The Dhammapada – ධම්මපදය – අත්ත වග්ගය – 03
අත්තානං චේ තථා කයිරා – යථ’ඤ්ඤමනුසාසති
සුදන්තෝ වත දම්මේථ – අත්තා හි කිර දුද්දමෝ
සුදන්තෝ වත දම්මේථ – අත්තා හි කිර දුද්දමෝ
අනිත් උදවියට අනුශාසනා කරනවා වගේම තමාත් ඒ අනුශාසනාවට අනුකූලව ජීවිතය ගතකරන්ට ඕන. තමන් දමනය වෙලා තමයි අනුන්ව දමනය කරන්ට ඕනෙ. තමා දමනය කරගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි.
(ජේතවනාරාමයේදී පධානිකතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)