Temples of Sri Lanka

ධර්මානුකූල ඔබට

ධර්මය ප්රගුණ නොකළ අයට අවසාන කාලය ඉතාමත් අනතුරුදායක බව අපට පැහැදිලියි.

 

එයට හේතුව ධර්මය හඳුනාගෙන නොමැති කම .දහම කියන්නේ පව් නොකර සිටීම කුසල් වැඩීම සිත පිරිසිදු කිරීම ධර්මය ශ්රවණය කරලා ඒ ධර්මයට අනුකූලව කල්පනා කරන්නට පුරුදු වුනා නම් එයා පැහැදිලිවම ආර්ය අෂ්ඨාංග වැඩපිළිවෙළට පැමිණි කෙනෙක් කියලා අපට හඳුන්වන්න පුළුවන්

 

එසේ නම් ඒ පුද්ගලයා ළඟ සම්මා වායාම තිබෙනවා උපන් අකුසල් ප්රහාණය කිරීමට ගන්නා වීර්ය නූපන් කුසල් නූප දීමට ගන්නා වීර්යය නූපන් කුසල් ඉපදීමට ගන්නා වීර්ය හා උපන් කුසල් වඩා වර්ධනය කර ගන්නා වීර්ය සම්මා වායාම ට අයිති වූවක්
මෙබඳු වීර්යයන් වර්ධනය කර ගැනීමට හැකි වන්නේ ධර්මයට පැමිණීමෙන් පසුවයි ධර්මය නොදන්නා පුද්ගලයාගේ ස්වභාවය තමයි තමන්ට යම් කිසි ආකාරයක රාගයක් ද්වේශයක් මෝහයත් ඇතිවුණා නම් ඒ දේට අනුකූලව සිත හසුරවනවා මිසක් පාලනය කරන්න උත්සාහ ගන්නේ නැති කම එයින් මිදීමට සිහිය පිහිටුවන්න දන්නේ නැති නිසා සිත නොවැඩූ ප්රඥාව ඇති වෙනවා. ගුණධර්ම නොවැඩූ කාය භාවනා චිත්ත භාවනා තනි පුද්ගලයින් මරණාසන්න අවස්ථාවට පත්වන විට එයාට තිබෙන්නේ තමාගේ ලෝකය වටා ගොඩ නැගුන දේ විතරයි එය පරලොවක් ගැන සුගතියක් ගැන කල්පනා කරල නැති තරම්.

 

ධර්මානුකූල නොවූ තැනැත්තා පරිපූර්ණ වූ ආශා ඇතිව නොසන්සිඳුණු ආසා ඇතිව නොයෙක් බලාපොරොත්තු ඇතිව අපේක්ෂා සහිතව ජීවත් වූ කෙනෙක් එම පුද්ගලයා අපේක්ෂා සහිතව මරණයට පත් වෙනවා
එහිදී පිහිටවන්නේ කර්මය බව අවබෝධ කොට ගෙන නැහැ කර්මය පිළිසරණ කරගෙන කර්මානුරූපීව උපතක් කරා යනවා මිසක් වෙන කිසිම දෙයක් එයට ලැබෙන්නේ නැහැ.

 

ධර්මය නොලැබුණු අයට බොහෝවිට සිදුවන්නේ දුගතියක ඉපදීමටත් නමුත් ධර්මානුකූල පුද්ගලයා ඊට වෙනස් හැමවිටම සිහියෙන් ඉන්න පුරුදු නිසා මරණාසන්න මොහොතේ දීත් කුසල ශක්තියෙන් යුක්තයි අකුසලයේ ආදීනව දන්න නිසා ඒවා ප්රහානය කරනවා කුසලයේ ආනිසංස දන්නා නිසා කුසල් වඩවනවා මේ සියලුම දේ කරගෙන සතුටින් මරණය කරා ඇදී යනවා.
මේ පිළිබඳව බුද්ධ දේශනා දෙකක් තිබෙනවා අංගුත්තර නිකායේ හතරවැන නිකායේ හතරවැනි නිපාතයේ සෝතානුදත සූත්රය සහ මජ්ඣිම නිකායේ සංඛාරුප්පත්ති සූත්රය.

 

දේශනා කොට තිබෙනවා මේ ජීවිතයේ දී පරලොව සුගතිය පිණිස මානසිකව සකස් විය යුතු ආකාරය සඳහා අප විසින් ශ්රද්ධාවන්ත කම සීලවන්ත ධර්ම ඥානයෙන් යුක්ත ව පරිත්යාග සීලී වීම.
චතුරාර්ය සත්යශීලී වීම චතුරාර්ය සත්ය ධර්මය කෙරෙහි තමන්ගේ චිත්ත ප්රසාදය හා ඒ කෙරෙහි තම සිත යොමු කිරීම අවශ්යයි මේ කරුණුවලින් යුක්ත කෙනා මරණයෙන් පසු දිව්ය ලෝකවල උපදින්න කැමති කෙළ හිත පිහිටුවා ගෙන සිටීමෙන් හේතුව සකස් කර ගැනීම නිසා පලයක් ලෙස දිව්ය ලෝකවල උපතක් කරා ගොස් එහිදී ධර්මය දියුණු කිරීමට වාසනාව තිබෙනවා කියා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා

 

මරණ සතිය නොවැඩූ පුද්ගලයන් මරණය අභියස මට මැරෙන්නට බැහැ මැරෙන්නට බයයි කියමින් අඩන අය අපි බොහෝ දැක ඇත
නමුත් ධර්මයේ සිත පිහිටුවා ගත් පසු එවැනි මොහොතක තැති ගන්නේ වැළපෙන්න දුක් වෙන්නේ හදන්නෙ නැතුව අනිත්ය දකිමින් ඊට මුහුණ දෙන්නට පුළුවන්
එනිසා පැහැදිලියි අපට ධර්මය තුල ජීවත්ව සිටියොත් තමයි අවසාන මොහොත යථාර්ථයක් වන්නේ සහ සාර්ථක වෙන්නේ ධර්මය නො ලැබූ බොහෝ දෙනා ගේ අවසානය අසාර්ථකයි.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X