Temples of Sri Lanka

සෝතාපන්න වීමට නම්

බුදුරජාණන් වහන්සේ ගිහි ශ්රාවකයන්ට ධර්මය අවබෝධ කර කරගැනීම පිණිස තමාගේ ජීවිතය තුළ ඇති කරගත යුතු අංග පහක් කන්ථිය සූත්රයේ පෙන්වා දී තිබෙනවා

 

ඒ තමයි මම ගිහි ජීවිතය තුළ බෝග සම්පත් ලබනවා කියලා කැමැත්තක් ඇති කර ගත යුතුයි කියලා භෝග සම්පත් කියන්නේ ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන ඉඩකඩම් අරගෙන ආර්ථික අතින් දියුණුවක් ලැබීම හොඳ ආර්ථික තත්ත්වයක් ඇතිකර ගන්නවා කියලා ගිහි ශ්රාවකයා කැමැත්තක් ඇති කරගත යුතුයි
ඊළඟ කරුණ තමයි මම හොඳ අධ්යාපනයක් ලබනවා දැන උගත් කෙනෙක් ලෙස සමාජය ඉදිරියට යනවා කියන අදහස ඔහු තුළ තිබිය යුතුයි

 

තුන්වැනි කාරණාව තමයි මම හොඳ රැකියාවක් කරනවා කියන අධිෂ්ඨානයක් ගිහි ශ්රාවකයාට තියෙන්නම ඕන
හතරවෙනි කාරණාව තමන් කරන රැකියාව තමන්ගේ අරමුණු අභිමතාර්ථ ඉෂ්ට වන තුරු අඛණ්ඩව එක දිගට කරගෙන යනවා කියන අධිෂ්ඨානය බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා

 

මේ ඉහතින් දක්වන ලද කරුණු 4 ටම වඩා ගිහි ජීවිතය සාර්ථක වීමට වැදගත්ම වෙන්නේ ගිහි ජීවිතය ගතකරන ගත කරන ගමන්ම චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කරගෙන ප්රඥාවන්ත කෙනකු බවට පත් වෙනවා කියන එක
ගිහි ජීවිතය තුළදීම මාර්ගඵල අවබෝධ කරගන්නවා කියන අධිෂ්ඨානය තියෙන්න ඕන මේ කරුණු 5 ම ගිහි ශ්රාවකයෙකු තුළ තියෙනවා නම් ඔහු ආර්ථික අතින් දැන උගත් තමා සීන් සමාජයේ දියුණුව කරා යනවා ගිහි ජීවිතය ගෙවන ගමන් තමාගේ ජීවිතය තුළ මාර්ගඵල අවබෝධ කරගන්නවා

 

ඒ නිසාමයි අපි මහන්සි ගන්න ඕන තමාගේ ජීවිතයට කල්යාණ මිත්ර සේවනයක් ඇති කරගන්නට මේ කල්යාණ මිත්රයා තුළින් තමයි උන්වහන්සේ දේශනා කළ ධර්මය අසන්නට ලැබෙන්නේ කල්යාණ මිත්ර සේවනය හා සද්ධර්මය ශ්රවණය බාහිර ලෝකයෙන් ලැබෙන දේවල්
තමා තුළ තිබෙන්න ඕන ඒ ධර්මය අහලා නුවණින් විමසීමේ හැකියාව ඒ සියල්ලම සෝතාපන්න වීමට කැමති කෙනෙක් තමාගේ ජීවිතයට පුරුදු පුහුණු කරගත යුතු මහත් වටිනා ගුණාංග
ඒ වාගෙමයි සෝතාපන්න පුද්ගලයා තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්රද්ධාවක් පවතිනවා උන්වහන්සේ මේ මේ ගුණවලින් යුක්තයි කියලා හිතේ ඇතිවූ ප්රසාදයෙන් යුක්ත ව කටයුතු කරනවා

 

ඒ වගේම ධර්මය හොඳට ඉගෙනගෙන ඒ ගුණ අදහා ගෙන ඒ ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කර ගන්න දක්ෂ වෙනවා ඒ ධර්මය මුල මැද අග ඉතා පිරිසිදු ලෙස අර්ථ සහිතවඅවබෝධ කරගන්නවා
ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ප්රතිඵල ලබපු ශ්රාවකයන් මේ ජීවිතයේ සිටින වග
එනිසා ඒ නිසා මමත් මේ ධර්මය අනුගමනය කළොත් මේ ජීවිතයේ දී මාර්ගඵල අවබෝධ කරගත හැකි කියලා මාර්ග ඵල ලද සංඝරත්නය කෙරෙහි ශ්රද්ධාවක් පිහිටුවා ගන්නවා

 

සංඝරත්නය සරණ යනවා මේ විදියට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි මාර්ග ඵල ල-ඵල ලද මහා සංඝරත්නය කෙරෙහි අචල ප්රසාදය සෝතාපන්න ශ්රාවකයා තුළ තිබෙනවා
ඒ වගේම ඒ ශ්රාවකයා අරියකාන්ත සීලයෙන් යුක්තයි ඒ තමයි ගිහි ශ්රාවකයාට තිබෙන පංචශීලය ඔහු අවබෝධයෙන් යුක්තව ප්රාණඝාතයෙන් අන්සතු දේ ගැනීමෙන් වැරදි කාම සේවනයෙන් බොරුවෙන් මත් පැන් වලින් හා මත් ද්රව්ය ගැනීමෙන් වළකින අවබෝධයෙන් සීලය තුළ පිහිටවලා සිල්වත් ජීවිතයක් ගත කරනවා
මේ අංග හතර සෝතාපන්න ශ්රාවකයෙකු තුල පිහිටනවා කියලා බුදුරජාණන් වහන්සේ මැනවින් පෙන්වා දී තිබෙනවා

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X