Temples of Sri Lanka

අභ්‍යන්තර සුන්දත්වයෙන් දිසෙන හෙට දවස…..

මිනිසකුගේ ලස්සන වීමට හා වටිනා භාවයට පත්වීමට කළ යුතු බොහෝ දේ තේරුම් ගෙන ක්‍රියා කිරීම ඉතා වැදගත් .ශරීරයේ නොයෙක් දේ ආලේපනය කරමින් විවිධ ඇඳුම් පැළඳුම් පැළඳුම් ආභරණ ආයිත්තම් පළඳමින් මේ ශරීරය ඉතාමත් සුන්දරත්වයෙන් වැදගත්කමින් උසස් ස්ථානයක තැබීමට සියලුම දෙනා උත්සාහ ගන්නවා .

සුවඳ සබන් ආභරණ සුවඳ හමන ද්‍රව්‍ය මොනතරම් පැළඳුවත්.. තැවරුවත් …නියම පිරිසුදු භාවය ඒවායින් ඇති වන්නේ නැහැ .

අභ්‍යන්තරය තුළ පවතිනසිත පිරිසිදු භාවයට පත් කරගැනීම උසස් තත්ත්වයට පත්වීමේ හොඳ ලක්ෂණයක් රත්තරනින් කළ කණකර ආභරණ පැළදීමට වඩා කෙනෙකු ලස්සන වීමට උතුම් ගුණධර්ම හේතුවන බව බුදු දහමේ මනාවට පෙන්වා දී තිබෙනවා .

වත්මන් සමාජය තුළ ජීවත්වන බොහෝ දෙනා මවුපිය වැඩිහිටි ආදීන් තම දූ දරුවන් වූවත් දෙපතුල් අල්ලා උදෙ සවස වැඳීම පිළිබඳව කළ හැකි මෙවැනි අවස්ථා වලට අකමැති වීම පුදුමයක්. සමහර මවුපියන් මත්වතුර පානය සොරකම අල්ලස සත්ව ඝාතනය ආදී විවිධ දුශ්චරිතයක් වල යෙදෙන බව අවංකවම තමා දන්නා නිසා වැඳුම් ලැබීමට තරම් ගුණයක් නැතැයි වැටහීමෙන් දරුවන්ගේ ගෞරව ලැබීමට නුසුදුසු යැයි සිතා එසේ කරනවා විය හැකියි. කෙසේ වුවත් සදාචාර සම්පන්න දරු පරපුරක් බිහි කිරීමට එය බලවත් සේ බාධාවක් ලෙස සලකන්නට පුළුවන් .

කිසියම් පුද්ගලයෙක් දරු පරපුර මනාකොට හදා හදාවඩා ගැනීමට තම ජීවිතය සාර්ථක පවත්වාගෙන යාමට කැමති වෙනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති පරිදි සුදුසු ගුණධර්ම වල තමා පළමු කොට පිහිටා සිටිය යුතුයි. ඉන් පසුව තම දරුවන්ට මහත්සේ ආශිර්වාද කිරීමට ද හැකියාව ලැබෙයි .

බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව වයස සීලය ගුණය හා ප්‍රඥාව යන උසස්ම ගුණ ධර්මයන්ගෙන් යුක්ත වූ අයට යමෙක් ගරු සැලකිලි දක්වනවා නම් මෙලොවත් පරලොවත් මහත් වූ සැප ලබා ගැනීමට එයම හේතුවක් වීම අප අතිශයින් ම තරයේ සිහියේ රඳවා ගත යුතුයි. අඩු ආයුෂයෙන් මරණයට පත්වීම විරූප වූ ශරීරයක් ඇති වීම ලෙඩට භාජන වීම අත් පා ඇස් කන් නාසය ආදී අවයව ඉන්ද්‍රිය දුබල වීම සහ අඥානවන්තයන් බවට පත්වීම වැනි දුක්ඛදායි තත්ත්වයන්ට භාජනය නොවී ආයු වර්ණ සැප බල ප්‍රඥා යන පංච සම්පත්තිය ලබා සසර ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට පිදිය යුත්තන්පිදීම මනා හේතු සාධකයක් වනු ඇත .

ආගමානුකූල ජීවිතයක් ගත කිරීම වර්තමානය තුළ අවමානයට ලක් වන අවස්ථාවක් ලෙස බොහෝ දෙනා පිළිගත්තද ජීවිතාදර්ශ කතා අතර ආගමානුකූල ජීවිත මනරම් සේ හැඩ ගැසුණු අවස්ථාද අපට අනේක වාරයක් දැකගන්නට ඇත .කෙටි කාලීන වශයෙන් හෝ අත මානයේ සැප සම්පත්වලින් අනූන සේ ජීවත්වීමට ආගමානුකූල ජීවිතයකට නොහැකි වන්නටද පුළුවන .කාලයක් ගත වුවද සතුටින් සමාදානයෙන් අවංක සිතින් යුතුව කරන ක්‍රියාදාමයක් තුල සැප සතුට සදාකාලික භුක්ති විඳිය හැකි සැපක් ලෙස ලැබෙනු ඇත .

නරක සඳහා පෙළඹීමක් නැත .හොඳ සඳහා පෙළඹවීමක් අවශ්‍ය ය .නරක පවත්වා පවත්වා ගැනීම පහසුය .හොඳ පවත්වා ගැනීම අපහසුතාවන් මැද කරගත යුතු දෙයකි .

තෝරා ගත යුතු මාර්ගය ඔබ සතුයි …

ආගමානුකූල ජීවිතයක් තුළ ..තමාගේ සුන්දරත්වය ඇතුලාන්තය තුළ සහ බාහිර පරිසරය තුළ විද්‍යාමාන කිරීමට දැහැමි ජීවිතයක ඇති වටිනාකම ඉටා ගත යුතුය .

අපහසු නමුත් හොඳම දේ සිදු කිරීම මිනිසා වශයෙන් බුද්ධිමත් පුද්ගලයෙක් ගත යුතු හොඳම තීරණයක් .

නිවැරදි මඟ යමින් සුන්දරත්වය කරා පැමිණීමට අභ්‍යන්තර ජීවිතය තුළ මනරම් පරිච්ඡේදයක් ආරම්භ කිරීමට පංචශීලය ආරක්ෂා කරගනිමින් දුශ්චරිතයෙන් මිදුණු අනාගත පරපුරක් දායාද කර ගැනීම සඳහා දෙමාපියනනි, වැඩිහිටියනි පිළිවෙතින් පෙළ ගැසෙමු …

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X