Temples of Sri Lanka

දරුවන්ගේ භාරකාරත්වය උසුලන ඔබටයි මේ….

සැබෑ අරුතක් ජීවිතයට ලැබෙන්නේ කුමකින්ද?

“ඔබ ජීවත් වෙලා ඉන්න තාක් කල් ඔබට හැකි උපරිමයෙන් විනෝද වෙන්න.”

ඔබ අවංකව පිළිගන්න ජීවිතයේ අරුත රඳා පවතින්නේ ඔබ ජීවිතය ගත කරන්න උත්සහ කරන ආකාරය මතයි.”

මේ එකම ප්‍රශ්නයට ලැබුණු පිළිතුරු දෙකක් .

ජීවිතයේ අරුත සොයා යන ගමනේ ඔබ කවදා හෝ කල්පනා කර මේ පිළිතුරු වලට විතැන් වී තිබේද ?

සියලුම මිනිස් වර්ගයා එකම අරමුණක් සඳහා ගමන් කරයිද ?

එහෙමත් නැත්නම් ජීවිතයේ අරුත රඳා පවතින්නේ අපි එක් එක් කෙනා අපේ ජීවිත ගොඩනඟා ගන්න ආකාරය මතද?

අපේ සමාජය කොතරම් තාක්ෂණය අතින් දියුණු වුවත් ජීවිතයේ අරුත ගැන සොයා බැලීමට අප තුළ පෙලඹීමක් ඇති කරගත යුතුය .

අපෙන් බොහෝදෙනෙක් ජීවිතයේ යම් සන්ධිස්ථානයකදී ‘අප මෙහි සිටින්නේ ඇයි?’ කියන ප්‍රශ්නය ගැන සිතනවා.
නවීන විද්‍යාව ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට සෑහෙන පොරබැදීමක් කර තිබෙනවා. ප්‍රතිඵලය කුමක්ද? “පරිණාමයෙන් ජීවිතයට අරුතක් සොයාගන්න නොහැකි” බව මනෝ විද්‍යාව හා සත්ව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් පී. බාරෙශ් පැවසුවා.

පරිණාමවාදය පිළිගන්නා ජීව විද්‍යාඥයන්ට අනුව සෑම ජීවියෙකුටම ඇත්තේ එක අරමුණක්, එනම් නොනැසී පැවතීම හා වර්ගයා බෝ කිරීමයි. තවද මහාචාර්ය බාරෙශ් පවසන්නේ මෙසේයි. “කිසිම අරමුණක් නැති එකිනෙකා ගැන නොසලකන මිනිසුන් සිටින මෙම විශාල විශ්වය තුළ ජීවිතයට අරුතක් දීම මිනිසාගේ වගකීමකි. එය කළ හැක්කේ අප කරන තෝරා ගැනීම් ස්වාධීනව, දැනුවත්ව හා කැමැත්තෙන් කිරීම මතයි.”

ජීවිතයට අරමුණක් හා අර්ථයක් ලබා දෙන කටයුතු බහුල වශයෙන් තෝරා පත් කර ගැනීම තම අභිමතය පරිදි සිදුවන්නක් .

තමන්ට කැමති දේ කිරීමම ජීවිතයේ අරමුණම නොවේ….

කිසිම අරුතක් හෝ අරමුණක් නැති හිස් ජීවිතයක් අපට මේ ලෝකයේ ගත කිරීමට ඉඩහරිනවා වෙනුවට අප මෙහි සිටීමට හේතුවක් තිබෙන බව ඈත අතීතයේ හෙළි කර තිබෙනවා.

අප මෙහි සිටින්නේ අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් නිසා නොවෙයි. මිනිසාගේ පැවැත්ම සඳහා මේ පොළොව සූදානම් කිරීමට මැවුම්කරු අවුරුදු ගණනාවක් ගත කළ බව අපි දන්නවා.

කිසි දෙයක් අහම්බෙන් සිදු වුණේ නැහැ. මැවූ සියලු දේම “ඉතා යහපත්ව” තිබෙන බව අපි දන්නවා .

කෙසේවෙතත් මෙහිදී සැලකිය යුතු වැදගත් කාරණයක් සඳහන් කිරීම වටියි. දිව්‍ය මැදිහත් වීමකින් හෝ ජෛව ක්‍රියාවලියට යම් වෙනසක් කිරීමෙන් හෝ දෙවි එක් එක් පුද්ගලයාගේ අනාගතය කල් තියාම නියම කළේ නැහැ. ජානමය උරුමය නිසා අපට යම් බලපෑම් ඇති වුණත් අපේ ක්‍රියාවන් අපට පාලනය කිරීමේ හැකියාව බොහෝදුරට තිබෙනවා. අප සියලුදෙනාටම නිදහස තිබෙනවා අපේ ජීවිතයේ අප කැමති මාර්ගය තෝරගන්න.
අපේ ජීවිත ගත කරන්නේ කොහොමද කියා තීරණය කිරීම අප එක් එක් කෙනා සතු දෙයක් .

අර්ථාන්විත අරමුණක නිර්මාතෘවරයා ඔබයි.
ඒ මැවුම්කරුවා ඔබයි.එය විශ්වාස කිරීමම කෙනෙකු ජීවිතය සම්බන්ධයෙන් දරන මතය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරයි.

අවුරුදු 19ක් වයසැති ලිනට් පැවසුවේ “යෙහෝවා දෙවි මවා තිබෙන සියලුම පුදුමාකාර දේවල් දෙස බලා ඒවා මැවීමේ අරමුණ ගැන කල්පනා කරන විට මාවත් මවා තිබෙන්නේ අරමුණක් ඇතුව කියා මට හැඟෙනවා.”

මෙලෙස අර්ථවත් සබඳතාවක් ගොඩනඟාගැනීම ඉතා වැදගත්.
ජීවිතයට ඇති හොඳම මාර්ගය පිළිබඳව නිශ්චිත මඟ පෙන්වීම් ලබා දීම ඔබට ඔබව ඔසවා දීමක්. ඔබට තෘප්තියක් ලැබිය හැකි තත්වයක්.

ලෙංගතු මාපියෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙවැනි දෙයක් දරුවනට දායාද කිරීම නෙවෙයිද?

You might also like
en English
X
X