Temples of Sri Lanka

දුක කියන්න හොඳ මඟක් හොයමු

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි සෑ රජුන් ඇසුරු කර ගනිමින් ද විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයේදීද බොහෝ දෙනා වඳිමින් පුදමින් පින් කර ගන්නවා වගේම තමන්ගේ දුක් අඳෝනාද කියමින් පිහිට පතනවා අප කොතෙකුත් දැක තිබෙනවා.

මෙහිලා විශ්මිතභාවය කියන්නේ ශ්‍රද්ධාවන්තයාට ඇත්තටම ඉන් පිහිටක් ලැබෙනවා.

රුවන්වැලි මහා සෑයට ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට ජීවිතය පූජා කොට පිරිත් කියා බාර හාර වී සෙත සලසා ගත් විස්තර කොතෙකුත් අපි අසා දැනගෙන තිබෙනවා. නමුත් කරදරයක් ආවම ඒ පිළිබඳව කොහොමද කටයුතු කරන්නේ කියලා බොහෝ අයට විචිකිච්චාව පවතිනවා.

ඒ නිසාම අපට එන උවදුරක් තුණුරුවන්ට කියන්නේ කොහොමද කියන ක්‍රමය ගැන අපි හොයලා බලමු

නොයෙක් කරදර උවදුරු අමනුෂ්‍ය දෝෂ වගේම තමන් නොයෙකුත් අවස්ථාවලදී මහා සෑයට, බෝධියට, සරණ සොයා යන සැදැහැවතා පහන් දල්වා සුවඳ පතුරවා මල් රැගෙන මළුවට ගොඩවීම තුලම අපි නිවෙනවා..

මහා සෑයේ බෝධීන් වහන්සේගේ ආනුභාවය ගැන පැහැදීම මුලින්ම ඇති කරගන්න. මුලින්ම තමාගෙන් තමාට පිහිට ලැබෙනවා. මළුවට මහත් ගෞරවයෙන් ගොඩ වීමෙන් හා සුවඳ දුම්රැගෙන තුණුරුවන් ගුණ කියමින් ප්‍රදර්ශනා කරන්නට ඕන .

බුදුන් වහන්සේ සියලු දුක් වලින් මිදුණු සේක .මට දුක් කරදරයක් ඇවිල්ලා යයි තමන්ගේ උවදුර ගැන බුදුරජාණන් වහන්සේට කියන්න ඉගෙන ගන්න.. අපේ හිතේ ඇති දේ භාග්‍යවතුන් වහන්සේ දන්නවා. තවත් වචන අටුවා අවශ්‍ය නැහැ.

” තස්ස මේ සරණං භවාති.”
අනේ මට මේ පිහිට සලසා දෙන සේක්වා. යයි යයි උතුම් සරනින් ඉල්ලීමක් තියෙයිද තවත් මේ විදියට මහා සෑය මහා බෝධිය පැදකුණු කරලා මල් පූජා කරලා තෙරුවන් වැදලා රතන සූත්‍රාදී පිරිත් කියලා මෙත් සිත වඩන්න.. ඉන් අනතුරුව ඔබේ වචනයෙන් කරුණු සිහි කරලා දෙවියන්ට පින් දෙන්න

බුදුසිරිපා වඳින අයුරින් මහසංඝයා, මහා බෝ, පසඟ පිහිටුවා වදින්න

ඉන් අනතුරු රත්මාලි මහා සෑ රජුන් ඉදිකළ දුටුගැමුණු මහරජතුමා විසින් මහා යුද්ධයන් කරද්දී එකම හී පාරක්වත් නොවැදී ආරක්ෂා වූ එතුමා නිතර සිහිකළ සරණානුස්මෘති ගාථා තුන සිහිපත් කරමින් මහා සෑය, මහා බෝධිය ප්‍රදක්ෂිණා කොට නැවත පසඟ පිහිටුවා වැඳ ගෞරවයෙන් මහ සෑයෙන් පිටත් වන්න.

බුදුන් වහන්සේ තුන් ලොවටම එකම සරණ වූ සේක. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ මෝහාන්ධකාරය දුරලන සූර්යයා වන සේක. මෙසේ ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ බිය රහිත වූ උතුම් වූ ශ්‍රේෂ්ඨම සරණ වන සේක. මම බුදුරජාණන් වහන්සේ සරණ යමි. එහෙයින් මා හට සදා බය නැත්තේය.

ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තුන් ලොවටම එකම සරණ වූ සේක. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකයාගේ මෝහාන්ධකාරය දුරලන සූර්යයා වන සේක .මෙසේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සරණ බිය රහිත වූ උතුම් වූ ශ්‍රේෂ්ඨම සරණ වන සේක මම ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ යමි එහෙයින් මා හට සදා බයක් නැත

ඒ උතුම් ආර්ය මහා සංඝරත්නය තුන් ලොවටම එකම සරණ වූ සේක. ඒ උතුම් ආර්ය මහා සංඝරත්නය ලෝකයාගේ මෝහාන්ධකාරය දුරලන සූර්යයා වන සේක. මෙසේ ඒ උතුම් ආර්ය මහා සංඝරත්නය සරණ බිය රහිත වූ උතුම් වූ ශ්‍රේෂ්ඨම සරණ වන සේක. මම ඒ උතුම් ආර්ය මහා සංඝරත්නය සරණ යමි. එහෙයින් මා හට සදා භය නැත්තේමය.

තුනුරුවන්ට ජීවිතය පූජා කිරීමෙන් වන බුදුන් වහන්සේගේ නෙත් සනසන ජය ශ්‍රී මහා බෝධිස බෝධි සංවිධානයන්ගේ ආනුභාව පිහිටත් ඒකාන්තයෙන් සැලසේවා! සියලු දුක් දුරු වේවා.

You might also like
en English
X
X