Temples of Sri Lanka

පූජනීය රතන සූත්‍රය සජ්ජායනය පෑලියගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ දී

කොවිඩ් වසංගතයෙන් දැඩි සේ පීඩා විදින ඉන්දියානු ජනතාව වෙනුවෙන් පූජනීය රතන සූත්‍රය සජ්ජායනය කරමින් තවත් සදහම් පරිත්‍රන ධර්ම පූජාවක් ඊයේ සවස 6.00 ට පෑලියගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි. මෙහි මුලසුන හෙබවූයේ ශ්‍රී අමරපුර මහ නිකායේ මහලේකම් මහාචාර්ය පල්ලකන්දේ රතනසර අනුනායක හිමියන් විසිනි.

අති පූජ්‍ය ආචාර්ය වල්පොල විමලඣාන අනුනායක හිමියන්ගේ නායකත්වයෙන් මෙම සජ්ජායනය පැවැත් වූ අතර අති පූජ්‍ය ආචාර්ය මාදම්පගම අස්සජි අනුනායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහභාගි වූ සේක.

මෙය සංවිධානය කරනු ලැබුවේ ඉන්දියාවේ නවදිල්ලියේ මූලස්ථානය පිහිටි ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය සහ ආචාර්ය දමෙන්ද පෝරගේ මැතිදුන්ගේ නායකත්වයෙන් යුත් බෞද්ධ සහෝදරත්ව පදනම විසිනි.

මෙම අවස්ථාවට ගිහි පැවිදි සුවිශේෂී ආරාධිතයින් කිහිප දෙනෙක් ද සහභාගි වූහ.

You might also like
en English
X
X