගිය විට අපි එයට ‘තරහ’ කියනව. තරහ කියන සිතුවිල්ල ගැන ඔබ ටිකක් සිතල බලන්න.

තරහ හදවතට දරා ගන්න බැරි සිතුවිල්ලක් නිසා ඒ ප්‍රචණ්ඩ ශක්තිය සමහරවිට අයහපත් වචන වලින් එහෙමත් නැත්නම් විශාල අකරතැබ්බයකින් මිනීමැරැමකින් අවසන් වෙන්නත් පුළුවන්.

ඔබේ දයාබර බිරිඳ එක්ක මොකක් ද එකකට අමනාප වෙලා කන්තෝරු ගිය දවස මතක ද? එදා ඔබ බස් එකක හැප්පෙන්න ගිහින් අනූනමයෙන් බේරුනා. කන්තෝරුවට ගිහින් මොකක් ද එකකට පහත් සේවකයෙකුට බැන වැදුන. ඒ මිනිහා ලොක්කට රිපෝට් කළා. පස්සෙ යාන්තම් බේරුනා.

කේන්ති සිතකින් පාරට බැහැලා කී පාරක් අමාරුවේ වැටෙන්න ගියා ද?

ඔබේ ජීවිතයේ තරහා ගිය කොතෙකුත් අවස්ථා ඇතිනෙ. එයින් එක අවස්ථාවක් ගැන වත් කල්පනා කරලා දැන් සතුටු වෙන්න පුළුවන් ද? “එදා මට තරහා ගිය එක හොඳට ගියා,” කියනවා ද? නැත්නම් “මට ටිකක් තරහා ගිහිං වැඩේ අප්සෙට් වුනා,” කියනවා ද?

ඇත්තටම තරහ යන්නේ මෝඩයන්ට කීවට ඔබ මා සමඟ අමනාප වෙන්න එපා.

තරහ ගිය වෙලේ ඇඟ වෙව්ලුව හැටි මතක ද? ගහන හැටි, මරණ හැටි කී වතාවක් ඒ අවස්ථාවේ දී හිතෙන් මවා ගත්ත ද? පපුව, උගුර හිරවෙලා වගේ ගියා මතකයි නේද?

කාට ද ඒ සේරම දැනුනේ?

එහෙම හිතලා අවංකවම තරහව කියන එක ප්‍රතික්ෂේප කරන්න. හදවත කියන සරු සාර මාතෘ භූමියේ යහපත් සිතුම් ප්‍රාර්ථනා නැමති ධාන්‍ය පැළ තුලින් පැන නඟින ‘තරහ’ කියන වල් පැලෑටි ගලවලා දාන්න. මීට පස්සෙ වැවෙන්න දෙන්නම එපා. තරහ කියන්නෙ නිකම්ම නිකම් වල් පැලෑටියක් නෙමෙයි. ගෑවුන තැන් කහන්න පටන් ගන්න කහඹිලියා වගේ වල් පැලයක්. ඒවට ඉඩ නොදුන්නාම අනෙක් ශූභ ප්‍රාර්ථනා මල් පැල ඵල දරාවි. අන් අස්වනු ගෙන දේවි.

පුරුද්ද අත්හරින්න ටිකක් මහන්සි වෙන්න ඕන. ආයෙමත් හදිසියේම කේන්ති එන්න පුළුවන්. අන්න ඒ වෙලාවට මුල් ප්‍රාර්ථනාව ආයෙමත් මතක් කරගන්න. “කේන්ති යන්නෙ මෝඩයන්ට, මගේ සිත සංසුන්,” කියල කිහිප විටක් සිතට මතක් කරදෙන්න.

කෙමෙන් කේන්ති හැදීම සිතෙන් පළා යද්දී සතුට, සැනසුම විඳිමින් සංසුන්කම වර්ධනය කරගන්න.

එවිට ඔබ නිසා කවදාවත් කවුරුත් පීඩා විඳින එකක් නෑ. කවදාවත් බන්ධනාගාරවල ඉන්න කුකුල් කේන්තිකාරයෝ අතරට යන්න වෙන එකක් නැහැ. පවුල් ජීවිතය, රස්සාව වෙනදා වගේ නැතිව සතුටින් ගෙන යන්නට හැකිවේවි. සැනසුම, සතුට, සාමය තකා තරහව ප්‍රතික්ෂේප කරන්න.

අවංකවම තරහව කියන එක ප්‍රතික්ෂේප කරන්න. හදවත කියන සරු සාර මාතෘ භූමියේ යහපත් සිතුම් ප්‍රාර්ථනා නැමති ධාන්‍ය පැළ තුලින් පැන නඟින ‘තරහ’ කියන වල් පැලෑටි ගලවලා දාන්න. මීට පස්සෙ වැවෙන්න දෙන්නම එපා. තරහ කියන්නෙ නිකම්ම නිකම් වල් පැලෑටියක් නෙමෙයි. ගෑවුන තැන් කහන්න පටන් ගන්න කහඹිලියා වගේ වල් පැලයක්. ඒවට ඉඩ නොදුන්නාම අනෙක් ශූභ ප්‍රාර්ථනා මල් පැල ඵල දරාවි. අන් අස්වනු ගෙන දේවි.කොච්චර වටිනා අදහසක්ද ? ඒක… තරම කියාගන්න බැරි තරම්…..

ඔබ නිවුනු තැන ඔබ නිසා කවදාවත් කවුරුත් පීඩා විඳින එකක් නෑ. කවදාවත් බන්ධනාගාරවල ඉන්න කුකුල් කේන්තිකාරයෝ අතරට යන්න වෙන එකක් නැහැ. පවුල් ජීවිතය, රස්සාව වෙනදා වගේ නැතිව සතුටින් ගෙන යන්නට හැකිවේවි. සැනසුම, සතුට, සාමය තකා තරහව ප්‍රතික්ෂේප කරන්න.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X